🙈 Snakey 🙈 [COMPLETED]

By Chimthri

52.2K 10.3K 5.7K

"මිනිස්සු හරි කුහකයි.. එයාලා ආදරෙ කරන්නෙ ලස්සන දේවල් වලට විතරයි.. ඇයි එයාලට බැරි හැමෝටම එකම වගේ ආදරෙ කරන්න... More

හැඳින්වීම 🐒
Episode 1 🐒
Episode 2 🐒
Episode 3 🐒
Episode 4 🐒
Episode 5 🐒
Episode 6 🐒
Episode 7 🐒
Episode 8 🐒
Episode 10 🐒
Episode 11 🐒
Episode 12 🐒
Episode 13 🐒
Episode 14 🐒
Episode 15 🐒
Episode 16 🐒
Episode 17 🐒
Epispde 18🐒
Episode 19 🐒
Episode 20🐒
Episode 21🐒
Episode 22 🐒
Episode 23 (Final) 🐒
පස෶දන🐒
පසුවදන අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 🙉 (Melly's Gift)

Epispde 9 🐒

1.8K 390 271
By Chimthri

මාත් ඉක්මනින් ඒ ගේට්ටුව පැත්තට යන්න හැදුවත් එකපාරටම මන් දැක්කෙ සෙයුල්ගිව... සෙයුල්ගි හිටියෙ තනියම නෙවෙයි ඊයෙ මන් දැකපු කොල්ලත් එක්ක.. මගෙ ඇස් ඉස්සරහම සෙයුල්ගි ඒ කොල්ලව කිස් කලේ මාව ගල් වෙලා යද්දි.. මේ දේ වෙනවා කියල මන් දැනගෙන හිටියා.. කවදා හරි දවසක මේ දේ මට දකින්න වෙයි කියල හිත කිව්වත් මට ඒ දේවල් පිලි ගන්න ඕනිකමක් තිබ්බෙ නැ.. මන් මගේ හිතම රවට්ට ගත්තා... සෙයුල්ගි වෙන කෙනෙක්ට ආදරෙ කරන එක මට වේදනාවක් උනත් ඊටත් වඩා මට වේදනාවක් දුන්නෙ සෙයුල්ගි මේ දෙවල් මගෙන් හංගගෙන තාමත් මට ආදරෙ කරනව වගේ රඟපාන එකයි..
.
.
.
.
.
Snakey prov..

මන් AM house එකට ගිහින් ඔටාෂාවත් බලල ආයෙම මගෙ apartment එකට ආවෙ කලබලෙන්.. මහන්සිය නිසාම දාගෙන හිටපු සපත්තු කෑලි දෙක ප්‍රක්ෂේපණ මාර්ග දෙකක ප්‍රක්ෂේපණය කරවල ඇදන් හිටපු ඇදුම් පිටින්ම වාඩි වෙලා අහස පොලව නූල් කෑල්ලකින් ගැට ගහන තරමට කල්පනා කර කර හිටියෙ ඔටාශා ගැන..

"මෝ...? ඒක කොහෙද... අනෙ ඒක නැනෙ...😓😓 අප්පා... අනෙ ඒක නැති වෙලා.."

පුරුද්දට වගේ මට ප්‍රශ්නයක් ආවම මන් මගෙ බෙල්ලෙ තියෙන අප්පගෙ රින්ග් එක අතින් අල්ලනවා.. මන් ඒක අල්ලගෙන අප්පට හිතින් හැමදේම කියනවා..එත් අද... ඒක නැති වෙලා.. මට අප්පගෙ කියල තිබුණු එකම දේ ඒක... අප්ප මාව දාල ගිය දවසෙ ඉදන් අද වෙනකන් මන් ඒක බෙල්ලෙන් ගලවල නෑ.. ඒත් දැන් ඒක නැත්තටම නැති වෙලා...

"අප්පා ඔයා ඒක ආයෙම ඔයා ළඟට ගත්තද...😢😭 අප්පා මට ඒක විතරයි තිබ්බෙ ඔයාට ළන් වෙන්න..... අප්පා... ඔයා මට සමාව දෙන්නෙම නැද්ද... අප්පා... සරන්හේ... නා චින්චා සරන්හේ... අප්පා..
බොගොෂිප්පෝ..(miss you)..."

මට පිස්සු හැදුනෙ නැති එක විතරයි.. බලන්න පුලුවන් හැම තැනකම පිස්සෙක් වගෙ ඒක හෙව්වත් මට රින්ග් එක හොයා ගන්න බැරි උනේ අන්තිමට ඒක හොයා ගන්න තිබුණු අන්තිම බලාපොරොත්තුවත් නැත්තටම නැති වෙලා යද්දි... AM house එකට කෝල් කලත් එකෙ අජුස්සිත් කිව්වෙ ඒක එහෙ නැ කියල...

"හිත හදාගනින් ස්නේකියො.. අන්තිමට උබට ඒකත් නැත්තටම නැති උනා.. එක තියා ගන්න උබට අයිතියක් නෑ...😓😓"

ඇස් දෙකෙ කදුළු එහෙමම වැටෙන්න තියල මන් කල්පනා කර කර හිටියා.. මොනව කල්පනා කලාද කියල මන්වත් දන්නෙ නැති තරමට මන් මගේ පාලනෙන් මිදිලා.. අප්ප නැති උණු මට මෙක මොකක්ද කියල මන් අන්තිමේදි හිත හදා ගත්තා උනත් එදා වගේම අදටත් හිතට එන වරදකාරී සිතුවිලි මාව තාමත් වේදනාවට පත් කරනවා... අන්තිමේදි මන් හිතා ගත්තෙ ක්ලබ් එක පැත්තට යන්න... දරාගන්න බැරි හැම දුකකදිම මට මතක් උනේ ක්ලබ් එක...

