හිතුවක්කාර හිත් .ᵁⁿʳᵉˡᵉⁿᵗⁱⁿᵍ...

By _SeeMyPage_

85K 8.8K 3.9K

මන් ඔයාට ආදරෙයි... හැබැයි ඔයා මට ඕනේ කියලා හිතුනොත්...මගෙන් ගැලවෙන්න බැරි වෙයි ඒ නිසා පරිස්සමින්... සමහර විට... More

හැදින්෶ීම...
..........
01.
02.
03.
04.
05.
06.
07.
08.
...........
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.
31.
හැදින්වීම 2.
32.
33.
34.
35.
36.
37.
38.
39.
40.
A/N
41.
42.
43.
44.
45.
46.
47.
48.
49.
50.
51.
52.

18.

1.4K 164 45
By _SeeMyPage_

"සෙනු pov:"


ආසයි ඔයාව මගේ වෙනවාට
රෝසයි මූණ ආලේ පිරුනාම
ආසයි ලග ඉන්න මම තුරුලෙම ඔබේ
නැ වෙන කවුරුත්ම ඔබවාගේ ලස්සන

මගේ හිනේ ඔයා වී
ඒ හිනේ සැබැ වී
අපි අතිනත ගනීවී
අපේ ආදරේ දිනාවී

මගේ දෝ....

මැණික එන්නකෝ

යුවේන් කොහෙද අදින්නෙ මෙතන කට්ටියත් ඉන්නවා

උන් හිටපුවාවේ

'මේ මිනිහා නම් අනේ මන්දා උදේ පාන්දර හොද අඩව්වක් අල්ලලා ඉන්නෙ මාවයි යොමාල්වයි එයාලගේ බස් එකට ගන්න අන්තිමේට සුදු මැදිහත් වෙලා තමයි අපි දෙන්නව බස් එකට දැම්මේ අපේ බස් එකේ ඉඩ නැ ඒ නිසා මේ මල්ලිලා දෙන්නවත් ගන්න කියලා බොරු කියන්න ඕන නෑනේ මන් ආපු වෙලාවේ ඉදන් රකිත අයියගේ ඇස් තියෙන්නෙ අපි දෙන්නා ලග ඒක ටිකක් අමුතුයි වගේ එහෙම තියෙද්දි මේ මිනිහා මට බස් එක ඇතුලෙවත් ඉන්න දෙන්නෙ නැනේ... රකිත අයියා hp නිසා අනිවාරෙන් අපිත් එක්ක යන්න ඕන මගේ මනුස්සයා නම් ඒකට එච්චර කැමති නැ මොන තරහක් අර කොල්ලා පිටින් යවනවද දන්නෙ නැ...'

යුවේන් පිටි පස්සෙ දොර අරින්න එපා කිව්වා නේද?

අවුලක් නැ අපේ උන් ටික විතරයි ඇහැරලා ඉන්නෙ ඉස්සෙරහා උන් තාම නිදි මතේ ඉන්නෙ

ඒත් අවුලක් උනොත්

පණ්ඩිත නොවි ඉන්න මැණික

'මෙයාට කියලා වැඩක් නැ මන් දැක්කා අපි මෙතනට එද්දිම රකිත අයියා ඉස්සරහට යනවා එයාට මොකුත් කියන්න බැරි නිසා ෂුවර් එකටම සර්ට හරි මිස්ට හරි කියන්න වෙන්න ඇති ඇයි මගේ මනුස්සයා වලි කාපර්නේ දැන් ඉතින් දෙන්නම බැනුම් අහපන්කො... ඒ මදිවට මෙයා මාව බැක් හක් කරගෙන මෙහෙම යද්දි ආසයි තමයි ඒත් අපි ගැන කට්ටිය දන්නෙ නැති නිසා පොඩි බයක් නැත්තෙම නැ හැබැයි මොනා උනත් යුවේන්ට ඒක අදාල නැ කියලත් මන් දන්නවා'

මොනාද ඔච්චර කල්පනා කරන්නෙ

මෙහෙම යද්දි හිතනට සැහැල්ලුවක් නිදහසක් දැනෙනවා මේ කවුරුත් නැතුව අපි දෙන්නට විතරක් මෙහෙම යන්න තියෙනවනම්

ම්ම්ම් මටත්

මටත්?? මොනාද?

