💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞...

By Rukshikakalhari

84.8K 16.5K 9.7K

💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්... More

01.. පළවෙනි දිගහැරුම .....🍁
02.. දෙවැනි දිගහැරුම ... 🍁
03.... තුන්වැනි දිගහැරුම ....🍁
04.. හතරවෙනි දිගහැරුම ... 🍁
05.. පස්වෙනි දිගහැරුම .... 🍁
06..හයවෙනි දිගහැරුම ...🍁
07... හත්වෙනි දිගහැරුම ....🍁
08.. අටවෙනි දිගහැරුම ..🍁
09.. නවවෙනි දිගහැරුම ...🍁
10..දසවෙනි දිගහැරුම ....🍁
11... එකොළොස්වෙනි දිගහැරුම ....🍁
12.... දොළොස්වැනි දිගහැරුම ...🍁
13... දහතුන්වෙනි දිගහැරුම ...🍁
15.. පහළොස් වෙනි දිගහැරුම .... 🍁
16.. දාසයවෙනි දිගහැරුම ...🍁
17.. දාහතරවෙනි දිගහැරුම ...🍁
18... දහ අටවෙනි දිගහැරුම ....🍁
19... දහනව වෙනි දිගහැරුම ....🍁
20 ... විසිවෙනි දිගහැරුම .... 🍁
21.... විසි එක්වෙනි දිගහැරුම ....🍁
22... විසි දෙවැනි දිගහැරුම ... 🍁
23... විසි තුන්වෙනි දිගහැරුම.. 🍁
24...... විසි හතරවෙනි දිගහැරුම ....🍁
25.... විසි පස්වෙනි දිගහැරුම ....🍁
26.. විසි හයවෙනි දිගහැරුම ..🍁
27.. විසි හත්වෙනි දිගහැරුම ....🍁
28.... විසි අටවෙනි දිගහැරුම ....🍁
29.. විසි නවවෙනි දිගහැරුම ....🍁
30... තිස්වෙනි දිගහැරුම ...🍁
31...තිස් එක්වෙනි දිගහැරුම ...🍁
32.. තිස් දෙවැනි දිගහැරුම ...🍁
33.. තිස් තුන්වෙනි දිගහැරුම ....🍁
34.. තිස් හතරවෙනි දිගහැරුම ...🍁
35.. තිස් පස්වෙනි දිගහැරුම ....🍁
36.. තිස් හයවෙනි දිගහැරුම ..🍁
37... තිස් හත්වෙනි දිගහැරුම ....🍁
38... තිස් අටවෙනි දිගහැරුම .... 🍁
39.. තිස් නවවෙනි දිගහැරුම ... 🍁
40... හතලිස් වෙනි දිගහැරුම .......🍁
41...... හතලිස් එක්වෙනි දිගහැරුම ....🍁
42... හතලිස් දෙවැනි දිගහැරුම ....🍁
43... හතලිස් තුන්වෙනි දිගහැරුම ....🍁
44... හතලිස් හතරවෙනි දිගහැරුම ...🍁
45..... හතලිස් පස්වෙනි දිගහැරුම ....🍁
46... අවසන් දිගහැරුම ...🍁

14.. දාහතරවෙනි දිගහැරුම ....🍁

1.7K 390 227
By Rukshikakalhari

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞....

Red velvet crush ...... ඉවර වෙනකොටම 50k ඇවිත්.... ඉතින් හැමදාමත් මගෙත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ....💚❤💛
.
.
.
.

අඟහරුවාදා දිනටත් හිරු උදාවිය.... සුපුරුදු පරිදි ජොගින් අවසන් වී නිවසට පැමිණි යීබෝ වොෂ් එකක් දමාගෙන සූදානම් උනේය.....

" ANEMONE ........."

