抖阴社区

Chapter 4

151 28 85
                                    

" අනේ බාප්පි කියනවාකෝ වදේ මොකක්ද අප්පා.."

" දැන් උබට මොකටද ඒක.."

" නිකන් අනේ දැනගැනීම පිණිසනේ ඇහුවේ.. මේ දරුවාට හෙන කුතුහලේනේ අප්පා "

" යකෝ මේ කොහෙවත් යන මනුස්සයෙක් ගැන හොයන්න උබට තියෙන්නෙ පුදුම කුතුහලයක්නේ සඳා..අනික ඕවා කෙලවර වෙන පොට නම් හොඳ නෑ කොල්ලෝ ඈ.."

" ඇයි..? "

" කවුද දන්නෙ උබට ඌ ගැන හිතක් පහල වුනොත් එහෙම.."

" ටෞක්ණ්ඩ බාප්පි..මට ඕනේ නෑ මඟුල.."

මෙච්චර වෙලාම දෙනුවන් වටේ මායම් වෙවී අධිලාෂ් ගැන විස්තර අහපු කොල්ලා දෙනුවන්ගෙ අන්තිම වචන ටික ඇහුන ගමන් ගස්සලා දාලා උඩ කාමරේට ගියේ දෙනුවන් කොල්ලා යන දිහා බලාගෙන හෙන සද්දෙන් හිනාවෙද්දි..

ගස්සගෙන උඩට ආපු කොල්ලා ගස්සගෙනම ඇඳට වැටිලා ඔහේ සිවිලිම දිහා බලාගෙන හිටියේ හිතන්නේ මොනාද කියලාවත් නොදැන ඔහේ කල්පනාවක අතරමං වෙන ගමන්..ඒ කල්පනාවට තිතකුත් නෑ හැබැයි එහෙමයි කියලා කොල්ලා කල්පනා කරන දේකුත් නෑ..අධිලාෂ් කියන්නෙ අප්පච්චි අඳුරන කෙනෙක් වගේම දෙනුවන්ගෙ බැජ්මේට් කෙනෙක් කියලා දැන ගත්තාම කොල්ලාට වලක් කපන් වැලලෙන්න නොහිතුනාමත් නෙමෙයි..ඇයි ඉතින් ඒ මනුස්සයාට එසේ මෙසේ අපහාස තොගයක් නෙමෙයිනේ කරේ..ඒ කරපු අපහාස තොගේට ආයෙ මූණ දිහා කෙලින් බලාගෙන හිනාවෙන්නෙවත් කොහොමද..හරි කෙලින් බලන්න නම් බංකුවකට නගින්න වෙන එක වෙනම කතාවක්..ඒ උනාට ඒක නෙමෙයිනේ මෙතන තියෙන ප්‍රශ්නෙ..

ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටපු කොල්ලා කොට්ටෙ අරගෙන මූණට තද කරගත්තේ ආයෙ පහළට යන්නවත් හිතක් නොඑද්දි..ඒත් එක්කම දොරත් ඇරගෙන කොල්ලාගෙ අප්පච්චි ඇතුළට එන හඬ ඇහුනත් ගණන් ගන්නෙ නැතුව ඒ විදිහටම හිටපු කොල්ලා ඊළඟ තත්පරේ ඉද්ද ගහලා වගේ ඇඳ උඩ ඉඳගත්තේ අප්පච්චි කාටහරි කාමරේ ඇතුළට එන්න කියනවත් එක්කම කොට්ටෙන් වහගෙන හිටියත් රෝස මල් සුවඳක් නහය කඩාගෙන යන්න වගේ දැනුන නිසා..

" සුදු පුතේ ඔය කොණ්ඩේ පීරගන්න ළමයෝ.. පිස්සෙක් වගේ..කොච්චරවත් කියනවා ඔහොම ඉන්න එපා කියලා.."

WITH YOU WITHOUT YOU | Ongoing Where stories live. Discover now