抖阴社区

32.. ???? ?????? ???????? ...?

Start from the beginning
                                    

" කොළපාට ශෙඩ් එක පහුවෙනකොටම තියෙන රෙස්ටුරන්ට් එකේ මං ඉන්නෙ...."

ශිචෙන් ඇමතුම අවසන් කර ශාන්  දෙස බලද්දී ඉතින් ඒ මුහුණේ හිනාව එකකි.....

" අනිද්දා ඔයාලා හුනාන් එන්න..... පෝන් එක ලොක් කරලා කාමරේ දාලනේ ආවේ...."

ඈතින් යීබෝ පැවසූ ශෙඩ් එක සහ රෙස්ටුරන්ට් එක පෙනෙද්දී ශිචෙන් ශාන්ගේ හිස අතගාමින් කීවේය .... ඔහුව යීබෝ  සමග යවන්නට ශිචෙන්ගේ හිතේ අඹ මල් රේණුවක තරම් වත් බියක් නැත.....ඇති එකම ගැටලුව වන්නේ ශැන්ග් ගේ කරදර පමණි .....

" ගගා........"

ශාන්  එක්වරම ශිචෙන් ගේ අතකින් අල්ලාගත්තේය ....

" ඇයි මැණික ......"

" ඔයා අපිට උදව් කරනවට ගොඩක් ස්තූතී ...... නැත්නම් අපිට මෙහෙම වත් හම්බවෙන්න වෙන්නෙ නෑනේ ......."

ශාන්  ඇස්වල කදුලු පුරවගෙන කියද්දී ශිචෙන් ශාන් අල්ලාගෙන සිටින අත රැගෙන ඒ මතින් හාදුවක් තැබුවේය ....

" මේ දවස් ටික සතුටින් ඉන්න..... හ්ම්ම්ම්.......ඊලඟ එන දේවල් අපි ඊලඟට බලමු......."

ශිචෙන් රෙස්ටුරන්ට් එක ඉදිරියේ වාහනය නතරකරද්දී යීබෝ  කෑම සහිත බෑග් කිහිපයක් රැගෙන  ඉන් පිටතට ආවේය .... ඔහු එහෙන්මම ශිචෙන්ගේ වාහනය අසලට පැමිණි අතර  ශාන්ගේ පැත්තෙන් දොර විවෘත කලේය....

" good morning  නෙමූ බබා......good morning ගගා...... මේවා ඔයාට යනගමං කන්න......"

යීබෝ  ශිචෙන් හට එක් බෑගයක් ලබාදී ශාන්ට වාහනයෙන් බහින්නට පසෙකට උනේය....

" මේකත් අරගෙන මගෙ කාර් එකට නඟින්න නෙමූ.....මම ඔයාගෙ බෑග් එක අරගෙන එන්නම් ..."

යීබෝ  ආදරණීය ලෙසින් කියද්දී ඔහු කීකරුව කෑම සහිත රෙස්ටුරන්ට් බෑග් දෙක රැගෙන යීබෝගේ වාහනයට ගියේය .....

" ඒ පැත්ත අවුලක් නෑ නේද ගගා....."

ශාන්  ගියපසු යීබෝ  ඇසුවේය ...

"නෑ නෑ.......දැනට ශේප් .......චූටි බබාගෙ පෝන් එක අමතක උනා කියලා දාලා ආවේ......අනික අපි දෙගොල්ලන්ගෙ දුර පැය තුනයිනේ...... බයවෙන්න එපා ...."

ශිචෙන් සිනාසෙමින් කියද්දී යීබෝ සැනසුම් සුසුමක් හෙලුවේය ....  ඉතින් තවත් විනාඩි කිහිපයකට පසුව ශිචෙන් වාහනය හරවාගෙන පිටව ගිය පසුව යීබෝ  ශාන්ගේ බෑගය රැගෙන විත් වාහනයේ පිටුපසට දමා රියදුරු අසුනෙහි වාඩිවුනේ  දැනටත් සුවපහසුව අසුන්ගෙන සිටින ශාන් වෙතට ආදරණීය සිනහවක් තිළිණ කරන අතරයි.....

?? ??YT?? O? ?Y ????T  ??   yizhan fan fiction Complete  ? Where stories live. Discover now