ඒත් මගෙ කල්පනා දැහැන බිදිලා කුඩුපට්ටම් වෙලා බිමට සමතලා උනේ එකපාරට ඇහුණු ගැනු පරානයකගෙ සද්දෙට...ඒ සද්දෙට අඩ අඩ හිටපු මට හිනා ගියේ ඉබේටම...

"ස්ස්ස්... ඒයි අඩෝ.. මේහ්..උබට කෝල් එකක් බන්.. බලපන්කො කව්ද කියල.. ඉතිම් වරෙන්කො බන්... ඕයි.. අඩෝ.. කියනදේ අහපන්කො බන්.. උබේ ෆෝන් එක රින්ග් වෙනවා... අඩො නෝ.. ඔහොම කරන්න එපා බන්.. හ්ම්ම්.. උබ එහෙමයි නෙහ්.. හරි.. හරි.. කමක් නෑ.. දුකක් නෑ..."

මොකක්ද ඒ සද්දෙ..🤔 මන් ආයෙම ඒ සදෙ එන පැත්තට කන දැම්ම.. ඒක එන්නෙ මගේ apartment එක ඇතුලෙන් ද මන්දා... එක්කො මගේ ළඟින් එහෙමත් නැත්නම් මගේ අසල්වාසි වට්ටි අම්මා කෙනෙක්ගෙ ටින් බෙලෙක්ක සද්දයක්.. මන් එහෙමම කල්පනා ලොව මල්වනේ කියල ඒ කටහඩ අහල පුරුදු නිසා මනෝ පාර ගහගෙන ආවෙ මේක මන් ඇහුවෙ කොහෙදිද කියල හිත හිත..

"ආශ්.. ඒක ආයෙ ඇහෙනවනෙ.. අනික ඒ සිංහල.. කව්ද මෙහෙ මන් ඇරෙන්න සිංහල දන්න කෙනා..🤔🤨"

මන් එහෙමම වටපිට බැලුවෙ ලැබුණියයි ස්කැබර්ග්තුයි යහතින් ඉන්නවද බලන්න.
මුන් දෙන්නා හරියට ඉරාකයයි පලස්තීනයයි වගේ කොයි වෙලාවෙ මිසයිල ගහගෙන තුන් වෙනි ලෝක මහා සංග්‍රාමෙ පටන් ගනීවිද කියල දෙයියො තමයි දන්නෙ.. සැක්.. මට ඔටාශාවත් අරන් එන්න තිබ්බ නම්.. ඒත් ඉතිම් මේ ගේ අස්සෙ කොහොමද ඌව තියා ගන්නෙ....

"ආශ්.. අර ගැනිගෙ කැ ගැහිල්ල තාම ඇහෙනවනෙ.. ඕක මරලතෝනි නොතියා ෆෝන් එක ගත්ත නම් මක් වෙනවද.. ආ.. හැ... ඇයි මේ මගෙ ෆෝන් එකෙන් ලයිට් පත්තු වෙන්නෙ...?? මෝ...?? කෝල් එකක්... එතකොට මේක මගේ රිගින්ටෝන් එකද..? හෙන ගහන්න එපැයි.. මන් කවද්ද මෙහෙම අටමගලයක් දැම්මෙ 🤔🤨... ?

ආශ්.. ස්නේකියො.. ටොටත් පුත්තලම් බූරුවො තුන හතරකගෙ වයස.. ඒත් මෙලො මංගල්‍යයක් මතක නෑ.. තියෙන අවසිහියෙ හැටියට ටෝ ඔය ඇදන් ඉන්න වස්තර ටික පරිස්සම් කරගෙන ඉන්න එකම ලොකු දෙයක්... 😑😑"

මන් එහෙමම කෝල් එක ආන්සර් කලේ ඒක සඳියාගෙන් ධර්ම දේශනාවක් අහන්න ලම්භකර්ණ දෙකත් රෙඩි කරගෙනම..

🔹"යොබුසෙ..."

🥀"ආහ්.. ෆෝන් එක ගත්තද නෝනමහත්තා.. ඈ. බන් සුනඛයො ටොගෙ දැන් ඇස් බීරි වෙලා කන් පොට්ට වෙලාද.. ටෝ දන්නවද මන් දැන් කී පාරක් මේ ලදරමට කෝල් ගත්තද කියල.. හැල්මොනීට රයිස් ගරන්න.. ටො ඕක ගන්න යන වෙලාවෙදි මට කොරියාවට ඇවිත් කතා කරල යන්නත් තිබ්බ.. අම්මප ළඟපාතක හිටියා නම් මන් තෝව පැක් කරලා ඇන්ටාක්ටිකාවට යවනවා.. මැඩගස්කර් ඔටුවා...😑"

🔹"අනා.. මැනික... කූල් ඩවුන්...."

🥀"කුල් ඩවුන්...😑 මන් ටොට කියන්නැ... හෙට bts ලගෙ ෆැන් මීටිමක් තියේ සෝල් වලම.. ගිහින් මට සයින් එකක් අරන් වරෙන්..."

කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු.. ඉදල ඉදල මේ කලවැද්දි කිව්ව කතාවට මට කෙල ගුලියකුත් ඉබේටම වගේ ගිළුණා..

🔹"මොකක් කිව්වා.. ටොට මාන්දම ද..? ඕවට ලේසියෙන් යන්න බැ... අනික මන් කොහොමටවත් යන්නැ අර අලි ඔළුවා ඉන්න පැත්ත පලාතකටවත්..."

මන් කිව්වෙ මේ දවස් වල මට පේන හීනත් ඇඟට ගුන නෑ කියල මතක් උණු නිසා.. අනික මට ඒ යකා පේන්න බැ.. ඒකා නැති උනා නම් මාත් පැනගෙන යන්නෙ ඕවට.. මේ සඳියාට මොකට ඔය පිස්සුව ගැහුවද මන්දා.. 😑 මන් එපැයි දැන් ඒවටත් විඳවන්න...

🥀"ඒව වැඩක් නැ.. මොන ලෝකෙන් හරි යුන්ගිගෙ සයින් එකක් අරන් මට එවපන්... අනික අර මෝඩ පූසාගෙ නම වෙනස් කරපන්.. මගෙ biasගෙ නම දාන්නෙ නැතුව.. 🤨"

මේකි මේ කියන ඒවට මගෙ උණ්ඩුකපුච්චෙත් ක්ෂීණ වෙලා යනව වගේ මට දැනෙන්න ගත්තෙ හෙමිහිට දාඩිය බින්දුවක් දෙකක් මූණට ඩවුන්ලොඩ් වීගෙන එනකොට... මේ මෝඩ උනහපුළුවගෙ bias යුන්ගිම උණු එක තමයි මට හෙනේට හිටියෙ.. ඇයි දෙයියනෙ අර දිලිසි දිලිසි ආකාසෙ බැබෙලන තරු වගෙ ඉන්න අනිත් කොල්ලො හය දෙනා නැතුව මේකම මේකි bias කරගෙන කෙල පෙරන්න ගත්තෙ... අනිත් අයට කියල ශේප් එකක් දාගත්තත් අර පූස් තඩියා එක්ක කොහොම සාම ගිවිසුම් ගහන්නද.. ඊට හොදයි ලංකාවට ගිහින් අමුඩයක් ගහන් කුඹුරු කොටනවා.. 😑 අනික ඔය යකාට මොලේ වැඩී ඔක්කොම දේවල් ගානට මිම්මට මීටරෙන් ඉන්නෙ.. ඒ නිසා බොරුවක් කරන්නවත් බෑ..😑 මේ ආත්මෙට මට ඒකාගෙන් නම් සයින් එකක් ගන්න බැ..😑😑

🔹"හැයියැයි..හැයියැයි..හැයියැයි..හැයියැයි.
හැයියැයි..හැයියැයි..."

මන් සදියගෙ කියවිල්ල මැද්දෙන් දිවත් එලියට දාගෙන ඇස් දෙකත් වපර කරගෙන ඇද කරන්න ගත්තෙ වෙන කරන්න මෙලො දෙයක් නැති නිසා..😑😑

🥀"දැන් ඔය ටෝ මටද ඇද කරන්නෙ ආහ්.."

🔹"ඈහ්.. අනී... මේ කන් තේජුවට..."

අම්මපා මෙකිටත් අර අලි ඔළුවගෙ පූස් ඉව තියේද කොහෙද... 😑 සඳියා තරහ කර ගත්තොත් ගහපු හැම ප්ලැන් එකක්ම කොස්, දෙල් වෙන නිසා මන් ශේප් එකට කන් තේජුන් අල්ලල බොරුවක් කිව්වා.. නැත්නම් ඉතිම් මට මේකිගෙන් මගෙ ලම්භකර්ණ වල පැනි පිරෙන්න අහගන්න වෙන්නෙ.. මන් නම කිව්ව ගමන් අනේ අසරණ කන්තේජුන් අතේ තිබ්බ කෙහෙල් ලෙල්ලත් දාල මන් ළඟට දුවල ආවා....😓😓

🥀"ම්ම්ම්... අහ්.. අර උබේ මින් අංකල්ට කියල උදව්වක් ගනින්.. ටෝව vip ඒරියා එකට නිකන්ම දැම්මා නම් ඉතිම් ඕකත් බැරි වෙන එකක් නැ..."

🔹"හා..හා.. හරි හරි.. දැන් තියපන් ෆෝන් එක.. ටොගෙ ටින් බෙලෙක්ක සද්දෙට මගෙ කනේ සංවේදනය නැති වෙලා..."

🥀"කිව්ව කියල හිතා ගනින් ස්නේකියො..."