ඔයාව කවුරුත් නැති තැනක හන්ගන්න හිතෙනවා

විකාර...

ම්ම්ම්

ලව් කරලා ඉවර නම් දෙන්නම එනවා උඩට ඔය දොර වහන්න

තේමිය....

'අම්මෝ මන් ඒත් බැලුවා මොකාද ටකේ හොලවන්නෙ කියලා තේමිය අයියා අපි මෙතනට එද්දි ඩොල්කියක් උස්සන් හිටිය එකා මෙතනට ඇවිත් අපිට වද දෙනවා මට කේන්තියටම මන් රැව්වා'

රැව්වට වැඩක් නැ කොල්ලො රිෂි මිස් තමයි කිව්වේ එයා එන්න කලින් දෙන්නට උඩට ඇවිත් දොර වහන්න කියලා

එයා කොහොමද දන්නෙ

දන්නෙද අපේ hpගේ හොද කම තමයි ඌ ගිහින් කියලා උබලා දෙන්නා දොර ඇරියා කියලා මිස්ට... ඊට පස්සෙ තමයි මට කතා කරලා කිව්වේ

උබට ඇයි රෂ් කොහෙද?

'මටත් තිබ්බ ප්‍රශ්නෙම තමයි යුවේන් ඇහුවේ සුදු සාමාන්‍යෙන් රෂ්ට තමයි ඔය වගේ දේවල් කියන්නෙ'

ඌ ෆෝන් එකත් ඕෆ් කරගෙන පිටිම පස්සෙ ෂිට් එකට වෙලා යොමාල් වත් බදාගෙබ බුදි මිස් ඒක දැකලා කියපල්ලකො

ඉතින් අරුට ගැහුවද හොද වැඩේ ඕකට මන් කිව්වා සුදුව අවුස්සන්න එපා කියලා බල්ලා

මැණික....

ආ මේ මන් හී හී රෝන් සයිඩ්

හ්ම්ම්... ගැහුවේ නැ ආයි පස්සට ආවොත් කොහොමත් ඌට ගුටි කන්න වෙනවා කියලා තමයි මට කතා කරේ දැන් වත් වරෙන් බන් දෙන්නත් එක්ක

එන්න මැණික මුන් ඉන්නකම් අපිට නිදහසේ ලව් කරන්න වෙන්නෙ නැ

ඒක නම් ඇත්ත අප්පා ඔයත් කවුරු හරි හොයා ගන්නකො අයියේ

නැතුවට කමක් නැ

මූට එකක් නැ බන්..

අහ්..

පිස්සුද කේෂ් එහෙම නැ මල්ලි මුගේ බොරු උබේ ජාතකේ අහගන්න ඕනද කේෂ්

ඒ මොකක්ද තේමිය අයියේ

මල්ලි මු හිටියට

මෙහෙ එන්න මැණිම මුට ඇති කෙල්ලෙක් නැ මන් නිකන් කිව්වේ නැද්ද තේමිය

එහෙම වරෙන්

ඒත්...

'ඔලුවත් එක්ක විකාර වෙනවා මෙයාල එක්ක කතා කරන්න ගියාම මේ තුන්දෙනාට නම් හොදම එකෙන් ට්‍රැක් අවුල් නැත්තම් මෙහෙම හැසිරෙයිද කමක් නැ මොනා උනත් මගේනේ'

.

.

.

.

.

'අපි මුලින් ආවේ ගාලු කොටුව බලන්න අවුලක් නැ එතන ලස්සනයි තව තැන් ගොඩකට අපි ගියා වෙලාවකට යුවේන්ගෙ වැඩ වලට මට කේන්තිත් යනවා කොතනට ගියත් මොනා හරි පොඩි දෙයක් මට අරන් දෙන්න එයා අමතක කරේ නැ ඒ එයාගේ සතුට තමයි ඒත් ඉතින් එහෙම ඕන නෑනේ කොහෙද කිව්වට තේරුම් ගන්නෙ නැ මොනා හරි කිව්වම ඇගට ගොඩ වෙන්න නම් දන්නවා එයාගේ ක්ලාස් එකේ වගේම අපේ ක්ලාස් එකේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් උනා මායි යොමාලුයි මෙයාල තුන්දෙනත් එක්ක ඉන්න එක අන්තිමේට සුදුට ඒක තේරිලාද කොහෙද යොමාල්ටයි මටයි පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කිව්වා ගුරුවරයෙක් කියන දෙයක් අහන එකෙද්ද ඉතින් මේ උන්ට ඕන දෙයක් හිතා ගන්න කියලා තාම අපි එකට '

