ටේ...
ටේ......
ටේ...........
මනුස්සයො කන් ඇහෙන්නෙ නැද්ද මම මෙච්චර කතා කරලත්...මොන ලෝකෙද ඉන්නේ...
ඇයි ඇයි කියන්න මම අහන් ඉන්නේ ජිමින්...
නෑ නෑ...ඔයා අහගෙන නෙමෙයි ඉන්නේ...ඔයා ඉන්නෙ වෙන සිහියකින්...මටත් කියන්නකෝ ටේ මොනාද ඕච්චර කල්පනා කරන්නෙ කියලා...
විශේෂ දෙයක් නෑ ජිමින්...
විශේශ දෙයක් නැති වෙන්න බෑ...මූණ දැක්කම කියන්න පුළුවන් ඒක..
අර doctor ලැබ් එකේ කතා කර කර ඉද්දී කොහෙද එකපාරටම අතුරුදහන් වුනේ...
මම කොහෙවත් ගියෙ නෑ ජිමින්...
ටේ...ඔයා මටද බොරු කියන්නේ...මේ ජිමින්ට..ඔයා කාට බොරු කරත් මට බොරු කරන්න බෑ ටේ...ඔයා හැරෙනකොට මම දන්නවා...
හරි හරි..මම පොඩ්ඩක් එහාට ගියා තමයි...ඒ අර ඇරිලා තිබ්බ දොරක් වහන්න...
එච්චරයි ද...
ඔව් ඉතිං..මම ඒක වහල ආයෙ ආවා...
එහෙමනං කමක් නෑ...ඒත් මට ඊට වඩා අවුලක් තියනව කියල මූණ බැලුවම කියන්න පුළුවන් ...මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කියන්න ටේ...මම ඔයාගෙ යාලුවනේ...ඔයාගෙ ප්‍රශ්නෙට මං ලඟ උත්තරයක් නැති වුනත් මට පුළුවන් හොඳ සවන්දෙන්කේ වෙන්න...එතකොට ඔයාට හිතේ තියන බරක් වුනත් නිදහස් කරන්න පුළුවන් ...ඒ නිසා ඔයාට ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන් ...හරිද...
හරි ජිමිනි....
හරි ජිමිනි කිව්වට ඒකවත් ඇහුනද මන්දා...මගේ යාලුවව දෙයියොම බලාගන්න ඕනේ...මම යනවා නිදාගන්න නැත්තං පරක්කු වෙලා ගිහින් අර රාක්ශයා මේ අහිංසකයව ගිලලා දායි...ඔහෙත් කල්පනා සාගරෙන් ගොඩ ආපු වෙලාවක ගිහින් නිදාගන්නවා...මම යනවා යන්න...
Taehyung pov...
ජිමින් කිව්ව දේ හරි මටම දැනෙනවා මගේ හිත ගොඩක් කැලඹිලා කියල ...ඒත් මට ඒක තේරුම් ගන්න හරිම අමාරුයි...නෑ..මට ඒ ඇයි කියල තේරෙන්නෙම නෑ...
විකාර හිතන්න එපා ටේ...ඔයා ඔය හිතිං මවාගත්ත විකාර...හැම වෙලේම වගේ දැනුත් මගේ හිත මගේ හැඟීම් සාධාරණියකරනය කරන්න ලොකු උත්සහයක් දැරුවා...ඒකෙ ප්‍රතිපලයක් විදිහට මම ටික වෙලාවකට Hospital room එක ඇතුලේ හිටපු ආගන්තුකයා ගැන හිතන එකෙන් මිදුනා...ඒත් සදහටම නෙමෙයි..මොහොතකට විතරයි ...මට ඒ ගැන හිතන එක නවත්ත ගන්න බැරි වෙකොට මම තීරණය කලා අනිත් දවසේ ගිහින් කොහොම හරි එයාව බලන්න...
පහුවදා මම hospital එකට ගියේ ඒ ගැනම හිතාගෙන...මගේ වාසනාවටම වගේ අපිට test වගයක් කරන්න ඒ ලැබ් එකටම යන්න අවස්ථාවක් ලැබුනා...බොහොම අමාරුවෙන් ජිමින්ගෙන් ගැලවිලා ලැබ් එකෙන් එලියට පැනගත්ත මම ඉක්මනින් ගියෙ ඊයෙ ඉඳලා මගේ හිතට කරදර කරපු ඒ room එක ගාවට...
ඊයෙ වගේ නෙමෙයි අද ඒ දොර සම්පූර්ණයෙන්ම වහලයි තිබ්බේ...ඒත් ඒක ඇතුලේ ඉන්න කෙනාව බලන්න මට තිබුණ ලොකු වුවමනාව නිසාම දොර ඇරගෙන ඇතුලට යන තැනටම මාව පත් වුනා...
දොරේ අගුල ගාවට මගේ අත යනවත් එක්කම මගේ හදවත ගැහෙන වේගය එන්න එන්නම වැඩිවෙන බව මට හොඳටම දැනුනා...ආයෙ හැරිලා යන්න තිබ්බ අකමැත්ත නිසාම වෙන ඕන දේකට මුහුණ දෙන්න මම Room එක ඇතුලට ගියා...