මන් එහෙමම ෆෝන් එක කට් කරල හතර අතේ කල්පනා කලේ මින් අංකල් මොන දේවාලෙකින් හොයා ගන්නද කියල.. ටික වෙලාවකට පස්සෙ තමයි මට මතක් උනෙ පිල්ලිය වගේ මින් අංකල්ගෙ පස්සෙන් යන යන තැනට යන Mr.Jung ව.. mr jung කියන්නෙ මින් අංකල්ගෙ සෙකට්‍රි.. සෙකට්‍රි කිව්වට ඔය යකා මින් අංකල්ගෙ පස්සෙන් යන්නෙ නැත්තෙ වොශ් රූම් එකට විතරයි.. එකටත් පස්සෙන් යනවද කියල මට සැකයක් නැතුවම නෙවෙයි..😑

ඒ යකාට පුත්තල්ම් බූරුවො දහය පහලවකගෙ වයස... නාකි උනාට වයසට නෙවෙයි වැඩ ඒකාගෙ.. ලෝක පැනියා.. ඇබලයා වගේ මාව දැක්කම ඒකාගෙ කට කනේ කන කරේ.... සික් විතරක්... නාකි විසේ ගෙටත් උසේ කිව්වලු... හරබොජි හම්බෙන්න නිතර නිතර ඉස්සර බොරු හේතු හදන් එන ඔය ආතබූත ආතුරයා ගැන මන් ඉස්සර ඉදන් හෙන ඇලට් එකේ හිටියෙ.. හොද වෙලාවට මේ යකා එදා ශෝ එකෙදි මාව දැක්කෙ නැ.. නැත්නම් කේලම ගානට ලුණු ඇඹුල් එක්කම ගිහින් හරබොජිගෙ කන් දෙකෙ තියයි.. 😓 හැබැයි ඉතිම් පොර මන් කිව්වොත් ආමාශය, අග්න්‍යාශය, කුගඩ්ඩක් විතරක් නෙවෙයි උණ්ඩුකපුච්චෙ උනත් ගලවල දෙන සයිස්... ඒ තරමට ඒකාට ලව් සික්.. 🤣🤣 නහින දෙහින කාලෙ පරලෝකෙට පිනක් දහමක් කරගන්නෙ නැතුව මේ නාකියත් කර වැඩ අම්මපා 😑

කොහොම හරි යන්තම් මගේ හිත් පොඩ්ඩ මන්දො කරන් මරන්න ගෙනියන කිරි ගවයෙක් වගේ බැරි බැරි ගාතෙ mr jungට කෝල් එකක් අරන් මින් අංකල් හම්බෙන්න අදම appointment එකක් දාගත්තෙ දන්න සෙල්ලම් ඔක්කොම දාලා.. ඒකට ඉතිම් ඔය හැට හතර මායම් වලට අමතව extra මායම් දෙක තුනක්ම එකතු කරල හොද ගුලියක් අඹරන්නත් උනා... අන්තිමට ඉතිම් mr jung ව ඩිනර් අව්ට් එකකට එක්කන් යන්නත් මට පොරොන්දු වෙන්න උනා ඒ මගුල නිසා.. අව්ලක් නෑ බලු කපුටු දානයක් දෙනව කියල හිත හදන් යනවා...

Mr.jung කියන්නෙ ඉතිම් උපතින්ම මල පෙරේතයෙක්.. ඒක දන්න නිසාම මන් ඒ මිනිහට නම දාල තිබ්බෙ මහ කන ජාතකේ කියල... ඇයි අප්පා.. කෑම දැක්කම අම්ම මුත්තවත් මතක නෑ ඒ මනුස්සයට නම්... කොහොමත් පුස් ඌරා වගෙ තඩි ඇගක් තිබුණු mr jung කන්නෙ ජේතවනාරාමෙටත් වඩා තඩි බත් කෝප්ප... හරබොජි එක්ක ඩිනර් ගන්න දවසට මන් අජුම්මට කියනව එයාට බේසමකට බත් බෙදන්න කියල 🤣🤣... මොකද අපි කන සුට්ටන් බත් කෝප්ප එයාට නිකන් හන් ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ගානක් වත් නැති නිසා.. ඔක්කොටම හපන් මේකා ඌරා මැටි ගිලින්න වගේ චව් චව් ගගා ගිලගෙන ගිලගෙන යන හැටි... 😑😑 මතක් වෙනකොටත් ඊයෙ පෙරේදා කාපුවත් එලියට දාන්න තරම් අප්පිරියයි..

🔹"ආශ්... සඳියා අහු වෙයන්කො ටෝව... මන් ටෝ ඩෙවල් දානො ගස් හිකනැලා..."
.
.
.
.
.
.

Few hours later...

මින් අංකල්වත් මීට් වෙලා මන් ආයෙම එන ගමන් හිටියෙ.. දෙයියො බලුව වගේ ෆෑන් මීටින් එකට මට යන්න චාන්ස් එකක් ලැබුනා.. ඇත්තටම මින් අංකල් කොහොම මේ දේවල් කරනවද කියල මට තාම හිතා ගන්න බැ..

"ආශ් ඒ දේවල් මොකටද මට ඕනි එක උනානෙ .."

මට ඇති වාහනයක් නැති උනත් තියෙන ඇඟේපතේ අමාරුවට මන් apartment එකෙ කාර් පාක් එක පැත්තෙ ගියේ ජොලියට වගේ ඕපදූපයක් හොයන්නත් එක්ක..

🔹"බංකු කකුල.. නිකන් කකුල..
බංකු කකුල නිකන් කකුල
බංකු කකුල.. නිකන් කකුල..
බංකු කකුල නිකන් කකුල..."

මන් කියන්නෙ මොකක්ද කියල මටම නොතේරුනත් මන් ඕක කිය කිය කුන්දෙන් පැන පැන ආවෙ හෙන සන්තොසෙන්.. මන් එහෙමම ඇවිත් පාර්කින් එකේ තිබුණු ගලකට පොඩි පයින් පාරක් දෙන්න හැදුවෙ...

