මාත් ඉක්මනින් ඒ ගේට්ටුව පැත්තට යන්න හැදුවත් එකපාරටම මන් දැක්කෙ සෙයුල්ගිව... සෙයුල්ගි හිටියෙ තනියම නෙවෙයි ඊයෙ මන් දැකපු කොල්ලත් එක්ක.. මගෙ ඇස් ඉස්සරහම සෙයුල්ගි ඒ කොල්ලව කිස් කලේ මාව ගල් වෙලා යද්දි.. මේ දේ වෙනවා කියල මන් දැනගෙන හිටියා.. කවදා හරි දවසක මේ දේ මට දකින්න වෙයි කියල හිත කිව්වත් මට ඒ දේවල් පිලි ගන්න ඕනිකමක් තිබ්බෙ නැ.. මන් මගේ හිතම රවට්ට ගත්තා... සෙයුල්ගි වෙන කෙනෙක්ට ආදරෙ කරන එක මට වේදනාවක් උනත් ඊටත් වඩා මට වේදනාවක් දුන්නෙ සෙයුල්ගි මේ දෙවල් මගෙන් හංගගෙන තාමත් මට ආදරෙ කරනව වගේ රඟපාන එකයි..
.
.
.
.
.
Snakey prov..මන් AM house එකට ගිහින් ඔටාෂාවත් බලල ආයෙම මගෙ apartment එකට ආවෙ කලබලෙන්.. මහන්සිය නිසාම දාගෙන හිටපු සපත්තු කෑලි දෙක ප්‍රක්ෂේපණ මාර්ග දෙකක ප්‍රක්ෂේපණය කරවල ඇදන් හිටපු ඇදුම් පිටින්ම වාඩි වෙලා අහස පොලව නූල් කෑල්ලකින් ගැට ගහන තරමට කල්පනා කර කර හිටියෙ ඔටාශා ගැන..
"මෝ...? ඒක කොහෙද... අනෙ ඒක නැනෙ...😓😓 අප්පා... අනෙ ඒක නැති වෙලා.."
පුරුද්දට වගේ මට ප්‍රශ්නයක් ආවම මන් මගෙ බෙල්ලෙ තියෙන අප්පගෙ රින්ග් එක අතින් අල්ලනවා.. මන් ඒක අල්ලගෙන අප්පට හිතින් හැමදේම කියනවා..එත් අද... ඒක නැති වෙලා.. මට අප්පගෙ කියල තිබුණු එකම දේ ඒක... අප්ප මාව දාල ගිය දවසෙ ඉදන් අද වෙනකන් මන් ඒක බෙල්ලෙන් ගලවල නෑ.. ඒත් දැන් ඒක නැත්තටම නැති වෙලා...
"අප්පා ඔයා ඒක ආයෙම ඔයා ළඟට ගත්තද...😢😭 අප්පා මට ඒක විතරයි තිබ්බෙ ඔයාට ළන් වෙන්න..... අප්පා... ඔයා මට සමාව දෙන්නෙම නැද්ද... අප්පා... සරන්හේ... නා චින්චා සරන්හේ... අප්පා..
බොගොෂිප්පෝ..(miss you)..."මට පිස්සු හැදුනෙ නැති එක විතරයි.. බලන්න පුලුවන් හැම තැනකම පිස්සෙක් වගෙ ඒක හෙව්වත් මට රින්ග් එක හොයා ගන්න බැරි උනේ අන්තිමට ඒක හොයා ගන්න තිබුණු අන්තිම බලාපොරොත්තුවත් නැත්තටම නැති වෙලා යද්දි... AM house එකට කෝල් කලත් එකෙ අජුස්සිත් කිව්වෙ ඒක එහෙ නැ කියල...
"හිත හදාගනින් ස්නේකියො.. අන්තිමට උබට ඒකත් නැත්තටම නැති උනා.. එක තියා ගන්න උබට අයිතියක් නෑ...😓😓"

YOU ARE READING
? Snakey ? [COMPLETED]
Fanfiction"???????? ??? ??????.. ????? ???? ?????? ????? ????? ??? ??????.. ??? ????? ???? ?????? ??? ??? ???? ?????..." Fan Fiction only ? ??????? ????? ??????