එයා...ඒ කෙනා අදත් ඊයෙ වගේම ජනේලෙන් එලියම බලාගෙන ඉන්නවා...දුරින් හරිම සන්සුන් කමක් පේන්න තිබුනේ...ඒත් මමනම් හිටියෙ ගොඩක් කලබල වෙලා...මොකද මෙහෙම අවසරයක් නැතිව කෙනෙක් ගෙ කාමරේකට යනව කියන්නෙ වරදක් කියල මම හොඳාකාරවම දැනගෙන හිටියා...
බෑ...අදත් මෙයාව නොදැකනම් මෙතනින් යන්න බෑ මට...එහෙම වුනොත් ඇතුලට ආපු එකෙනුත් වැඩක් නැතිවෙනවා බිම දිහා බලාගෙන මම කල්පනා කරලා ආයෙත් ඒ දිහා බැලුවම මම දැක්කෙ දිලිසෙන ඇස් වලින් මං දිහා බලන් ඉන්න ඒ ආගන්තුක කෙනාව...
Jeon junkook
Age 26
එයා මං දිහා බලාගෙන ඉන්නවා නේද....
ඒ ගැන මට වැඩිය ගානක් වුනේ නෑ...මම කලේ ඊයෙ ඉඳලා දකින්න ආසාවෙන් හිටපු එයාගෙ රූපෙ හොඳට විඳින එකයි...දිලිසෙන ඇස්...දේදුනු වගේ ඇහිබම...ටිකක් සුදු මැලි වුනත් ලස්සන තොල්...පේශන්ට් කෙනෙක් වුනත් බැලූ බැල්මට එහෙම කියන්න බැරි තරම් පිරිපුන් විදිහට එයා හිටියා...
ඒයි මම තමුන්ට කී පාරක් කතා කරාද...කන් ඇහෙන්නෙ නැද්ද...
මම ගැස්සිලා ගියේ ඒ කටහඬින්...එතකොට තමයි මම ඉන්න තැන මට මතක් වුනේ...
මම තමුන්ට කී පාරක් කතා කරාද...ඇයි ඇතුලට ආවේ...
ඒ හඬේ ගැබ්වෙලා තිබ්බ තරහ නිසා බයක් ඇතිවුනත් ගැලවිලා යන්න වෙන ක්‍රමයක් නැති නිසා මම එයාට උත්තර දෙන්න තීරණය කලා..ඒ වෙනුවෙන් බොරු දහස්ගානක් මගේ හිතේ හැදුනත් බය නිසා පැටලෙන වචන මට ඳ්‍රෝහි වුනා...ලොකු හුස්මක් අරගෙන මම ආයෙමත් පැටෙන්නැතුව බොරුව කියල දාන්න පටන් ගත්තා....
සර් සමාවෙන්න...මම මෙහෙ train වෙන්න ආපු කෙනෙක්...ලැබ් එකෙන් කිව්වා යූරීන් ටෙස්ට් එකක් කරන්න තියනවා room 16 පේශන්ට් ගෙන් සාම්පල් එකක් අරන් එන්න කියල ...මට room එක පැටලුනා සර්..මම යන්නම්...
Ohhh...ඇත්තට..
හරි මම ඔයාගෙ බොරුව විශ්වාස කරා...ඒත් doctor කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් වෙච්ච ඔයාගෙන් මම ඊට වඩා ලොකු බොරුවක් බලාපොරොත්තු වුනා..room 16 හිටපු පේශන්ට් පෙරේදා මැරුනා..ඒ රූම් එකේ දැං කවුරුත් නෑ..ඔයාට යන්න පුළුවන් මෙතනින්...
එයා කියල ඉවර වෙනවත් එක්කම ආචාර කරල මම එතනින් ගියා...ගියා නෙමෙයි මම එතනින් දිව්වා..මට පුළුවන් කමක් තිබ්බා නම් මම ඊට කලින් අතුරුදහන් වෙනවා..බයටම මගේ අත් දෙකත් සීතල වෙලා ගිහින් ...ඒත් දැං හරිනෙ ආසාව...මූණ බලාගන්නනේ මෙච්චර නැටුවේ...මගේ හිත පුරුදු විදිහට මට ලැජ්ජ කරන්න පටන් ගත්තා...ඒත් කොහොම හරි මට වුවමනා වෙලා තිබ්බ විදිහට මම එයාව බලාගත්තා..එයත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වුනත් මට එයාව ගොඩක් හුරු පුරුදු කෙනෙක් විදිහට දැනෙනවා...එක්කෝ එයා කලින් ආත්මෙක මගේ ලඟම කෙනෙක් වෙන්න ඇති...එහෙම බැඳීම් පස්සෙ ආත්ම වලත් අපිට දැනෙනවා කියල මම අහලා තියෙනවා...
ඒත් අද වෙච්ච දේවල් වල හැටියට ලැජ්ජාවක් තියන මනුස්සයෙක් නං ඒ පැත්තට යන්න තියා හිතන්නෙවත් නෑ...වෙලාවම මට එහෙම එකක් නැත්තේ.....
එහෙමත් හිතන ගමන් මම ආයෙත් ලැබ් එක පැත්තට ගියේ වැඩ දාහක් තියෙද්දී අර කොල්ලගෙ මූණ දැක්ක එක ගැන සතුටු වෙනගමන්..