🔹"හනා.. දුල්.. සෙත්.... ආශ්... අම්මෝ.."

විනාඩියක් ගියේ නැ මන් පොළව මහී කාන්තාවට පසඟ පිහිටුවල දණ්ඩනමස්කාර කරගෙනම බිම පත බෑවුණේ අඩු පඬු ටික හතර අතේ විහිදගෙන.. ආශ්... හක්කත් ඇනුනා.. ඒක නම් රිදුනා...😢😢 මගේ අතේ තිබුණු බෑග් රාජයා ටොනේඩෝ සුළි කුණාටුවකට අහු උනා වගේ පෙරලිලා පෙරලිලා ගිහින් බෙංගාල බොක්ක හරියෙ විතර නැවතුනේ මගෙ ඕපදූප සෙවීමේ පරම පිවිතුරු පවිත්‍ර චෙතනාව සුන්නද්ධූලි කරගෙන.. පෙර පිනකට වගේ පාකින් එක පැත්ත පලාතක බලු බල්ලෙක් නැති නිසා ජාමෙ බේරගෙන දන ගාගෙනම මන් ගියේ බෑග් එක ගන්න..

බෑග් රාජයත් තුරුල් කරගෙන නැගිටින්න හැදුවත් හැල්මොනිගෙ පාර්කින් එක කියල හිතාගෙන එකෙක් මගෙ නහය ළඟින්ම වහනෙ ඩ්‍රයිව් කරන් ගිහින් පත බ්‍රේක් පාරක් ගහගෙනම නැවැත්තුවා..

"මුගෙ හැල්මොනිට සම්බා ගරන්න.. තව පොඩ්ඩෙන් මගෙ සුට්ටන් නහයත් මුක්කන් වෙනොනෙ.. 😑"

මන් හෙමිහිට සැටලයිට් එක ඒ පැත්තට හරවගෙන හිටියෙ මේ ගිනිපුක්ගාය තියෙන එකා මොකාද කියල බලන්න.. ඒ එක්කම මන් දැක්කෙ කාර් එකෙන් හෙනකදයා වගේ කෙනෙක් කලබලෙන් බහින හැටි.. වැඩිය උස නැති ඒ කොට ඩය එක පෙනුමට නම් ටිකක් සල්ලි තියෙන හැන්ඩ්සම් බුවෙක් කියල මගේ සූකිරි මොලේට තේරුනා.. ඒ මිනිහා එකපාරටම මන් ඉන්න පැත්තට හැරුණා...

🔹"මොකා... අලි ඔළුවා..."

මන් අතින් කට වහගෙන එහෙමම බිම ඉදගත්තෙ ආයෙම බාල්දි දාගන්න ඕනි නැති නිසා.. ඒකා මාස්ක් එකක්වත් නොදා හිටියෙ... සයිඩ් කන්නාඩියෙන් මූනත් තහඩුව යහතින් තියේද කියල බලල ඒකා එහෙමම පස්ස කැඩිච්ච කූඹියා වගේ පස්සත් වන වන apartment එක ඇතුලට යනවා මන් බලාගෙන හිටියා...

"ඔන්න ස්නේකියො දැන් තමයි පලිගන්න තියෙන හොදම චාන්ස් එක..."

මන් මූනට කට්ට කයිරාටික වෙට්ට් පිත්තල හිනාවකුත් දාගෙන කාර් එක පැත්තට ගියා..

"ඈහ්... පලි ගන්න..? මට ඒකා එක්ක තියෙන ඇරියස් එක මොකක්ද පලි ගන්න තරම්...?"

මන් හෙන සීරියස් මෝඩ් එක ඔන් කරගෙන හිතුවත් සාදාරණ හේතුවක් නම් මට හම්බ වුනේ නැ... ඒ අලි ඔළුවා එක්ක තියෙන අව්ල මොකක්ද කියල දන්නෙ නැති උනත් ඕකට හොද පාඩමක් උගන්නන්න මේක තරම් චාන්ස් එකක් මට ලැබෙන්නෙ නැති නිසාම මන් හොරා වගේ කාර් එකේ දොර ඇරල බැලුවෙ ඒක ලොක් කරලද කියල හිතන ගමන්.. ඇත්තටම ඒකා මට කරපු වැරැද්දකුත් නෑ... ඒත් මට පේන්නත් බෑ..

🔹"මොහ්...? මේක ලොක් කරලා නෑහ්...😎"

මන් හෙමිහිට මගේ බැග් එක අව්ස්සල බැලුවා.. කෙහෙල් ලෙලි දෙක තුනක්, බාගෙට කාපු දවස් දෙක තුනක් පරන පීසා කෑල්ලක්, බාගෙට බීපු කොකා කෝල බෝතලයක්, ලොකු පරාල ඇණයක්, ඩ්‍රෝවින් පින් සෙට් එකක්, අහ් තව ඔටාශාගෙ තුවාල පිහිදපු ලේ පිරුණු පුලුන් සෙට් එකත් මට බෑග් එක ඇතුලෙන් හොය ගන්න්න පුලුවන් උනා..

"ඔය තියෙන්නෙ.. මේ ටික ඇති... දෙන්නම් ජමිබු..."

