18 වන සියවස මැද බාගය වන 1755 වර්ෂයේ ට්රාන්සිල්වේනියාවේදී..
නගරය මද්ය්යයේම ඉඳිකරලා තිබුන විශාල ඔරලෝසු කණුව දහවල් දොළහේ කනිසම උදාවනවත් සමඟම තරමක් සද්දයකින් නාද වෙන්න පටන් ගනිද්දි, නගරය පුරාම විවිධ කාර්යයන් වල නිරත වෙමින් කඩිමුඩියෙ එහා මෙහා යන ගමන් හිටපු මිනිසුන් හැමකෙනාම පාහේ කලබල වුනේ ඔවුන් සැවොම තමන්ට අසළින්ම පිහිටා තිබුණු කඩසාප්පු, තරමක් අඳුරු කුටි තුළට මෙන්ම නගරයේ තැන් තැන් වල තිබුනු විශාල කුණු බාල්දි තුළටද දෙවරක් නොහිතා රිංග ගනිද්දි..
මුළු වටපිටාවම එක් නිමේෂයකින් රාත්රී කාලයේදී මෙන්ම කිසිඳු ශබ්දයක් නෑසෙන්න නිහඬ වෙලා යද්දි, පරණ තාලයේ කඩසාප්පුවක බිත්තිය මුළුල්ලේ හිඳ නවකතා පොතක අතරමන් වී තවමත් දුම් දාන කෝපි කෝප්පයක රස බලමින් සිටි තරුණයෙකුගේ වික්ෂිප්ත දෑස් මුළු සාප්පුව පුරා මෙන්ම එක තත්පරයකින් හිස් වෙලා ගිය නගරය දෙසට හැරුනේ කඩසාප්පුවේ තිබූ විශාල වීදුරු ජනේලයක් හරහා..
දැඩි කලබලයකින් යුතුව තමන්ගේම දෑත්වල නියපොතු සපමින් වීදුරු ජනේල් වලින් එපිට බලන් ඉන්න මිනිසුන් දෙස බලා සිටි තරුණයා නවකතා පොතේ තමන් කියවමින් සිටි ස්ථානය මඟ නොඇරෙන්න උකුසු පිහාටුවක් පිටු අතරට හිර කරේ හිඳසිටි ස්ථානයෙන් නැගිටින ගමන්..
එකළ පැවැති උල් හැඩැති පාවහන් මෙන්ම රාජකීය තාලයට නිමැවුණු වස්ත්ර වලින් සැරසී සිටි තරුණයාට ගැහැණු-පිරිමි බේදයක් නොමැතිවම සිත් ඇදබැඳ තබා ගැනීමට හැකි මනා කඩවසම් රුවක් සතු වී තිබුනත් තරුණයාගේ කඩවසම් රුව සිත් සේ විඳ ගැනීමටවත් කඩසාප්පුවේ සිටි කිසිම මිනිසෙකුගේවත් හිත එක් මනසකින් නොවූවා..
තවමත් සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි නොවූ තරුණයා කෝපි කෝප්පයද අතකට හිර කරගෙන අනෙක් අත තමන් හැඳසිටි කලිසම් සාක්කුව තුළටද රිංගවගෙන සාප්පුවේ මිනිසුන් රොත්ත පිටින් ගුලිගැහී සිටි ස්ථානයට ලඟාවූවා..
" ශබ්ද කරන්න එපා..! "
තරුණයාගේ උල් හැඩැති පාවහන් ලී පොළවේ ගැටෙන හඬ මුළු නිශ්ෂබ්ද කඩසාප්පුව පුරාවටම භයානක ලෙස පැතිරිලා යද්දි ඇහෙන නෑහෙන ගාණට එක් පුද්ගලයෙක් තරුණයාගෙ කන ළඟට ලංවෙලා කෙඳිරුවේ තරුණයාගෙ ඝණ ඇහිබැමි එකට යාවෙද්දි..

YOU ARE READING
WITH YOU WITHOUT YOU | Ongoing
Vampire" ?? ?????????? ???.." " ??????..? " " ???? ????? ??? ?????.." Story covered by rhea_writez Started -: 22/ 02 / 2025