ශාන් සෝදා පිරිසිදු කර ගෙනැවිත් දුන් කෝට් එක අදින අතර යීබෝට ඒ නම මිමිණුනේය..... ඉතින් ඒ මුහුණේ අපූරු සිනහවක් ඇදී මැකී ගියේය .... තමන් භාවිතා කරන පර්ෆියුම් එකේ සුවඳට හාත්පසින්ම වෙනස් සුවඳක් ඒ කෝට් එකෙන් දැනෙද්දී හදවතට පුදුමාකාර හැඟීමක් දැනෙන්නට පටන්ගත්තේය ....

" Good morning පුතේ......"

යීබෝ  උදෑසන ආහාර ගන්නට කෑම මේසයෙන් අසුන් ගනිද්දී ඇනා සුබපැතුවේය... පෙරදින රාත්‍රියේ මෙයි පැවසූ කතා නිසාම ඇගේ හඩේ සහ මුහුණෙහි ඇත්තේ වරදකාරී පෙනුමකි...නමුත් ඉතින් ජින්ග්‍යී  ගතිගුණවලින් හොඳ තරුණියක් බව ඇය සිතන නිසා මේ කටයුත්ත අතහැර දමන්නට නම් උවමනාවක් ඇත්තේ නැත....

" Good morning  නැන්දි......කෝ මෙයි........"

",   අද බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් නේ......හයහමාරට ගියා...."

" හ්ම්ම්ම්........"

යීබෝ  නිහඩව ආහාර ගනිද්දී ඇනා ඔහු අසලින් වාඩිවී සිටියේය ...

" හවස දිහාට මමාට කතාකරන්න ......"

ඉතින් යීබෝ  හා යැයි හිස සැලුවේය .....ඇය මේ සූදානම් වන්නේ තවත් මොනවා හෝ කතාවක් පවසන්නට බව ඉවෙන් මෙන් තේරුම් ගත් යීබෝ  ඉක්මනින් ආහාර ගැනීම අවසන් කර නිවසින් පිටත්වුනේය ...

" එයා මේ වැඩේ නතර කරන පාටක් නෑ වගේ......."

වාහනය ගේට්ටුවෙන් පිටතට දමන අතරතුර යීබෝ තනිව මිමිණුවේය ... දැන් ඔහුගේ හිතේ ඇත්තේ කේන්තියකි... ඒ ඇනා පිළිබඳව නොව තමන්ගේ ඉක්මන් තීරණ පිළිබඳවයි... ශාන්  දැක කලබලවූ හිත හදා ගන්නට ඔහු සොයාගත් මාර්ගය කොයිතරම් භයානක දැයි යීබෝ  කේන්තියෙන් කල්පනා කරන්නට පටන් ගත්තේය....

",මමාටත් අනං මනං කියලා අවුස්සලා ඇත්තේ.....හවස එයත් නාහෙං අඩන්න ගනී......."

හිතේ කේන්තියටම යීබෝ  ජියර් එකකුත් කැඩුවේය.... කෙසේහෝ කේන්තියෙන් ම වාහනය පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට දමා වාහන අංගනය වෙතට යන යීබෝගේ  මුහුණට එක්වරම සුන්දර සිනහවක් මතුවුනේ අදත් තමන්ගේ වාහනය නතර කරන කොටස අසල හිටගෙන සිටින anemone පුෂ්පය දුටු නිසාවෙනි....

" ගොම්බෙට්ට ............"

ටිකෙන් ටික වාහනය එතැනට ලංවෙද්දී  ඒ මුහුනට නැඟෙන හරි අපූරු සිනහව දෙස බලාගෙන යීබෝ  සෙමින් මුමුණන්නේය ... දැන් මීට විනාඩියකට දෙකකට පමණ පෙර කේන්තියෙන් පිපිරූ  මිනිසාගේ හිතට මල් වැස්සක් කඩා හැලෙමින් තිබුණි....

",අදත් උදේම මොකට මෙතන ඉන්නවද දන්නෙ නෑ......."