මන් ලොකු පරාල ඇනේ අරගෙන අත තද කරල කර් එක පුරාම හූරගෙන හූරගෙන ගියා.. මදි පාඩුවට අලි ඔළුවගෙම කී එක අරගෙන ඒකෙනුත් කාර් එක වටේට හූරගෙන ගියේ හිනා වේගෙනම.. ඊට පස්සෙ කොකා කෝල බෝතලේ අරගෙන ඇතුලෙ තිබුණු ඔක්කොම කාර් එකට හලල පරණ පීසා එක පොඩි කරල ඒකත් ඇතුලට දැම්මා... අපරාදෙ කියන්න බෑ එක හරි සුවදයි...😑😑 ඩ්‍රෝවින් පින් ටිකත් කාර් එක පුරාම දාපු මන් ඔටාශාගෙ ලේ පිරුණු පුලුන් කෑලි ටිකත් කඩල කඩලා කාර් එක ඇතුලට දැම්මා..

බෑග් එකෙන් ලිප්ස්ටික් එක ගත්තු මන් ඉස්සරහ ග්ලාස් එක පිරෙන ලොකු පූසෙක්ගෙ මූනක් ඇන්දා..

"ඒක පූසෙක් වගේද.. ටිකක් විතර බල්ලෙකුත් වගේ... ඔන්න ඔහේ ඕනි මංගල්‍යක් කියල යටින් cat කියල ලියන්න ඕනි... නැත්නම් හොයා ගන්න බැරි උනොත් මගෙ මහන්සිය අපරාදෙ..."

මන් ඒක යටින් cat කියල ලිව්වා.. ඒ එක්කම පූස් මූනට එහා පැත්තෙන් I hate you අලි ඔළුවා කියල ලිව්වා.. ආහ් තව

'මෝඩ පූසා.. පූස් තඩියා... මට පේන්න බැ... හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙන්න හිතෙනවා....'

වගෙ ගොඩක් ඒවා ලියල දැම්මා.. ඔක්කොම වගේ සිංහලෙන් ලිව්වෙ ඔය මෝඩ යුංගියාගෙ මොලේ කුරුවල් කරවන්න හිතාගෙන.. දැන් ඔය ලියපුව කියවන්න ගිහින් ඕකා මොලේ සමනල් ගැටේ දාගනීවි.... සා... හරිම සෝක්...

ආහ් තව මන් බෑග් එකෙන් කොලයක් අරන් එකෙ "meow.. meow...." කියල ලියල ඩ්‍රෝවින් පින් එකක් අරන් ස්ටියරින් වීල් එකේ ගැහුවා.. ඒ එක්කම එතනින් මාරු වෙලා යන්න ගිහින් සුට්ටන් දුරක් ගිහින් ආයෙම දුවගෙන ඇවිත් සයිඩ් කන්නාඩියට පයින් පරක් දුන්නෙ ඒක ගැලවිලා බිමට වැටෙන්න..

"ආව්... ස්නේකියො.. දැනෙන සතුට...🙈"

සතුට වැඩිකමට එතනම ඉදන් සෙල්ෆි දෙක තුනකුත් ගහල මන් එහෙමම කාර් පාක් එකෙන් මගේ aprtment එකට බබා වගෙ ගියේ මගෙ හිත සතුටින් ට්‍රම්පට් ගහද්දි...
.
.
.
.
.
.
.

Yoongi prov...

අද උදේ පාන්දරම මට නැගිටින්න උනේ ඩෝ බෙල් එකේ සද්දෙට.. නිදිමතේම ගිහින් ඩෝ එක ඇරියමයි මට මතක් උනේ අද අපිට ෆෑන් මීටින් එකක් සෝල් වල තියෙනව කියල.. මේ වෙනකොටත් දොර ඉස්සරහ හිටගෙන හිටියෙ බොඩිගාඩ් කෙනෙක්.. මේ දවස් දෙක තුන තනියම බොඩිගාඩ්ලවත් නැතුව ඇවිදපු නිසා අද නම් වෙලාවටත් කලින් staff එකෙ කට්ටිය බොඩිගාඩ්ල එවල තිබ්බෙ මාව dorm එකට එක්කගෙන යන්න... ගෙවුණු දවස් දෙක තුන මන් මෙ apartment එකට වෙලා හිටියෙ තට්ට තනියම.. පොඩි උන් ටික නැතුව මන් හිටියෙ පුදුම තරම් පාලුවකින්.. එයාලගෙ පිස්සු වැඩ ගනන් නොගෙන ඒවට සැර කලාට හිත යටින් මන් ඒ දේවල් වලට ආදරෙ කලා.. ඒ දේවල් මගේ ජීවිතේම කොටසක් වෙලා කියල මට තේරුම් යන්න මෙ තරම් කල් ගිහින්.. අන්තිමට මන් හේසොක්ටයි ජිමිනාටයි බැන්න විදිහ නිසා ආයෙම එයාලට මූන දෙන්න බැරි හැඟීමක් දැන් මගෙ හිතට එන්න අරන්.. කොයි තරම් ආදරෙ කලත් සෙයුල්ගි නිසා අපේ සහෝදරකම් පලුඳු උණ එකට නම් මට තිබ්බෙ සෙයුල්ගි එක්ක තරහක්..

උදේම ඉකමනට ලැස්ති වෙලා බොඩිගාඩ් කෙනෙත් එක්ක කාර් පාර්ක් එකට ගියේ මගේ වාහනෙන්ම dorm එකට යන්න හිතාගෙන උනත් එතනට ගිහින් කාර් එක දැක්කපු මට ඒකට වෙලා තියෙන දේ හිතා ගන්න බැරි උනා.

