抖阴社区

Episode 12 ?

1.6K 384 234
                                    

🔹"යා... මින් යුන්ගි.... දොර අරිනවා.. මින් යුන්ගී... දොර අරිනව බූරුවෝ... හැලපයා... කන් බීරිද...?  හැල්මොනිගෙ චීත්තෙ... අල තම්බනවද ඒයි... මේක අරිනවා... තාරා හොට ප්ලැටිපසා...😤😤 ඒයි අලි ඔළුවෝ... මෙතන ජීවිත හානියක් වෙන්න යන්නෙ තමුසෙ නිසා.. මේක අරිනවකෝ... යා... අලි ඔළුවා............"

මන් කෑ ගැහුවත් අන්තිමට කියපු වචන  ටික මතක් වෙනකොට මට හීන් දාඩියත් දැම්මෙ අර යකාගෙ හීනි වෙලා පිය වෙලා ක්ෂීණ වෙලා යන ඇස් ගෙඩි දෙක මතක් වෙලා..

"අලි ඔළුවා...."

මල ජංජාලායයි.. ඕක ඇහුනා නම් ඔය ගස් වටුවා මගෙ කට්ටේ තියෙන කෘන්තක, රදනක, චාර්වක, පුරස් චාර්වක , දත් ටිකට අමතරව හදිස්සියකට කියල තියන් ඉන්න extra දත් දෙයි එක්ක උඩු හනුවයි යටි හනුවයි දෙකම අතට අරන් දෙයි ඒවගෙ ලස්සන නරඹන්න.. මන් වටපිට බැලුවෙ එල්ලෙන්න ගහක් වැලක් වත් ළඟපාතක තියේද කියල...  නැ නැ බෙල්ල වැලේ දාගන්න නෙවෙයි... ඒකෙ එල්ලිලා වනසරාගෙ නංගි වගේ හූවක් තියාගෙන මෙතනින් පැනල යන්න.. ඒත් ඉතිම් මගෙ කරුමක්කාර කමට වැලක් තියා සාරි පොටක් වත් හ‍ත් ගව්වක් දුරින් වත් තිබ්බෙ නෑ...

දැන් නම් වොශෲම් ගිහින් ඇවිත් මාව පන පිටින් නැට්ටෙ ඉදන්.. ආහ් නැ... නැට්ටක් නැ.. උණ්ඩුකපුච්චෙ ඉදන් හම ගැහුවත් කමක් නැ කියල මන් හිතා ගත්තෙ මේ වෙනකොටත් මට දරාගන්න පුලුවන් උපරිම සිමාවත් පැනලා උපරිමේටම ගිහින් තිබුණු නිසා... වෙන කරන්න දෙයක් නැති නිසාම මන් හෙල්ලෙන්නෙ හෙල වෙන්නෙ නැතුව ගල් ගිලපු ගල් බමුණා වගේ හිටියෙ තව චුට්ටක් හරි හෙල උනොත් මේ වෙනකොට ෆුල් ටෑන්ක් ගහල තිබ්බ මුත්‍රාශයෙන් ඉච්චානුගව බ්ලොක් කරන් ඉදපු එක නැති වෙලා අනිචචානුගව කාන්දුවීමක් වෙන්න පුලුවන් කියල මගෙ හිත් පොජ්ජට අසාදාරණ යුක්තිසහගත සැකයක් මතු වෙලා තිබුණු නිසා..

"ආශ්.. මේ වෙලාවට තමයි හිතෙන්නෙ කොල්ලෙක් උනා නම් කියල.. එහෙම උනා නම් දෙයියනෙ කියල ප්ලාස්ටික් බෝතල් කෑල්ලක් හොදටම ඇති..."

මොකක් හරි කරපු පූරුවෙ පෙර කරුමෙකට මාව කෙලි පැටික්කියක් කරපු එකට උඩ ඉන්න කෙනාගෙත් අම්ම මුත්ත මතක් කර කර මාව ලොක් කරල රෝන්දෙ ගිහිපු අලි ඔළුවටත් වදුරු කුනුහර්ප වලින් හිතින් අමතන ගමන් මන් බහිරවයා වගෙ හිටියා...

? Snakey ? [COMPLETED]Where stories live. Discover now