මන් කාමරේට ඇවිත් තරහින් පුපුර පුපුර හිටියා.. මන් වටේ තියෙන ඔක්කොටම මන් රැවුවා.. මගේ අල්මාරියට, පොත් මේසෙට, සිවිලිමට, තව බිත්තියෙ ගහපු මගේම ෆොටෝ එකටත් මන් රැව්වා... ඒ ෆොටෝ එකට නම් රවන්නෙ නැතුවම බෑ... ඒක මට හිනා වෙනො.. මට ඒ නෝන්ඩි හිනාව ඇල්ලුවෙම නෑ... අන්න අන්න ඉතින් දත් නැතුව බත් කන්නනෙ ඔය දඟලන්නෙ.. 😒ආපු තරහට ඒක බිම දාල පාගල පොඩි කලර දාන හිතුනත් කොහොමද දෙයියනේ මගේ මූනටම එහෙම කරන්නෙ කියල මන් අන්තිමට හිත හදා ගත්තා...
පණ්ඩිතකමට නොකා ආවට මොකද දැන් නම් බඩේ පණුවො සෙට් එක මාව තම්බන් කන තත්ත්වයක් තියෙන්නෙ.. උන් ටික කෑම ඉල්ලල ස්ට්රයික් එකක්.. මන් ඒ අස්සෙ කෑම එපා කියල උපවාසයක්.. කොයිම වෙලාවක හරි මට මගේ සටන නවත්තල පණුවන්ට යටත් වෙන්න වෙනව කියල මන් දැනගෙන හිටියෙ.. ඒ උනත් ඉතිම් ගස්සගෙන පද්දගෙන ආපු විදිහට දැන් කෝමද ආයෙම ගිහින් කෑම කන්නෙ.. අජුම්මටවත් මන් ගැන අනුකම්පා හිතිලා කෑම එක රූම් එකට ගෙනත් දේවිනෙ...
මන් හිත හිත ඉන්නකොට රූම් එකේ දොර ඇරෙන සද්දයක් ආවා..අජුම්මා කෑම එක අරන් එනව ඇති කියල දත කට මැදගෙන හිටියත් ඇතුලට ආවෙ හරබොජි කියල දැක්කම නම මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා නැති භංගස්ථාන වෙලා ගියා.. ඒකත් එයා ආවෙ අත් දෙක වන වන කෑම එකවත් නැතුව කියල දැක්කම මගේ මූන නිකම් පයින් ගාහපු අටපට්ටමක් වගේ ඇද වෙලා චොර වෙලා ගියා..
👴"ස්නේකී... ඔමො.. මගෙ ප්රින්සස්.. මෙහෙ බලන්නකො.."
මෙයාගෙ බටර් බලාපල්ලකො.... ඕවට හල්මොනි (ආච්චි) අහු උනාට මාව නම් අහු වෙන්නැ...😒😒
🔹"මන් තරහයි.. හරබොජියි අම්මයි මාව එලවනවනෙ..."
👴"අනියො.. (නෑ) අපි ඒම කරනවද අපේ දඟමල්ලට.. ඩේසි ආන්ටි පව්නෙ..ස්නේකියා.."
🔹"මන් රැවටෙන්නැ ආයෙ ඔයාලගෙ බටර් වලට.. එයා ඩේසි උනත් දාස්පෙතියා අටපෙතියා, සූරියකාන්ත, ලිලී ඇන්තූරියම් තියා කිඩාරන් මලක් උනත් මට කමක් නෑ.. මන් යන්නෙ නෑ..නෑ...නෑ.. නෑ... නෑමයි... මන් අන්තිම හුස්ම වෙනකන් මේකට විරුද්ධව සටන් කරනවා.. ඔව් ඇත්තමයි.. මේක... මේ...මේක.. ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයක්.. පොඩ්ඩක් ඉන්න.. කොරියාව එහෙම එකක්ද..ආහ්.. කමක් නැ.. එහෙම නොවුණත් මට මොකද.. ඒකෙන් මට ඇති වැඩක් නැනෙ...මේක මේක.. ත...තනිකරම මානව හිමිකම් කඩ කිරිමක්.. මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.. මන්.. මේක ලේසියෙන් අතාරින්නැ... ඔව්... මන් යන්නෙ නැ මයි...😣😣"

YOU ARE READING
? Snakey ? [COMPLETED]
Fanfiction"???????? ??? ??????.. ????? ???? ?????? ????? ????? ??? ??????.. ??? ????? ???? ?????? ??? ??? ???? ?????..." Fan Fiction only ? ??????? ????? ??????