ඊයෙ තිබුණු වාහනෙ වෙනුවට අද තිබ්බෙ තනිකරම වෙනස් වාහනයක්.. මුළු වාහනේම ඩැමේජ් කරල විනාස කරල තිබුණා.... මොනවද මන්දා නොදන්න භාෂවකින් ලියපු අකුරු.. චිත්‍ර වගෙම කාර් එක පුරාම ලේ පිරුණු පුළුන් කෑලි පිරිලා තිබුණා.. ඒ මදිවට සයිඩ් කණ්ණාඩිය කුඩුකරල තිබ්බා.. ඒක දැක්කම මට ඉබේටම වගේ අර නට් එකව මතක් උනේ එදා අපේ වාහනේ කුඩු කරපු හැටි මැවිලා වගේ පෙනෙද්දි..

🔽"ආශ්.. ෆ්‍රෙඩ්... මේක කරපු එකා මොකාද බලනවා..."

*"යේ... යුන්ගිශ්ශි මන් බලන්නම්.. ස්ටාෆ් එකෙන් තව විනාඩි දහකයින් වාහනයක් ඒවි ඒකෙන් යුන්ගිශ්ශිට ඒකෙ යන්න පුලුවන්..."

ෆ්‍රෙඩ් කිව්වම මාත් ඔලුව වනලා පිලිගත්තෙ මෙකෙ නම් කොහොමටවත් යන්න බෑ කියල තේරුණු නිසා...

විනාඩි දහයකට විතර පස්සෙ ස්ටාෆ් එකෙන් එවපු වාහනෙන් dorm එකට ගියපු මන් අනිත් අයත් එක්කම ලැස්ති වෙලා ෆැන් මීටින් එක තියෙන තැනට ආවෙ හිතෙ සැහැල්ලුවෙන්.. ඒකට හේතුව උනේ මේ වෙනකොටත් මන් කරපු හැම දේම කොල්ලො ටික අමතක කරල වෙනදා පුරුදු විදිහටම මාත් එක්ක හිනා වෙවී පිස්සු කර කරම හිටපු එක.. වැඩිය සද්ද බද්ද වලට අකමැති මන් දැන් මේ පොඩි උන්ගෙ කියවිල්ල කෑගැහිල්ලට මේ තරම් ආස වෙලා... මන් ඇස් දෙක පියාගත්තෙ කට කොනින් ලාවට හිනා වෙන ගමන්.. ආයෙම ගෙදර ආවා වගේ හැඟීමක් මට දැන් දැනෙන්න අරන්...
.
.
.
.

🐰"හ්යොන්ග්.. හ්යොන්ග්... අපි තැනට ආවා... හ්යොන්ග් නගිටින්නකො..."

කුකියගෙ කටහඬට මන් නගිටල වටපිට බැලුවා... ෆන්ශන් එක පටන් ගන්න තව විනාඩි පහක් වගේ තියෙන නිසා අපි කට්ටියම වාහනේට වෙලා හිටියෙ අපිට එන්න කියල පණිවිඩයක් එනකන්... විනාඩි පහකට විතර පස්සෙ අපි කට්ටිය එකටම ගියා.. මන් තාමත් කල්පනා කර කර හිටියෙ මට උදේ උණු දේ ගැන ඒක හේටර් කෙනෙක් කරන්න ඇති කියල හිතුනත් ග්ලාස් එකෙ ඇදල තිබුණු චිත්‍රය දැක්කම මට හිතෙන්නෙම ඒක නර්සරි ලමයෙක්ගෙ වැඩක් කියල.. ඒක ගැන තරහවක් බයක් වෙනුවට මට එන්නෙ හිනාවක්... "meow...meow" කොලේ දැක්කම මට ඉබේම හිනා යන්නෙ එතන ලියල තිබුණු දේවල් වලින් මට තේරුණු එකම දේ ඒක විතරක් නිසා වෙන්න ඇති...

වෙනදා වගෙම ෆෑන් මීටින් එකේදි ආමිලාගෙන් තෑගි ගොඩක් අපිට හම්බුනා.. එයාලගෙ සතුටු කදුළු වගේම අපිට තියෙන ආදරෙ දැක්කාම මටත් ටිකකට මගේ ප්‍රශ්න හැම දෙයක්ම අමතක වෙනවා... හැමොගෙම හිනා මැද්දෙ මීටින් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල මීටින් එකට කඩා පැන්නෙ කෙල්ලෙක්.. staff එකෙන් වගේම බොඩිගාඩ්ලත් කෙල්ලට එන්න දුන්නෙ නැති නිසා එතන ලොකු කලබලයක් ඇති උනා... මට තේරුණු විදිහට නම් කෙල්ල එලියෙ බොඩිගාඩ් කෙනෙක්ගෙත් නහයට ගහලා ඇතුලට ඇවිත්... එත් එකපාරටම මෙච්චර වෙලා ඇතුලට එන්න ඉඩ දුන්නෙ නැති කට්ටිය කෙල්ලට එකපාරටම ඇතුලට එන්න දුන්නා... ඒ වෙලාවෙයි මන් ඒ කෙල්ලවත් කෙල්ලට පිටිපස්සෙන් ඉදපු කෙනාවත් දැක්කෙ.....