ලමයි එහෙනම් ඔයාල රූම් වලට යන්න අවුලක් නැ නේද එක රූම් එකක පස්දෙනා ගානේ ඉන්න එක බජට් එකට ගැලපෙන්න තමයි ගෙස්ට් හවුස් එක ගත්තේ

ඒක නම් කමක් නැ මිස් ඒත් ඇයි කේෂ්ලා එක්ක මල්ලිලා දෙන්නෙක් දැම්මේ ආවේත් අපේ බස් එකේ

ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ දුව මොකද ඔයා ගැනු ලමයෙක් ඔයාට එයාලගේ රූම් එක ශේයා කරගන්න බැ නේද ඒ ලමයි ගොඩක් ලගින් අදුරනවා එකට හිටියා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ ඔයා දුක් වෙන්න එපා ඒ නිසා

සොරි මිස්

හරි ලමයි ඔයාල ගිහින් ෆෙෂ් වෙලා එන්න අපි කෑම කලා ගිනි මැලේ ගහමු මතකනේ අපේ ස්කොලේ නම්බුව එක ඒක කන වැඩක් නම් මෙතනින් යනකම් කරන්න එපා ලමයිනේ

සර් බය වෙන්න එපා අපි හොද ලමයි

ඔව් ඔව් උබලා තරම් හොද උන් කොහෙවත් නැ

'අම්මෝ සික්සර් සුදුත් ඉදලා ඉදලා කතා කරාම ඉවරයි ඉතින් ඇත්ත තමයි ඒකිට මොන අමාරුවකට අපි කොහේ නිදා ගත්තත් හරියට එකීගෙ කාමරේට ආව වගේ'

ඔච්චර රවන්න එපා ලමයෝ කවුරු හරි දැක්කොත් බය වෙයි

ඇයි ඔයාගේ ක්ලාස් එකේ කුමාරිකාවන්ට රවද්දි ඩෝන් යනවද?

පිස්සුද උබ ඕන තරන් රවාගනින්

කේෂ් මන් උබට කිව්වා නේද පැහැසිට කැමති කියලා දැන් හිතෙනවා ඒ අදහස අතහැරලා දැම්ම නම් හරි කියලා

ඒ මොකද?

නැ බන් එහෙන් උබ අරහෙන් රෂ් ඇයි බන් මමත් උබලා වගේ දුක් විදින්නෙ

උබ දන්නවද ඒ පුංචි බැනුමක් ඇතුලේ රැවිල්ලක් ඇතුලේ මහ ගොඩක් ආදරේ තියෙනවා බන්... මචන් තාම උබ ඒ මොකක්ද කියලා දන්නෙ නෑ හැබැයි ඔය හිතෙන් ඇත්තටම ආදරේ කරන්න ගත්ත දවසට උබට ආදරේ කියන එක තේරෙයි...

.

.

.

.

නෙලීෂ ඔයා කෑවද?

ඔව් අයියේ

ම්ම්ම් මොකද වෙනදා වගේ කතා කරන්නෙ නැත්තෙ අයිතිකාරයා එපා කිව්වද?

එහෙම නැ අයියේ අපිට ඇත්තටම කතා කරන්න වෙලාවක් හම්බවුනේ නැනේ

ඒකත් ඇත්ත.... මේක ඔයාට

අහ්.. මට?

හ්ම්ම් ඕක දැක්කම මට ඔයාව මතක් උනා ආවට මොකුත් අරන් දෙන්න බැරි උනානේ

'ඒක පොඩි ඩ්‍රිම් කැචර් එකක් පොඩිමත් කියන්න බැරි ලොකුමත් කියන්න බැරි හරි ලස්සන ඩ්‍රිම් කැචර් එකක් එපා කියලා තවත් මේ මනුස්සයාව රිද්දන්න මට ඕන නැ අනිවාරෙන් යුවේන් මේක දැක්ක ගමන් කේන්ති ගන්නවා ඒත් අපි රණ්ඩු ඉනත් ඒක දන්නෙ අපි දෙන්නා විතරනේ'

තැන්ක්යු අයියේ මේක හරිම ලස්සනයි හැබැයි මට ඔයාට මොකුත් ගන්න මතක් උනේ නැ

කමක් නැ කොල්ලො මට මතක් උනානේ

ම්ම්ම්

රූම් එකට යන්න නේද හැදුවෙ ගිහින් එන්න

.

