" බෝ බෝ.........."
යීබෝ ආසන පටිය සම්බන්ධ කරගන්නට සූදානම් වෙද්දී ශාන් ඔහුගේ අතකින් අල්ලාගෙන කතාකලේය ... ඉතින් කරන්නට ගිය රාජකාරිය නතර කළ යීබෝ ශාන් දෙස බැලුවේය ...
" පාකින් එකේ නතර කරලා තියෙන හින්දා ගමන යන්න පටන් ගන්න කලින් මාව චුට්ටක් බදා ගන්නකෝ......"
ඉතාමත් අහිංසක ලෙස සිදුකරන ලද එම ඉල්ලීමට යීබෝගේ හදවත කීරි ගැසී ගියේය......
" එන්න මගේ පණ....."
යීබෝ වාහනයේ දෙපැත්තේම ශටර් වසාදමා අත්දෙක දෙපසට දිගුකරද්දී ශාන් ඉක්මනින් යීබෝගේ දෙපා මතින් මුහුණට මුහුණ සිටින්නට අසුන්ගත්තේය ..... පසුව ඒ මුහුණ දෝතින් අල්ලාගෙන නිහඩව ඒ දෙස බලාගෙන සිටින්නට විය...
ඒ සෙනෙහස , දරාගැනීම ආදී සියල්ල ඒ ඇස්වලින් කියැවූ යීබෝ ශාන්ගේ නලලට දෙතොල් තබාගෙනම ටිකවේලාවක් සිටියේය ....
",මගෙ නෙමූ බබා........"
නලලින් දෙතොල් රැගෙන ශාන්ගේ කම්මුල් මත අතොරක් නැතිව හාදු තැවරූ යීබෝ ඔහු දෙසටම එල්ලවී තිබෙන දෙතොල් සෙමින් සිපගන්නට පටන්ගත්තේය ... ශාන් ඉක්මනින් යීබෝගේ ගෙලෙහි එල්ලුනේ ආය වරුවකටවත් ගැලවෙන්නට හිතක් නැතිවයි.....
සීතල උදෑසන මාස එකහමාරකට පමණ පසුව ලැබෙන ආදරය මුසුවූ සැනසීම දෙදෙනාම හරිම අපූරුවට විදිමින් සිටින්නේය....තමන්ගේ සිරුරට තෙරපී තිබෙන කුඩා සිරුර යීබෝ එක් අතකින් තව තවත් වැළදගත්තේය .... මේ ඉතින් ජීවිතය නොවේදැයි ඔහු ඒ මොහොතේ කල්පනා කරන්නට විය....
" මදිද ඉතින් හ්ම්ම්ම්ම්....... අපි ලොකූ ගමණක් යන්නත් ඕනෙ ......"
සෑහෙන වෙලාවකට පසුව දෙතොළින් දෙතොල් මුදවා ගත් යීබෝ ශාන්ගෙන් අසද්දී ඔහු යීබෝගේ කමිසයේ බොත්තම් කිහිපයක් ගලවන්නට කාර්යබහුල වී සිටියේය...
" ලොකු වෙලාවක් ගන්නෙ නෑ අනේ චුට්ටක් ඉන්න...."
බොත්තම් තුනක් ගලවා යීබෝගේ පපුවේ ඇති පැල්ලම මතින් මුලින්ම හාදුවක් තැබු ශාන් එතැනින් මුහුණ තියාගත්තේය .... ශාන්ගේ මුහුණ පපුව මත ස්පර්ශ වෙද්දිම යීබෝගේ මුවින් බරම බර හුස්මක් පිටවුනේය..... ඇත්තෙන්ම එය සැනසීම සතුට පිරුණු හුස්මකි... කොයි තරම් දරාගෙන හිටියත් ඉතින් සෑම මොහොතකම මේ ස්පර්ශයන් ලබන්නට ඔහුත් හීන නොදකිනවා නොවේ.... මුහුණ දෙන්නට තිබෙන ගැටලුවල අවදානම දන්නා නිසාම දරාගෙන සිටියාට , ඔහුටත් මේ පුංචි ආදරවන්තයාව පපුවට තුරුලු කරගෙන ඉන්නට නොහිතෙනවා නොවේ....

YOU ARE READING
?? ??YT?? O? ?Y ????T ?? yizhan fan fiction Complete ?
Fanfiction?? ?? ?????..................... ??? ?? ??????......... ????? ??? ??????.........??? ???????........... ??????? ......... ?? ......................................................................... ????? ?? ???? ??
32.. ???? ?????? ???????? ...?
Start from the beginning