"මෝ...? මෙයා.... මෙතනටත් ඇවිත්... මෝ..? අප්පා...? අප්ප කොහොමද එයාව දන්නෙ....??"

මන් ඒ දේවල් හිතුවා විතරයි... ඇවිත් තිබුණෙ අර වදකාර නට් එක... ඒකත් මගෙම අප්ප එක්ක... ඇස් බෝල කරකව කරකව අප්ප එක්ක කතා කරල පිස්සු බල්ලෙක් පස්සෙන් එලවන් ආවා වගෙ අපි ඉන්න පැත්තට දුවගෙන ආවා... සූට්ටන් ෆ්‍රොක් එකක් ඇදගෙන කොටට කොටේ ආපු කෙල්ල නම් වෙනදට වඩා පොඩ්ඩක් හැඩද මන්ද..

"ආශ්... යුන්ගියා... තමුන් මොකටද මේ වගෙ එකෙක්ගෙ ලස්සන හොයන්නෙ.. වදකාරයෙක්.. මට පේන්න බෑ..."

මන් එහෙමම මුනට තරහක් අරගෙන ඒ කෙල්ල දිහා බැලුවා... එයා නම් මාව දැක්කත් නොදැක්ක ගානට දුවගෙන ඇවිත් කෙලින්ම නැවතුනේ ජින් හ්යොන්ග් ගාව... අපි හත් දෙනා විතරක් නෙවෙයි අනිත් හැමෝමත් මේ කෙල්ල දිහා පුදුමෙන් බලම් හිටියත් එයාට නම් කිසිම ගානක් උනෙ නෑ.... මට එහා පැත්තෙ හිටපු ජින් හ්යොන්ග් ළඟ දණ ගහගෙන එයා හති අරින්න ගත්තෙ මැරතන් එකකට ගිහින් ඇවිත් වගෙ...

🔰"අනේ මේ ඔයානෙ..."

ජින් හ්යොන්ග් හිනා වෙවී කිව්වම කෙල්ලත් ලස්සන හිනාවක් දාල ජින් හ්යොන්ග් දිහා බැලුවෙ දිලිසෙන ඇස් වලින්...

🔹"ඔප්පා... ඔයාට මාව මතකද...?"

මේකි ඇහුවම ජින් හ්යොන්ග් තුත් ඔලුව වැනුවෙ ඔව් කියල කියන්න...

"ශිට්.. සයින් එකක් දාල යවන්නෙ නැතුව මොකට මේකි එක්ක කතා කරන්න යනවද මන්දා..😑 මල කෝලං"

🔰"ඔයාගෙ නම මොකක්ද...?"

ජින් හයොන්ග් ඇහුවම නම් නට් එකගෙ මූන දෙක උනෙ බලන් ඉද්දි.... නිකන් ජින් හ්යොන්ග අහන්න ඕනි නැති දෙයක් ඇහුවා වගෙ මූන දෙකක් කරන් එයාගෙ නම කියන්න ගත්තා...

🔹පා...ක් සැන්ඩ්‍රා.... හී...ජි....න් නිම්නදී..."

🔰"මෝහ්...?😄"

🔹පාක් සැන්ඩ්‍රා හීජින් නිම්නදී..."

🔰"හෑ...."

කෙල්ල ආයෙම කියනවත් එක්කම ජින් හ්‍යොන්ග් කටත් බෝක්කුවක් වගේ ලොකු කරගෙන කෑ ගැහුවම නම් අමාරුවෙන් හිර කරන් හිටපු මගෙ හිනාව එකපාරටම පැන්නෙ කට්ටියම මන් දිගා ඇස් ලොකු කරල බලද්දි..

....................................................................................................................

හායි මගෙ කබර හුනු පැටව් ටික.... කතාව සූට්ටක් පරක්කුයි නෙහ්... මියානෙහ් බබිලා.. එක්සෑම් එකක් කියල මාව මුලා කලානෙ... එක කල් ගියා... පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම් කතා දෙකක් එකට දෙන නිසා හෙනම අමාරුයි දෙන්න ගියාම... ටයිප් කරන්න එහෙම ගියාම පන යනව.....

කතාවෙ කොලිටි එක අඩු වෙලාද.. ? රිය වගෙ හිනා යන්නෙ නැද්ද කියල පොඩ්ඩක් කියන් යන්න.. මට පොඩ්ඩක් විතර එහෙම හිතෙනව... 😢

ඉක්මනට අප්ඩෙට් දෙන්න ට්‍රයි කරන්නම්... සරන්හේ..😍

Continue Reading

You'll Also Like

112K 14K 35
" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම...
83.7K 7.7K 14
Don't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐊𝐈𝐌 𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆 21+ 𝐖𝐚𝐫𝐧𝐢𝐧𝐠 🔞❗ අනුකම්පා විරහිත ගනුදෙනුවක අවසන් ප්‍රතිඵල...
49.7K 4.2K 43
PondPhuwin Myanmar Fic
39.5K 5.9K 24
"මා...මාව අත....අරින්න...මොකක්ද...කරන්නෙ" "මං කරන්නෙ මට ඕන දේ..ඇයි ප්‍රශ්නයක්ද...ම්ම්ම්...." "ඔයාට කැමති ඒව ඔයා කරගන්න...මාව අතඇරල" "එහෙම බෑනෙ බබා..ම...