抖阴社区

Episode 4 ?

2K 412 203
                                    

  "පා...ක් සැන්ඩ්‍රා....  හී...ජි....න් නිම්නදී..."

හෑයියා ඒ නම... නිකන් පරිප්පු හොදියි බෝල්ට් ඇනයි වගේ.. සැක්.. මොන මොංගල් නමක්ද.. එලවටත් නෑ මෙලොවටත් නෑ...  මොන කුනුහබ්බ නමක්ද මන්දා... කව්ද දන්නැ ඒක අයිතිකාර මොංගල් ඩයල් එක.. 😂 පව් අසරණී...

🔹"ආශ්... එ කටහඩ සඳියාගෙ.. එතකොට ඒ නම.. මලා .. ඒක මගේ නමනෙ.. අයිගෝ.... මේ ලෝකෙ තමන්ගෙ නම  අමතක වෙන එකම ගොන් මෝඩ ඩයල් එක මන් වෙන්න ඇති.. ඒ තරම්ම මන් ගව ටයිප් එකියක්...😑😑"

මන් ඔලුවටත් එකක් ගහලා හෙමිහිට මගෙ ගුහාවෙන් එලියට යන්න හැදුවත් කුලප්පු වෙච්ච මී වැස්සියෙක්ගෙ අඩි සද්දෙ ඇහෙන නිසා මන් හෙමිහිට දොරට මුවා වෙලා හිටියෙ මගේ අපාය සහයකයා එනකන්...

"දෙන්නම් පුතො අද උබට මන්.. හැමදාම  කියල තියෙනොනෙ මගෙ ඇත්ත නම කියවන්න එපා කියල.. කෝ අහනවද නෑනෙ නෑනෙ.... දැන් එහෙනම් ගුවන් ගත වෙන්න ලෑස්ති වෙන්න සුදූ...🤣🤣"

සඳියා ආලෝකේ ප්‍රවේගයෙන්ම මගේ කාමරේට විදගෙන ජෙට් එක වගේ එනවත් එක්කම මන් ගානට මිම්ට කිරල මැනලා ඉස්සරහින් කකුල දැම්මා...

🥀"පාර්ක්.. සැන්ඩ්‍රා හීජීජීඊඊඊඊන්න්න්... ආඅ...අම්ම්මියෝ.. බේර ගනියෝඕඕඔ..."

මේ ලෝකෙ සිහියක් නැතුව  කාමරේට පැනගෙන ආපු පාර අලියා පොලවෙ ගැහුවා වගේ බිමට පතබෑවුණු සඳියා එයා ආපු ඒකාකර ප්‍රවේගයෙන්ම බිම වැටිලාත් තව ටිකක් දුරට තල්ලු වෙලා ගි‍යා... වැටුණු පාර නම් හොම්බත් බිම ඇනුනද මන්දා... හොද වැඩේ..😂😂 ගොන් ගහ.. ආවා මෙතන මට කෝචෝක් කරන්න..😑😑 හැබැයි වැටුණු පාර නම් පශ්චාත් බාගයක් කඩෙන් ගන්න වෙන තත්වයක් තියෙන්නෙ...

🥀"බල්ලෝ...  තොගෙ ආච්චිට හාල් හරන්න.. තෝ මගෙ කොන්ද කඩන්නද හදන්නෙ.. ගල් මූසලී.. තොට හොදක් වෙන්නෑ අම්මපා... තොට හෙන ගහනව යකො මේ කරන අසම්ජ්ජාති වැඩ වලට..."

සඳියා ටැප් එක ඇරියා වගේ හෝ හෝ ගාල බැන බැන පස්සත් අත ගාගෙන යන්තම් අමාරුවෙන් නැගිට ගත්තා.. නැගිටලත් තව විනාඩි දහයක් විතර සඳියාගෙ කටින් පරුෂ වචන ගංගාවක් ගලාගෙන ගියා... අනේ අහිම්සක මන්... මට ඕවා තේරෙන්නැලු.. මන් බබා පාට් බැල්මක් මූනට එන්ටර් කරගෙන සඳියා දිහා බලන් හිටියම ඒකිගෙ තරහ නැති වෙලා ඒ වෙනුවට බෝම්බ පුපුරන සද්දෙන් ඒකිගෙ කැකර හිනාව එලියට පැන්නා...

? Snakey ? [COMPLETED]Where stories live. Discover now