.

මැණික මේක ලස්සනද?

ලස්සනයි හැබැයි රැ වෙද්දි සීතල වෙයි ඒ නිසා දිග ඇදුමක් අදින්නකෝ

ඔව් නේද එහෙනම් අපි දෙන්නම් දිග එවා අදිමු

අයියෝ මට සීතල පුරුදුයි යුවේන් ඔයා අදින්න

ඇත්තද මැණික එහෙනම් ඔයාට අමතක වෙන්න ඇති මටත් සීතල පුරුදුයි කියලා

'ඇයි සෙනු උබ මෙච්චර මෝඩ වෙන උන් ඉන්න නිසා ඒ මසල්ස් වෙන කවුරු හරි දකි කියලනේ එහෙම කිව්වෙ මට වගේම එයාට සීතල කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි'

මූණ අවුල් කර ගන්න එපා අත් දිග ටීෂට් එකක් අදින්නම් ම්ම්ම්

හ්ම්ම් මන් ආදරෙයි

මාත් ආදරෙයි මගේ මැණිකට

'මෝඩයා මටත් ඇන්දුවානේ කොහොම හරි දිග ඇදුමක් මදුරුවෝ කයි කියලා ඒක හොද හේතුවක් මමත් මුලින් කියන්න තිබ්බේ එහෙනම් ඉතින් චාටර් වෙන්නෙ නෑනේ'

.

.

'අපි යද්දි කට්ටිය වාඩි වෙලා සින්දු කියනවා හරිම ලස්සයි මෙතන... පැයක් විතර සින්දු කිය කිය කට්ටිය විනෝද උනා දැන් නම් ගොඩක් අය නිදා ගන්න ගිහින් එතනින් වැඩිම හරියක් කෙල්ලො අවුලක් නැ මුලදි තිබ්බ ගැම්ම තාම එහෙම්මමයි'

අඩෝ අපේ hp ට සින්දුවක් කියන්න කියපන් නැත්තම් වැඩකුත් නැ බන්

උබලා කියපන් මට මූඩ් එකක් නැ

රකිත පුතාට සින්දු කියන්න පුලුවන්ද?

මිස්ට කියන්න මු මේ හිටියට නියම බුලට් එක

වාව් මරුනේ එහෙනම් එක සින්දුවක් කියන්නකො දරුවෝ

"රෂ් pov:"


'එහෙනම් එක සින්දුවක් කියන්නකො දරුවෝ තමයි මේ හිටියට මටත් හොදට සින්දු කියන්න පුලුවන් හිටපන්කෝ මූ ඉවර උනාම මාත් කියනවා ඇයි යකෝ'

පොරොන්දු වෙන්නම් සන්සාරෙ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මා එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපිටම පමනක් අයිති
නැවතුමකදී කොහේ හො හමු වී
විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත සමහර තැන්වල මුන ගැහුනත් මේ ලෝකෙ
හැම හමුවීමම කෙලවර වන්නෙ
හිමිවීමෙන් නොව අවසානෙ

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හන්ගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්...//

ඇහිපිල්ලන් යට හන්ගා දෑසෙ
විදගමු අපි මේ සන්සාරෙ
පමාවුයෙ ආදරේ රිදුම්
සිනහව පානා ඒ සුසුම්
දරාන ජීවිතෙ ගිමන්
මේ බවේ ඉමු අපි පේන මානයෙන්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හන්ගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...//

වාව්....