වාහනය තමන්ට හිමි ඉඩ  කොටසේ නතර කල යීබෝ  ඉන් බසින්නට පෙර එලෙසින් මුමුණා කවදාවත් නැතිව වාහනය තුල ඇති පැති කණ්ණාඩියෙන් මුහුණ බලාගෙන කොන්ඩයත් මදක් සකසා ගත්තේය ...... පසුව ඉතින් මුහුණට නැගී තිබෙන සිනහව අතුරුදහන් කර ගෙන සුපුරුදු ගාම්භීර පෙනුම මුහුණට ආරූඩ කරගත් යීබෝ  ඉන් බැස්සේය ....

" good morning සර්........"

"  good morning ......."

යීබෝ  සුපුරුදු ගැඹුරු කටහඬින් එළෙසින් කියද්දී මෙතරම් වෙලාවක් කුඩා කවරයක් අතේ තියාගෙන සිටි ශාන්  වාහනයේ දොර වසන්නට පෙර ඔහු අසලට තවත් අඩි කිහිපයක් ඇවිද ආවේය..

" ඔයාගෙ හැන්කචීෆ් එක කෝට් එකේ තිබ්බනේ....."

යීබෝ  ඉතින් ඒ කුඩා බෑගය අතට ගත්තේය .... ඒ මොහොතේ ඔහුට සිහි වූයේ වෙන කිසිවක් නොවේ කෝට් සාක්කු තුල ලේන්සුවට අමතරව තවත් දේවල් කිහිපයක් තිබුනා නොවේද යන්නයි....

" යංද......"

ශාන්  ඉස්සරවිය...ඉතින් ලේන්සුව බෑගයෙන් පිටතට ගන්නට හිතාගෙන යීබෝ ඊට අත දැමුවේය ..

" හෝව් හෝව්.........ඒක ගෙදර ගිහින් බලන්න ඕන නිසානේ මෙතනට වෙලා ඉදලා දුන්නේ........වාහනේ ඇතුලට දාන්න......"

,යන්නට ගිය ශාන්  යලිත් යීබෝ අසලට ඇවිත් කියද්දී යීබෝ  ඉක්මනින් එය වාහනය තුලට දමා දොර වැසුවේය .... තමන් මේ ගොම්බෙට්ට කියන කියන දෙය සිදු කරන්නේ කුමක්නිසා  දැයි කියන්නට යීබෝටවත් අවබෝධයක් නැත....

දැන් දෙදෙනාම නිහඩව තුන්මං හන්දිය දෙසට ඇවිද යන අතරයි.... මේ තරමක් උදෑසන නිසාම ඉතින් ගේට්ටුවෙන් පාසල තුලට ඇතුළු වෙන්නේ ළමුන් එක්කෙනා දෙන්නා පමණකි...තවත් විනාඩි දහයක් පමණ ගත වන විට වැල නොකැඩී ලමුන් පාසල තුලට ඇතුල් වෙන්නට පටන් ගන්නේය......

" ඔයා දන්නවද  මටත් බයිසිකල් පදින්න පුලුවන් ..."

ගුරුවරුන්ගේ වාහන නතර කරන ස්ථානයට මදක් මෙහායින් තිබෙන්නේ පාසලට පැමිණෙන ලමුන්ගෙ වාහන නතර කරන ස්ථානයයි.... මේ පාසලට ඉතින් වැඩිපුරම පැමිනෙන්නේ ධනවත් පැලැන්තියේ දෙමව්පියන්ගේ දරුවන් නිසා කාර් වලින් පවා ඔවුන් පාසලට එන්නේය.....ඉතින් ඒ මොහොතේ එතැනට පැමිණි හය හත වැනි වසරේ සිසුවෙක් ස්පෝට්ස් බයිසිකලයක් නතර කර එය ලොක්කර යන්නට යද්දී ශාන් කතාව ආරම්භ කලේය ...යීබෝ ඉතින් සුපුරුදු පරිද්දෙන් ඇස් දෙක සිහින් කර ඔහු දෙස බැලුවේ කතාව දිගටම කරගෙන යන්න යයි අඟවන අයුරිනි....

