抖阴社区

Chapter 25

109 14 92
                                    

( ළමයි..මුල් ටික සඳ සේ බැස නොයා සින්දුව අහන ගමන් පුළුවන් නම් කියවන්න.. යුමෙත්ගෙයි රුවින්ගෙයි පාට් එක )

✨️

" එනවද ළඟට "

" ම්ම්..මොනාහරි ඕනිද..? "

" මෙතනට එන්නකෝ "

" බෑ..ඔයාට රිදෙයි "

" මට රිදෙන්නෙ ඔයා මන් දිහා දුර ඉදන් ඔහොම බලන් ඉද්දි සචී "

නහයයි කටයි වැහෙන්න දාලා තිබුන ඔක්සිජන් මාස්ක් එක ටිකකට මූණෙන් අයින් කරලා ඇහෙන නොඇහෙන ගාණට මුමුණපු යුමෙත් ලාවට හොල්ලන්න පුළුවන් කැනියුලා එකක් ගහලා තිබුන අත රුවින් දිහාවට දික් කරේ, දවසේ කීවෙනි වතාවටද මන්දා රුවින්ගේ ඇස් වල කදුළු නාලිකා පණ ගහද්දි..

හරියටම සතියකට පස්සෙ යුමෙත්ට සිහිය ආවේ දැන් පැය කිහිපයකට කලින්..මුළු සතියක් පුරාවටම කිසිම හැල හොල්මනක් නැතුව බට ගොඩකට යටවෙලා ඉන්න යුමෙත්ව දැක්කාම රුවින්ට දැනුනේ යුමෙත්ට කලින් තමන් පපුව පැලිලා මැරිලා යයි කියලා..ඒ තරමටම යුමෙත්ට සිහි නැති වෙලා හිටිය සතිය රුවින්ට ගෙවාගන්න අමාරු වුනා..

යුමෙත්ගේ මමාවයි ඩැඩාවයි බල කරලා කරලා මොනාහරි ටිකක් කාලා පොඩි රෙස්ට් එකක් අරගෙන එන්න කියලා යවපු පැය ගාණෙ තමයි ඔය රුවින් යුමෙත්ගේ ඇඳ ළඟම බිත්තියට හේත්තු වෙලා යුමෙත් දිහා බලාගෙන හිටියේ..දාලා තියෙන ඔක්සිජන් මාස්ක් එක නිසා වගේම ඇඟේ හැම පැත්තෙන්ම වගේ මොකක් හරිම බටේකට කොටුවෙලා ඉන්න සිද්ද වුන නිසා යුමෙත් හිටියේ ඇස් විතරක් කරකවලා රුවින් දිහා බලාගෙන.. මොකද කතා කරගන්න තරම්වත් තමන්ට පණක් තියෙනවාද කියන එක ගැන කොල්ලාට තිබුනෙත් සැකයක්..

තවත් බලන් ඉන්න බැරිම තැන තමයි බොහොම අමාරුවෙන් කොල්ලා ඔක්සිජන් මාස්ක් එක අමාරුවෙන් ගලවලා රුවින්ට තමන් ළඟට එන්න කිව්වේ..මොකද වචනෙන් නොකිව්වාට ඒ ඇස් වල ඇඳිලා තිබුන වේදනාව යුමෙත් නොදැක්කා නෙමෙයි..ඊටත් සැරින් සැරේ තමන් දිහා බලාගෙන පපුව මිරිකගෙන බර හුස්මවල් පාත දාන රුවින්ව දකිද්දි යුමෙත්ට හිතුනෙම කොච්චර දුක උනත් සිහි නැති වෙනවට වඩා එදා තමන් මැරිලාම වැටුනා නම් වගේ දෙයක්..මොකද ඒ තරමටම රුවින් හිටියේ ශාරීරිකව වගේම මානසිකවත් වැටිලා..එක අතකට කාටද පුළුවන් තමන්ගේ පණ වුනත් දෙන්න පුළුවන් තරමට ආදරේ කරන මනුස්සයා හොස්පිට්ල් ඇඳකට වෙලා තමන්ගේ අන්තිම දවස් ගාණ ගත කරනවා බලන්න..

WITH YOU WITHOUT YOU | Ongoing Where stories live. Discover now