抖阴社区

?.???????????? ????????

186 21 43
                                    

" යන් යන් මාතරින් ට්‍රිප් එක පාන්දරින්..."

" ගිම්හාන් මේක එක වසරෙන් යන ට්‍රිප් එකක් නෙමෙයි බන්.."

" ආ ඒ කියලා උබ මට කියන්නෙ මල ගෙදරක යනවා වගෙ යන්න කියලද..අනෙ උබ නටාගනින් අයියෙ..."

" ගුඩ්මොනිම් මයෙ සන් කැටේ..."

" හනෙ මයෙ වස්තුවෙ..."

හිමරු තඩි බෑග් එකකුත් දාගෙන බස් එක ඇතුලෙන් මතු වුනාම ගිම්හාන් සීට් එකෙන් නැගිටලා හිමරුව බදාගත්තා..මුන් දෙන්නගෙ විකාර වැඩ බලන් ඉන්න බැරුව තිහෙන් ඔලුව ජනේලෙ ගහගෙන එලිය බලාගත්තා...

අද තමයි එයාලගෙ පලවෙනි මැච් එක තියෙන දවස. ඒකත් කුරුනෑගල..පැය තුනක විතර ගමනක් නිසා උදේ හයට තමයි කට්ටියට ඉස්කෝලෙට ට්‍රැක් කිට් එකෙන්  එන්න කියලා තිබුනෙ.. ගිම්හාන් උදෙන්ම අයියාත් එක්ක ඇවිත් ස්කූල් බස් එකෙ පිටිපස්සම සීට් එකෙන් ඉදගත්තා...

සජිව්යි ආදිත්‍යයි කෙවින් එක්ක බස් එකට නැගලා කට්ටිය ආවද කියලා චෙක් කරාම හරියටම හය වෙද්දි බස් එක ඉස්කෝලෙන් පිටත් උනා..

බස් එක පිටත් වෙනවත් එක්කම පිටිපස්සෙ සීට් එකෙ සෙට් එක එයාලගෙ බජව්ව  පටන් ගත්තා..

" තරු පොට්ටු අහසෙ කඩාල
සරසන්නෙ වරලෙ ගසාලා
සුර අංගනාව වගෙ නේ ඔයා
තනි පිච්ච මලම නෙලාලා
හිත ගත්තෙ සෙනෙහෙ පතාලා
ගිය වන්දනාවෙ වගෙ නිවේ මා...

පලදලා මුතු නිසා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමලියා
පලදලා මුතු නිසා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමලියා..."

ඔය විදිහට සින්දු වල කෑලි කෑලි කිය කිය ටිකක් දුර ගියාම තමයි ගිම්හාන්ට තේරුනෙ අර මිනිස්සු දෙන්නා ඉදගත්ත තැන්වල නේද තාම ඉන්නෙ කියලා...ගිම්හාන් හිමරුගෙ කනට ලන් වෙලා ඒ දෙන්නව පිටිපස්සට එක්කන් එන්න කිව්වාම හිමරු ඒ තත්පරේට ඉස්සරහට ගිහින් දාන්න පුළුවන් සේරම උප්පරවැට්ටි ටික දාල දෙන්නව පිටිපස්සට එක්කන් ආවා...

" අඩො කැපා කියමු සිංදුවක්..."

ටීම් එකෙ ඉන්න ජනිදු කියලා කොල්ලෙක් සජිව් ව දැකලා ඇහුවාම අනිත් කොල්ලො ටිකත් සජිව් දිහා බැලුවා...

You've reached the end of published parts.

? Last updated: May 05 ?

Add this story to your Library to get notified about new parts!

??? ???? ? TK Nonfic ?  ???????Where stories live. Discover now