'"සෙනු pov:" 'ඒක නම් ඇත්තටම හිත නිවන කටහඩක් මීට කලින් රකිත අයියා කියන සින්දු මන් අහලා තියෙනවා නැ නෙමෙයි හැබැයි අද ඒ සින්දුව පුරාම එයාගේ හැගිම් වලින් වැහිලා ගිහින් සවන්දීම හොද ඕන කෙනෙක්ට තේරෙනවා එයා ඉන්නෙ ලොකු දුකක් හිතේ හන්ගන් කියලා සමහර තැන් වලිදි ඒ ඇස් මගේ දිහාට අවා තමයි ඒත් හිතක් පපුවක් නැ වගේ ඒ ඇස් මම මගහැරියා මුල ඉදලම මම එයාට පුංචිම ඉගියක්වත් දුන්නෙ නැ ඉතින් ඇයි දැන් මම එහෙම කරන්නෙ'

ඇත්තටම ලස්සනයි දරුවෝ

තැන්ක්යු මිස්

මිස් අලුත් නිසානේ පුදුම උනේ ස්කෝලෙ මොන ෆන්ෂන් එක තිබ්බත් අපේ එකාගේ සින්දුවක් අනිවාර්යයි

රකිත ගිටාර් එක දීපන්

රෂ් අයියේ ඔයා සින්දු කියන්නද යන්නෙ

මගේ මිනු බබා කැමති නැද්ද මන් සින්දු කියනවට

ආ කණ අස්සෙ කියවන්න එපා

රවද්දිත් ලස්සනයි

එහාට්ට වෙලා ඉන්නකො මිස් දෙතුන් සැරයක් මේ පැත්ත බැලුවා

ඉතින් එයා බැලුවා කියලා මම මොනා කරන්නද ම්ම්ම්

ඔයා නම් හරිම මෝඩයි...

ඉස්සර වගේ මගේ හුරතලේ

අනේ අයියේ...

ඔයා වෙනුවෙන්

මොකක්ද?

නුඹේ ඇස් මා දැකලා
නුඹ ලගටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ//

ආදරයේ අර්ථෙද මේ
නුඹ දැක මටමයි හැගුනේ
හැම රැය මේ නුඹෙ රුව මේ
මගෙ හදවතේ ඇදුනේ

දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ
පෙර දිනයකි නොවිරු විනා මට මාවම දැනුනේ
දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ
පෙර දිනයකි නොවිරු විනා මට මාවම දැනුනේ

මුළු දිවියම නුඹ හට බාරයි සියුමැලියේ
ඔය සුවද මේ මා ලග තවමත් රැදිලා තියේ

ආදරයේ අර්ථෙද මේ
නුඹ දැක මටමයි හැගුනේ
හැම රැය මේ නුඹෙ රුව
මේ මගෙ හදවතේ ඇදුනේ

මගේ මේ හිත හැඩුවා
නුඹවම ඉල්ලා
හැමදාමත් නිදි නැති රෑ
නුඹවම සෙව්වා

ඔබ මැවූ මගෙ සිහිනයෙ
දිවිය ගෙවනවා
හැම මොහොතෙම මගේ ලග
වගේ දැනෙනවා

ලස්සනයි

මන් දන්නවා මිනු බබා

මිස්ට කියන්න මේ ඉන්නෙත් අපේ හොද ගායකයෙක් තමයි නැද්ද රෂා

හ්ම්ම් රෂ් ඔයා නියමයි පුතා... ඕකේ කාටද තව ලස්සනට සින්දු කියන්න පුලුවන්

.

.

.

.

.

.

.

"යුවේන් pov:"


මොකද උනේ...

එයාට හොදටම උණ මිස් මට තේරෙන්නෙ නැ මොනාද කරන්න ඕන කියලා

දෙයියනේ ම් මේවා එතකොට

චාටස්.... චාටස්....

උබ මොකද රෂ් කම්මුලට අත තියා ගත්තෙ අරුනේ ගුටි කෑවේ

ඊලග කම්මුල් පාර මට කියලා මතක් උනාම නිකම්ම අත ගියා බන්

මේවට මොකුත් කියලත් බැ නොකියත් බැ

කොයි වෙලාවේද තොපි මේ වගේ ගොන් බූරු වැඩක් කරේ

සොරි

සොරි යකෝ තාම 18යි නේද වයස ඇයි බන් උබලා මට මෙහෙම ගින්දර දෙන්නෙ ලව් කරන්න එපා කිව්වෙ නෑනේ මන් උබලට සෙනු කො නැකිටින්න බලන්න

එයාට නැකිටින්න බැ

කේෂ් උබ කටවහගනින් දෙන්න හිතෙනවා හිච්චි අක්බර්ට අර තේමිය කියනවා වගේ... කෝ තොපි තුන්දෙනා මෙහෙ වරෙන්

රෂ්ව අතහරිමු ඌට කොහොමත් මොලේ නැ ඔය ලමයි දෙන්නටත් මොලේ නැද්ද?

