" ඇති සුදුපුතා "
" මොන ඇතිද මේ කටවල් දහයක්වත් කෑවේ නෑ.. කෝ කෝ කට අරින්න "
" ඇති පුතේ ඇත්තමයි..කන්න බැහැ බඩපිරුනා "
" මුරණ්ඩු වෙන්නෙ නැතුව කන්නකෝ තාත්ති.. අඩුම මේ අනපු බත් කටවල් දෙකවත් කන්නකෝ "
සෝෆා එකේ මන්දාරගේ එහාපැත්තෙන් ඉඳගෙන මන්දාරට කවන ගමන් හිටපු කොල්ලා වද කරලා බලෙන්ම මන්දාරට තව බත් කටවල් පහ හයක්ම කවලා වතුරත් පොවලා ඒකටම තව බත් ටිකක් බෙදාගෙන විනාඩි දහයට කිචන් එකේ ඉදන්ම කාලා ආයෙ සාලෙට ආවේ කැබිනට් එක උඩ තිබුන මන්දාරගේ බෙහෙත් පැකට් එකත් අරගෙන..
උදේ දහය පහුවෙලා විනාඩි පහක්..පුළුවන් විදිහට බත් එකක් ගහලා හාල්මැස්සො බැඳුමක් එක්ක කොල්ලා පරිප්පු හදලා ගත්තේ දවල් වෙන්න කලින් මන්දාරට කන්න දීලා බෙහෙත් පොවන්න ඕන නිසා.. ශාකිල්ගේ මරණෙන් පස්සෙ තවත් සතියක් ගෙවිලා තිබුන තැන මන්දාර එන්න එන්නම අසනීප වුනේ කොල්ලාගේ හිතේ ශක්තියටම ඔලුව උස්සලා ඉද්දි..
මන්දාරත් අසනීපෙන් ඉද්දි එකම දේ හිතලා හිතලා තමනුත් ලෙඩ වෙන්න කොල්ලාට උවමනා වුනේ නෑ..ඒ නිසා කොල්ලා පුළුවන් උපරිම බැලුවේ වෙච්ච දේවල් ටිකකට අමතක කරලා මන්දාරව සනීප කරගන්න..මේ එක සතියට මන්දාර පුදුම තරම් ඇදිලා ගිහින් තිබුනා..බෝලෙ වගේ පිරිලා තිබුන කම්මුල් ඇතුළට ගිලා බැහැලා, ඇස් යට කලු වෙලා කොටින්ම කිව්වොත් මන්දාර දරහැවක් වගේ වෙලා තිබුනා..මන්දාර නිසාම ඉවසගෙන හිටියාත් කොල්ලා හිටියේ තාත්ති නිසා පුදුම තරම් හිතේ වේදනාවකින්..
වෙලාවකට කොල්ලා අනන්තවත් කල්පනා කරනවා..මේ දවස් ටිකේ අධිලාෂ් තමන්ගේ ළඟින් හිටියේ නැත්තම් එයාට මොනවා වෙලා තියෙයිද කියලා..එහෙනම් මන්දාරට කලින් අසනීප වෙන්නෙ තමන් වෙන්න තිබුනා කියලා කොල්ලාට හිතුනා.. ඉතින් ඒක ඇත්ත මන්දාරගේ හිතේ වගේම ගතේ ශක්තියත් ශාකිල් වෙද්දි ශාකිල්ගේ වියෝවත් එක්ක මන්දාරත් නොදැනිම උනත් දුර්වල වෙන්න පටන් අරගෙන..ඒ අනිත් පැත්තට කොල්ලාගේ හිතේ ශක්තිය වගේම ගතේ ශක්තියත් අධිලාෂ් වෙද්දි කොල්ලා මන්දාරට වඩා දේවල් දරාගන්න පුරුදු වුනා..

YOU ARE READING
WITH YOU WITHOUT YOU | Ongoing
Vampire" ?? ?????????? ???.." " ??????..? " " ???? ????? ??? ?????.." Story covered by rhea_writez Started -: 22/ 02 / 2025