抖阴社区

41...... ?????? ??????? ???????? ....?

1.4K 334 335
                                    

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞.........

🍁🍁🍁🍁 බෝනස්  🍁🍁🍁🍁

.
.
.

එක්වරම සිරුරට දැනෙන අපහසුතාවයකුත් සමග සෙමින් දෙනෙත් හරින ශැන්ග් හට තමන් ඉන්නේ කොහේද කරන්නේ මොනවාද කියා හිතාගන්නට බැරුව කිහිප වතාවක් ඇහි පිල්ලම් ගසන්නට පටන් ගත්තේය..... හිසට දැනෙන තද බර ගතියකුත් දෑත් දෙපා හොලවන්නට බැරි වේදනාවත් නිසාම මුවින් හඩක් පිටකරන්නට ගියත් එයත් අපහසු විය....

දැන් නම් තමන් සිටින්නේ අතපය ගැටගසා පුටුවක වාඩි කරවා බව ඔහුට අවබෝධ උනේය...ඊට අමතරව ඔහුගේ කටත් ගැට ගසා හෝ ටේප් එකකින් ආවරණය කර තිබෙන බව අමුතුවෙන් හිතන්නට දෙයක් නැත......

හිසට දැනෙන තදබල වේදනාවට අමතරව සිරුරේ කොහේටවත් වේදනාවක් නොදැනෙන නිසා තමන් නිරුප්පද්‍රිත බව ඔහු තේරුම් ගත්තේය ........

තත්පර කිහිපයක් ඒ ලෙසින් නිවී සැනසිල්ලේ තමන්ට සිදුවූයේ මොනවාදැයි හිතමින් සිටින විට එක්වරම සීතලම සීතල වතුර බාල්දියක් තමන්ගේ හිසේ සිට වැක්කෙරෙද්දී මෙතරම් වේලාවක් සෙමින් නමුත් අපහසුවෙන් දෙනෙත් විවර කරමින් සිටි ශැන්ග් හොදින් දෙනෙත් විවරකලේය .....

තමන් ඉදිරියේ අසුනක වාඩි වී කකුලක් පිට කකුලක් දමාගෙන බලාගෙන සිටින තැනැත්තාව දුටු සැණින් සිදු වී තිබෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට ශැන්ග් හට හැකිවිය.....

යීබෝගේ අනතුර සිදු කරන්නට සියල්ල සූදානම් කර ඔහු පියාගේ කර්‍යාලයට යන්නට නිවසින් පිටවූ ආකාරයත් නිවස පිහිටා තිබෙන අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහනය හරවන්නට ඔන්න මෙන්න තිබියදී වාහන දෙකක් ඇවිත් මගහරක් කළ ආකාරයත් තමන්ව බලහත්කාරයෙන්ම වාහනයෙන් පිටතට ඇදගෙන වෑන් එකකට පටවා ගත් ආකාරයත් , එසැණින් ක්ලෝරෆෝම් සහිත ලේන්සුවක් නාසයට ඇල්ලු ආකාරයත් , ඉහමොල ගිනි ගන්නා දැවිල්ලක් සමගින් තමන් සිහිසුන්වූ ආකාරයත් ශැන්ග් හට සිහිවුනේය ....

" මුගෙ කටට ගහලා තියෙන ටේප් එක අයින් කරන්න....."

ඒ ගැඹුරු කටහඩ  මීට පෙර කිසිම දිනක ඔහුගෙන් ශැන්ග් අසා තිබුනේ නැත..... ඒ වියරු බැල්ම මීට පෙර කිසිම දිනක ඔහුගෙන් දැක තිබුණේත්  නැත....කේන්තිය වැඩිකමට ඒ දෑස් රතු වී ඇත......

?? ??YT?? O? ?Y ????T  ??   yizhan fan fiction Complete  ? Where stories live. Discover now