抖阴社区

#16-I'm simply searching

67 15 13
                                        

Heeseung : ඔහ්? හනා?මේ ඔයාගෙ මල්ලිද??

හරුආ නූනා කීවම තමයි හීසුන්ග්ටයි නිකීටයි තේරුනේ හනා කියන්නෙ හරුඅගෙ නූනා කියලා..

අන්තිමට ඉතින් ඒ තුන් දෙනාම හරුආ ළඟට ගිහින් වෙලා තියෙන දේ ගැන කතා වෙන්න පටන් ගත්තෙ දැන් දැන් එයාලා එයාලව අඳුනගෙන හිටිය නිසා..

Hana : හරූ? ඔයා නැගිට්ටද?

Harua : නිකී?

Niki : සොරි බන් ! මම මැච් එකට ගියා..... මොකද්ද මේ වෙන්නෙ??? හරුආ ! ඒ දේ වෙන්න ඉඩ තියන්න එපා !!

Heeseung : නිකී?? මොනා ගැනද උඹ කියවන්නෙ??

Niki : සොරි හීසුන්ග් හ්‍යුන් ! මට එයාගෙන් හංගන්න දෙයක් නෑ !! ඔයාලා දන්නැති වුනාට එයාට විතරයි පුළුවන් අපිව කරදරවලින් ගළවගන්න !! ඒත් දැන්? දැන් එයා කරදරේක !

නිකී ගොඩක් දේවල් දැනන් හිටියා කියන්න හීසුන්ග්ට නිකන්ම තේරුම් ගියා..

නිකී ඒ කීවෙ හරුආ ගැන..

ඒත් ඒ දේවල් තේරුම් ගන්න නම් හනාට වගේම හීසුන්ග්ටත් ටිකක් නිකීට ඇහුන්කන් දෙන්න සිද්ධ වෙනවා..

(At the beach side)

මේ වෙලාවෙ යුකී,කේ දෙන්නම හිටියෙ එයාලා වැඩියෙන්ම ආස කරන තැන..

Yuki : මට මේ මොකුත් තේරෙන්නෑ ! කේ ඔයා?

*holding her hands*

K : යුකී? මාව විශ්වාස ද ඔයාට?? මම කියන දේ අහන්න පොඩ්ඩක්..

Yuki : විශ්වාසයි ! මට වෙන කාටත් වඩා විශ්වාසයි ඔයාව..ඒත් ඇයි මට මේ ගැන කලින් නොකිව්වෙ?

K : යුකී? ඒ මගේ සහෝදරයො හත් දෙනා..මම එයාලගෙන් ලොකුම කෙනා විදියට එයාලව හොඳට ප්‍රැක්ටිස් කරවන්න ඕනි.මිනිස්සු එක්ක හැසිරෙන එක තමා එයාලට ඉගෙන ගන්න තිබුනු පළවෙනි පාඩම.දැන් දැන් එයාලා ඒකට හුරු වෙලයි ඉන්නෙ..

Yuki : ඒ කියන්නෙ? ඇයි ඔයාලා අපේ ටීම් එකත් එක්ක රණ්ඩු කරන්නෙ හැමවෙලේම???

K : යාහ් ! අපි රණ්ඩු කරනවා?? ඔයා වැරදියට තේරුම් අරන් ඉන්නෙ යුකී ! දැක්කනෙ අද වුන දේ? මැච් එක ඩ්‍රෝ වුනේ නැත්තම් සමහර විට උන් දිනන්න තිබ්බා ! ඒත් එහෙම වුනානම් අපේ එවුන් උන්ව ඉතුරු කරන එකක් නෑ තාකිට කරපු දේ නිසා ! උන් හිතාමතාම අපිව රණ්ඩුවල පටලව ගන්නෙ නැත්තම් මේ කිසි දෙයක් වෙන්නෙ නෑ !!

Fight Or Escape || ?? || Fantasy FF ||  ?Where stories live. Discover now