抖阴社区

Chapter 37 ??

460 27 45
                                        










ශනාධි POV :


එයා හිටියෙ වැස්සට තෙමිලා තෙත් වෙලා තිබුණු ඇදුම් එක්කම අපේ ගෙදර සාලෙට වෙන්න උනත් මන් කරේ අරගෙන ආව තුවායකුත් එයාගෙ අතට දීලා කතා කරන්න ගත්ත එක.තාමත් වැස්සෙ කිසිම අඩුවක් නෑ..

" මුරණ්ඩු කමෙත් සීමාවක් තියා ගන්න රාද්!..ඔයාට අනිත් මිනිස්සු ගානක් නැති උනාට මන් කැමති නෑ වෙන මනුස්සයොන්ට මන් නිසා මුකුත් වෙනවට..."

එයා මුකුත්ම උත්තරයක් නොදී මන් දිහා බලාගෙන ඉන්න නිසාම මන් ආයෙමත් එයාගෙන් මට ඕනෙ උන ප්‍රශ්නෙ ඇහුවා.

" මොකටද දැන් මෙහේ ආවෙ?"

" ඊයෙ ඇයි මට කියන්නෙ නැතුව ගියේ ?"

මන් බැලුවෙ එයාගෙ ඇස් දිහා..එයා අහනවා ඇයි කියන්නෙ නැතුව ගියේ කියලා..මන් මොනාද එයාට කියන්න ඕනෙ?...එයා කවුද අර කෙල්ල එක්ක එච්චර ළං වෙලා හිටියෙ. මන් එයා ළගට ඇවිල්ලා ඒ දෙන්නා අතරට එන්නද?..මෙයා ඒ කෙල්ලවත් එක්කගෙන යන්න ගියේ..එතනින් එහාට මන් මොකක්ද කියන්න ඕනෙ?
කවුද හරි කවුද වැරදි?
දකින්න ඕනෙ දේවල් දැක්කටත් පස්සෙ මුකුත් නොවුනා වගේ හැසිරෙන්න තරන් මන් රහත් වෙලා නෑනෙ.

" මන් හැමදේම දැක්කා රාද්..එතනින් එහාට මට කතා කරන්න දෙයක් නෑ..."

" දකින හැමදේම විශ්වාස කරනවද? "

" නෑ...
ඒත් එකම දේ කිහිප සැරයක්ම දකින්න ලැබෙද්දි ඒක අවිශ්වාස කරන්න පුලුවන්ද?...

දන්නවද රාද්...
ඔයා එහෙම ඉද්දි මට මොකක්ද දැනුනෙ කියලා?-
නෑ ඔයා දන්නෙ නෑ...
මන් ඔයාට ඒක දැනෙන්න දීලත් නෑ..

ආදරේ කියන්නෙ ඒක නෙමෙයි රාද්!
ආදරේ කියන්නෙ එක මනුස්සයෙක් වෙනුවෙන් ජීවත් වෙන එකට.
රූප දහස් ගානක් අස්සෙ උනත් එක රූපයක් වෙනුවෙන් දැනෙන හැඟීමට.

ඔයා මට බොරුවක් කරනවනන් ඒක මෙතනින් නවත්තන්න...
ඔයාට එයාව ඕනෙනන් ඔයා එයාට ආදරෙයිනන් ඔයා එයා එක්ක ඉන්න..
මන් මුකුත්ම කියන්නෙ නෑ..මාව එපානන් මට කියන්න..ඒත් ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක්ගෙ ජීවිතේ එක්ක සෙල්ලන් කරන්න එපා.."

Crystal ( Ongoing )Where stories live. Discover now