ගෞරාන් MTC ග්‍රව්න්ඩ් එකෙන් එළියට ආවෙ හිතේ ඇති වෙච්ච ප්‍රශ්න ගොඩකට තමන්ම උත්තර හොයන්න උත්සාහ කරන ගමන්. ඒත් ගෞරාන් පාර්කින් එකේ බයික් එක ළගින් නතර වෙලා එයාගෙ ඇස් අහසට හරව ගත්තෙ ලොකු හුස්මකුත් පිට කරන ගමන්.
තරු පිරිලා තිබ්බ අහස එක්කම ඈතට වෙන්න තියෙන හදේ අඩ පලුවක් දිහා බලාගෙනම ගෞරාන් තමන්ටම මුමුණගන්න පටන් ගත්තෙ කොණ්ඩෙත් අතකින් අවුල් කර ගන්න ගමන්.
" නාරද රාජපුත්‍ර !..
නා..ර..ද රා..ජ..පු..ත්‍ර...ඩ්‍රග් ඩීල්-ඒත් මන් භවාන්ගෙ සහෝදරයා වෙන්නෙ කො-"
" අහස බලන් තරු ගනන් කරනවද?"
ගෞරාන්ගෙ අහසට තිබ්බ ඇස් හැරවුනේ ඊට එහා පැත්තෙන් ඇහුන කටහඬට. හැබැයි ඊට එහා පැත්තට වෙන්න හිටියෙ රයෙල් කියලා දැක්ක නිසාම ගෞරාන් එයාගෙ ඇස් හීනි කරලා රයෙල් එක්ක කතා කරා.
" මන් මොනා කරාම උබට මොකද?"
" සිරාවට මට මොකටද??"
" උබ දැන් මාව ෆලෝ කරනවද?"
" ඇයි මට උබෙන් මොනා ගන්නද?...
දෙයක්නන් ඉල්ල ගන්න තියෙනවා හැබැයි..ඒ උනාට ඒකෙ ඉල්ලන්න දේකුත් නෑ..කොහොමත් මගේ වගේ තමයි"
" නංගිව දෙන්නෙ නෑ ! "
" දෙන්න ඕනෙ නෑ නංගි කොහොමත් මගෙනෙ"
" උබට දෙනවා ප##..."
එහෙම්ම රයෙල් එක්ක තිබ්බ කතාව නතර කරපු ගෞරාන් බයික් එකට නැගලා හෙල්මට් එක දාගන්නවත් එක්කම රයෙල් ආයෙමත් කතා කරන්න ගත්තා.
" උබ යන්නද හදන්නෙ ?"
" ඇයි අහන්නෙ ?"
" උබට හොදින් කතා කරන්නම බෑනේ !.
පොඩ්ඩක් මනුස්සකම තියාගනින්..ඇගට එන්න බලන් ඉන්නෙ"
" උබත් එක්ක මනුස්සකන් තියා ගන්න...හහ්!
ආතල්ද?.
මට උබව පේන්න බෑ ! "
එහෙම කියලා ගෞරාන් බයික් එක ස්ටාට් කර ගත්තෙ මහ පාරට දාන්න උනත් රයෙල් ආයෙමත් කතා කරන්න ගත්තෙ එයාගෙ බයික් එකටත් නැගලා හෙල්මට් එකත් ඔලුවට දාගන්න ගමන්.
" උබ ඔය අර උබේ කෙල්ලට මන් ලයිනක් දාපු නිසාද මාත් එක්ක ඔච්චර ඇරියස් ?"
YOU ARE READING
Crystal ( Ongoing )
Short Story"????...????? ????? ?? ??????!...?? ??????? ????? ???????? ??...????? ??????? ??... !!..??? ?????? ??? ????????..? ????? ????????..??????? ??? ????? ??? ??? ???? ??????? ??? ????????. ????? ?? ???? ?????? ??????? ?? ????? ??? ????? ??? ??? ?? ??????...