" ඉන්ග්ලන්ඩ් වල ඉන්නකොට එහි හැම ළමයාම ස්කූල් යන්නෙ බයිසිකල් වල.... පස්සෙ මාත් මමාට කියලා බයිසිකලයක් අරගත්තා....ඉන්ග්ලන්ඩ් වල අපේ ගේ ඉස්සරහ තියෙනව පිට්ටනියක්.... මම මාසයක් විතර ඒකෙ වැටි වැටි බයිසිකල් එක පුරුදු වුණා....... මට එහෙ යාලුවෙක් හිටියා ජෝයි කියලා....එයා තමයි මට අන්තිමට බයිසිකල් එක පුරුදු කරේ..... පස්සෙ මම හැමදාම ඉස්කෝලේ ගියේ බයිසිකල් එකේ.......ඒත් මෙහෙදි මට බයිසිකල් පදින්න දෙන්නෑනේ.....පපාට බයයිලු.......මට බයිසිකල් පදින්න පුලුවන් කියන එක එයා විශ්වාස කරන්නේ නෑ......මමා ඒක ඇත්තක් කියලා  කිව්වත් පපා කියනවා දීකිරට බලල්ලුත් ඔන්න ඔය මොකක්ද කතාවක්.........."

ඉතින් කටර් එකක් ලෙසින් ශාන්  ඔහුගේ බයිසිකල් පැදීමේ හැකියාව ගණිත ගුරුවරයා ඉදිරියේ විස්තර කර අවසන් කළේය......

" වතුර ටිකක් බොන්න......."

" මේ බොන්න තමයි අනේ හදන්නේ....."

යීබෝ එලෙසින් පවසද්දී ඔහු side pocket එකෙන් වතුර බෝතලය පිටතට අරගෙන අවසන් ය...යීබෝගේ  හොඳට හරි අපූරු සිනහවක් ඇදී නැතිවී ගියේය... එතැනින් එහාට ලොකු කතාබහක් සිදු වුණේ නැතත් දෙදෙනාම එකිනෙකාට සමාන්තරව එකිනෙකාට සමීපව තුන්මං හන්දිය අසලට ඇවිද ආවේය..

" මං යනවා........"

හිස ඔසවා යීබෝගේ  මුහුණ දෙස බැලූ ශාන් එපමණක් පවසා යන්නට ගියේය.... යීබෝත් නිහඩව ගුරු විවේකාගාරය දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය....  වෙනදාට ඔහු ඉදිරියට හමුවන අයකුට දකින්නට තිබෙන නපුරු බව හෝ බැරෑරුම් බව අද ඒ මුහුණෙහි නැත.... සැනසීම ක සේයාවක් පිරුණු බවක් ඒ මුහුණෙහි තිබෙන අතර වෙන දා මෙන් බිම බලාගෙන වේගයෙන් වේගයෙන් ගමන් කරන්නේත්  නැත....

" good morning යීබෝ ........"

යීබෝගේ  හිතේ සතුට පැවතියේ ගුරු විවේකාගාරය තුළට ඇතුළු වන තුරු පමණි.. සිනාසෙමින් යීබෝ  ඉදිරියට පැමිණි කැතී එලෙසින් කියද්දී  සුපුරුදු පරිද්දෙන් ඔහු හිස පමණක් සලා තමන්ගේ අසුනට ගොස් වාඩි වුණේ ය....

" ඔයා ඒ කතාකර කර ආවේ මගේ කසින් බ්‍රදර් එක්ක..... "

යීබෝ  අසුන් ගත්තත් කැතී කතාව නතර කරන හැඩක් නැත...... තවම ගුරු විවේකාගාරය තුළ සිටින්නේ ඔවුන් දෙදෙනා පමණකි... ඇගේ කතාවට ඇහුම්කන් නොදෙන බව අඟවන්නට මෙන් යීබෝ  ඔහුගේ අසුනෙන් නැගිට ඔහුගේ ලොක් එක විවෘත කර පොත්පත් කිහිපයක් පිටතට අර ගත්තේය....

