සති දෙකකට පසු......
" මේ දෝණියො කොහෙටද දැන් යන්නෙ ?"
" බුක් ෆෙයා...
පොත් ටිකක් අරගෙන එහෙම්ම ගෙදර යන් "
" හා හා...
මට මොනාද දැන් අරන් දෙන්නෙ?"
" මොනා අරන් දෙන්නද?..
පොඩි එකෙක් වගේ කොහෙද යන්නෙ කෑම ඉල්ලනවා..
හරි වැඩක් උනානෙ මේක!"
ශනාධි වගේම සෙනුර්යා මේ වෙද්දි හිටියෙ යුනිවර්සිටි එකට ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකේ බස් එකක් එනකන් මග බලන ගමන්.
පාර පුරා යන වාහන වල සද්දෙයි ස්කෝලෙ ළමයින්ගෙන් පිරිලා තියෙන පාරවල් වලිනුයි මුලු පැත්තම ආවරණය වෙලා තිබ්බෙ මුලු මාර්ගයන්ම වාහන තද බදය නිසාම අවුල් ජාලාවකට හැරිලා තියෙද්දි .
" යකෝ මේක හරි කතාවක්නෙ..මට මොනාහරි අරන් දීපන්...!"
" මොනාද දැන් ඕනෙ?"
" කන්න දෙයක් තමයි දෝණියො ඉතින්...වෙන මුකූත් එපානෙ රත්තරනේ..."
" වෙන මුකුත් එපාද ?"
" එපා ඒයි.. බුක්ෆෙයා එක වටේ ඔච්චර කෑම ජාති තියෙද්දි මොකෝ බනිස් ගෙඩියක්වත් අරන් දුන්නා කියලා උබේ ඇගෙන් කෑල්ලක් යනවද නෑනෙ නෑනෙ?..අන්න ඒකයි කියන්නෙ උබර්ට මන් ගැන කිසි ගානක් නෑ...කි..ය..ලා..-
ඒ මේ ශනුවො...අර අතන ඉන්නෙ ගෞරාන් අයියා නේද?"
සෙනුර්යාගෙ කතාවත් එක්කම ශනාධිගෙ ඇස් හැරුනෙ සෙනුර්යාගෙ පැත්තට..
"කොහෙද?"
" අර කැෆේ එක ඉස්සරහා!"
සෙනුර්යා ඇස් දීලා තිබ්බෙ ශනාධිලා හිටිය පාරෙන් එහා පැත්තට.
ඒ එක්කම ශනාධි දැක්කෙ පාරෙ එහා පැත්තට වෙන්න තියෙන එයාලා වෙනදටත් යන කැෆේ එක ළග බයික් එකත් තියාගෙන ඉන්න ගෞරාන්ව වගේම ටිකක් එහාට වෙන්න තියෙන කැෆේ එකේ ඉදන් ඇවිදගෙන එන ගෑනු ලමයෙක්ව.
කලු පාට දණිස්ස තරමට විතරක් දිගට තිබුනු ගවුම එක්ක නළලට හරි ගානට වැටිලා තිබුණු කොණ්ඩ කෑලි ටික වගේම පපුව ළගට වැටිලා තිබුණු කැරලි නොගැසුනු කොන්ඩෙ. ශනාධි ඒ දිහා බලාගෙනම හිටියෙ ඒ ගෑනු ලමයව මීට කලින් එයා දැකලා නොතිබුන නිසා..
YOU ARE READING
Crystal ( Ongoing )
Short Story"????...????? ????? ?? ??????!...?? ??????? ????? ???????? ??...????? ??????? ??... !!..??? ?????? ??? ????????..? ????? ????????..??????? ??? ????? ??? ??? ???? ??????? ??? ????????. ????? ?? ???? ?????? ??????? ?? ????? ??? ????? ??? ??? ?? ??????...
