💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.......
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. .
.
.
.දැන්නම් ඉතින් යීබෝගේ හිතටත් බයක් ඇති වෙමින් තිබුනි ... සල්ලිකාර දෙමාපියන්ගේ දරුවන් සිටින මෙම පාසල්වල සමහර සිදුවීම් යීබෝ හොදින්ම දන්නේය ....... අතීතය ඒ තරම් සුන්දර නැත.. ඒ අස්සේ පෙරදින වතුර බෝතලය නිසා ඇතිවූ බහින් බස් වීමත් ඔහුට සිහිවුනේය ....
" තව ටිකක් බලන්න ........"
හැංගිමුත්තන් සෙල්ලම් කරන ලෙසින් තැන් තැන්වල ඔහුව සොයා පලක් නැති බව අවබෝධ වුණු යීබෝ ඔෆිස් එක දෙසට යන්නට හැරුනේය ....
**
යන අතර මඟදී ඔහුට ෆෙයිව මුණ ගැසුනි.....
'" කොහෙද බං යන්නෙ....."
ෆෙයි ග්‍රවුන්ඩ් එකට යමින් සිටි ගමන නතර කර ඇසුවේ යීබෝගේ මුහුණේ කලබලකාරී බවක් තිබුනු නිසාවෙනි ...
" එකොලහ වසර ශාන් නෑ කියලා ළමයි හොයනවා....මං මේ ඔෆිස් එකට යන්නෙ cctv බලන්න ......"
", මේ දැන් විනාඩි දහයකට විතර කලින් එසෙම්බ්ලි හෝල් එක කිට්ටුව කා එක්කදෝ කතාකර කර හිටියනේ.......ඒ පැත්තට ගියාද දන්නෙ නෑ....."
එවරනම් දෙදෙනාම මුහුණට මුහුණ බලාගත්තේය ..... දෙදෙනාගේම මුහුණු වල ඇත්තේ එකම පෙනුමකි...
" යං මාත් එන්නම්......."
ගිය වසරේ මෙවන්ම දිනයක එනම් ක්‍රීඩා උත්සවය දිනයේ සිදුවූ ඛේදනීය සිදුවීමක් දෙදෙනාටම සිහිවෙන්නට ඇත...හිතට ඇතිවූ තිගැස්ම නිසාම යීබෝ ඔහුගේ අත් මිටමොලවා ගත්තේය .....හදවත වේගයෙන් ගැහෙන අතරම කවදාවත් නැතුව තමන්ට කෑගසා හඩන්නට අවැසිබවක් යීබෝට දැනුනි....

YOU ARE READING
?? ??YT?? O? ?Y ????T ?? yizhan fan fiction Complete ?
Fanfiction?? ?? ?????..................... ??? ?? ??????......... ????? ??? ??????.........??? ???????........... ??????? ......... ?? ......................................................................... ????? ?? ???? ??