" ගෙදර හැමෝම හුරතලේට හදලා මෝඩ වෙලා ඉන්නේ......මගේ ඩිඩී එයයි දෙන්නම එකම වයසෙ උනාට හරියට අහසට පොළව වගේ.... මගේ ඩිඩී ස්පෝට්ස් කරනවා..... ස්විමින් කරනවා.........ඒකට ශාන්.........කාටදෝ ක්‍රීඩා කරන්න හොඳ නෑ කිය කිය බොරු කිය කියා මඟාරිනවා....... "

ශාන්ගේ  වැරදි මෙලෙසින් ඇහෙද්දි යීබෝගේ  හිතට ඇත්තෙන්ම කේන්තියක් ඇති වී තිබුණත් ඔහු නිහඬව ටිකවේලාවක් සිටියේය....

" ඕනවට වඩා කතාවට යන්න එපා යීබෝ .... එයාගේ ඔළුවේ තියෙන මනස්ගාත ඔයාගේ ඔලුවටත් දායි.... පොඩි කාලේ ඉඳලම තනියම කතා කර කර........"

එවරනම් යීබෝගේ රතුකට්ට ඉහලටම එසවුනේය ....

" එක්ස්කියුස් මී මිස් කැතී.........මම දැන් ඒ ගැන විස්තර ඇහුවෙ නෑනෙ......සෝ.......ලිව් මී අලෝන්......"

එතරම් උස් හඬින් නොවූවත් යීබෝටම ආවේණික බැරෑරුම් කටහඬකින් ඔහු එලෙසින් කියද්දී කැතීගේ මුහුණ  කරත්තයකට අසුවුණු කදුලැල්ලක් ලෙසින් විරූපී වී ගියේය ....වෙලාවට ඉතින් තවමත් විවේකාගාරය තුළ සිටින්නේ ඔවුන් දෙදෙනා පමණකි...ඒත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා කැතීට මේ අපහාසය මහමෙරක් තරම් විය.....

" ස්...සොරි යීබෝ ........"

කේන්තියෙන් තමන් දෙස බලාගෙන සිටින යීබෝට සොරි යනුවෙන් පවසා ඇය ඉක්මනින් විවේකාගාරයෙන්  පිටතට ඇවිද ගියේය....ඇත්තෙන්ම කියනවා නම් ඇය මේ ලෙසින් මින් පෙර  කිසිවෙක් ඉදිරියේ ලැජ්ජාවට පත් වී නැත... ඉතින් අනිවාර්යයෙන් ඔහු තමන්ගේ කරගෙන ඔහුගේ ජීවිතය අපායක් කරන බවට ඒ මොහොතේ ඇය ඇගේ හදවතටම දිවුරා පොරොන්දු වුණේ ය....

" බලපං මාස්ටර් බ්ලැක් .. මම හොඳින් හරි නරකින් හරි උඹ මගේ කරගන්නවා......."

ඇය හේතුවක් නැතිවම ඩාන්සින් රූම් එක දෙසට ඇවිද යන අතර මිමිණුවේය ....

" එනවා මෙතන වැරදි කියන්න..මෝඩ ගෑනු......"

යීබෝ  කේන්තියෙන් ම යලිත් වාඩිවුනේය .... හරිහැටි හේතු නොදැන මිනිසුන්ගේ දුර්වල කම් වලට සිනාසීම යීබෝ  නම් කිසිම මොහොතක අනුමත කරන්නේ නැත.... එය ඔහුගේ ගති පැවතුම කි....ඉතින් ශාන්ගේ දුර්වලකම් වලට සිනාසෙද්දී එය තවත් භයානක කේන්තියක් බවට පත්වුනේය ....