අපි මෙච්චර දෙයක් හිතුවේ නැ මිස්

දැන් ඉතින් උන දේ උනා කොහොමත් මන් කියන දේ අහන එකෙක් වත් නෑනේ

'ඒ නම් මට නෙමෙයි බැන්නෙ අරූටද කොහෙද.... මෙතනදි මිස් හරි මට මීට වඩා හිතන්න තිබුනා පව් මගේ කොල්ලා මෙච්චර අමාරුවෙයි කියලා හිතුවේ නැ අනික කොච්චර බැන්නත් මිස් අපිව බේරනවා කියලා මන් දන්නවා'

හලෝ සර් මන් ඉනාරා ඔව් සර් මන් ගත්තේ පොඩි හදිස්සියක් වෙලා

'මන් හිතුවේ අපිව බේරයි කියලා මෙයා ඇයි මේ ප්‍රින්සිපල්ට කතා කරේ නැ නැ මට නැත්ත එයා සෙනුට ආදරෙයි'

ඔව් සර් එක පාර උණ ආවේ නැ නැ ඒ ලමයයි එයාගේ යාලුවොයි විතරක් මන් ආයි එවන්නද මේ ලමයිගේ ගෙවල් වලට මට කතා කරන්න පුලුවන් සර්

........

ඔව් සර් මගේ ක්ලාස් එන ලමයි පස් දෙනෙක් ඉතින් මන් හොදට අදුරනවා ඔව් දැනටම ඒ පුතාගේ අයියා එහෙන් පිටත් වෙලා

........

මෙයාලටත් යලුවා නැතුව ට්‍රිප් එක යන්න බැ කිව්ව නිසා තමයි මන් සර්ට කතා කරේ හරි සර් තැන්ක්යු මන් බලා ගන්නම්

මේ මිස් අපි තුන්දෙනා මොනා කරාටද?

පස්දෙනාම ගෙදර යන්න ලැස්ති වෙනවා කේෂ් අයියට කෝල් කරලා එන්න කියනවා වැඩ නැතුවට වැඩ මටත්... සෙනු හිම්මින්චා වගේ හිටියට කමක් නැ ගෙදර යමුකෝ පුතේ උබට මන් දෙන්න

එයාගේ වැරද්ද

තනි අතින් අප්පුඩි ගහන්න බැ කේෂ් මාව තම්බන්න ඔය ලමයිගේ ලුනු ගොරකා මදි

මිස්

මොකද......

න් නැ අපිත් යන්නම්

.

.

.

.

.

.

.

.


Don't copy my Story.🚫

_𝓝𝓮𝓽𝓱𝓾_🍃🐸
_SeeMyPage_

කතාව හොද නම් vote එකක් comment එකක් දාගෙන යන්නෝ......🌝

Continue Reading

You'll Also Like

8K 589 27
ඇතුගල්පුරවරයේ අසම්මතය යන නම් දරාගත්, "ප්‍රේමයත් ප්‍රේමයේ වේදනාවත්, ප්‍රේමයයි කියා පටලවාගත් මිත්‍රත්වයත්,ප්‍රේමයයි කියා මවාගත් ආත්මාර්තකාමීත්වයත් සතු...
50.3K 1.3K 101
ဒီဇာတ်လမ်းလေးကတော့၊ စာရေးသူရဲ့ အတွေးစိတ်ကူးယဥ် သပ်သပ်သာဖြစ်ပြီး၊ ဇာတ်လမ်းပါ အကြောင်းအရာနှင့်၊ ဇာတ်လမ်းထဲက ဇာတ်ကောင်းအားလုံးရဲ့ ဒိုင်ရာလော့တွေကအစ အမည်...
85K 8.8K 57
මන් ඔයාට ආදරෙයි... හැබැයි ඔයා මට ඕනේ කියලා හිතුනොත්...මගෙන් ගැලවෙන්න බැරි වෙයි ඒ නිසා පරිස්සමින්... සමහර විට හොදයි කියන සම්මතේට වඩා ලස්සන ආදරයක් අසම්...
37.9K 2.8K 52
ආර්ශ් අයියා ඇත්තටම හිනා වෙන්නේ කළුපාට ඇස් වලින්