එයා ගිය ආත්මෙ අපි දෙන්නගෙ මතක එක්කම ආපහු ඉපදිලා.... ඒක නිසාම එයා කොච්චර අපහසුතාවයට පත්වෙනවා ඇතිද..... පුංචි කාලේ ඉඳලා තැන් තැන් වල වාඩි වෙලා තනියම කතා කරනවලු..... ඒකත් බෝබෝ  කියලා...... ඒ කියන්නේ එයා මං වෙනුවෙන්ම ආපහු ඉපදිල ද.... ඒ ආශාව ඉෂ්ට කරගන්න අපිට පුළුවන් වෙයිද.... ෂින් , ශාන්   සමහර තැන්වලදී එක වගේ වුණාට සමහර තැන්වලදි අහසට පොළොව වගේ වෙනස්.... ෂින්ට බයිසිකල් පදින්න බෑ...... ඉස්කෝලෙදි ඉස්සර ස්පෝට්ස් මීට් කාලේ ජින්ගේ බයිසිකල් එක ග්‍රවුන්ඩ් එකට අරගෙන ගිහින් මම එයාව දාගෙන පැදලා තියෙනවා ...... පිටිපස්සේ ලැගේජ් එක උඩ වාඩි වෙලා මාව අත්දෙකෙන්ම බදාගෙන කෑගහනවා......

" good morning මචං......."

කවුළුවෙන් පිටත බලාගෙන වසර 18 කට එහා අතීතයේ ගිලී සිටි යීබෝ  ෆෙයිගේ හඩින් මේ ලෝකයට ආවේය ...

" good morning ෆෙයි....."

යීබෝ අසලම ඇති තමන්ගේ අසුනෙහි වාඩි වූ ෆෙයි කුමක් හෝ විශේෂිත යමක් කියන්නට සූදානමින් යීබෝ  වෙතට නැඹුරු උනේය...

" එදා ස්පෝට්ස් මීට් එක දවසෙ අර බටු ඇටේ රොකියට නෙලලා තියෙනවා අම්බානෙකට....."

ෆෙයි පුදුමාකාර හිනාවක් සමගින් එළෙසින් පවසද්දී යීබෝ  පුදුමයෙන් ෆෙයි දෙස බැලුවේය ....

" යකෝ මගෙ වයිෆි සින්චාන් ඇපලෝ එකේ ඩොක්ටර් කෙනෙක්නේ......මං ඊයෙ හවස ඉස්කෝලෙන් පස්සෙ හොස්පිට්ට්ල් එකට ගියා වැඩකට documents වගයක් අරගන්න..... කොල්ලා මමා එක්ක හොස්පිට්ට්ල් ඇවිත් හිටියා... වැඩේ කියන්නෙ අපේ වයිෆිගෙන් තමයි බෙහෙත් අරගත්තෙ.....ඒ වෙලාවේ මම සද්ද නොකර එන්න ආවා.... ගෑණි ගෙදර ආවට පස්සෙ ඉතින් කෝප්පෙ හේදුවා ..."

ෆෙයිගේ කතා විලාසය ඉතින් කොහොමත් ඔය ලෙසින්ය....ඔවුන් දෙදෙනා විවාහ වී මේ වන විට මාස හත අටක් පමණ ගත වී තිබෙන අතර ෆෙයිගේ  මේ සෘජු ගතිගුණ නිසාම ගෙවී ගිය වසර පහක හයක කාලය තුළ ඔහු යීබෝගේ  වෘත්තීය මට්ටමේ හොඳම මිතුරා බවට පත්වී ඇත....

" යටි බඩටයි කොන්දටයි හොඳ බූට් පාරවල් ටිකක් වැදිලලු... ආය අතේ වැලමිටට උඩින් දත් පාරවල් හතරක් තියනවලු යටටම ගිහින්.... ගෑනි හිනා වෙවී ඕක කියනකොට මට මතක් උනේ පොඩි එකාගේ හා දත් දෙක......."

එවරනම් යීබෝගේ මුහුණටත් සිනහවක් මතුවුනේය .....

" මම කොල්ලව දැකලා විනාඩි විස්සකට විතර  පස්සේ අපි කොල්ලව හොයාගත්තේ.....ඔය විදිහට fight නොකලා නම් ......."

ෆෙයි කතාව නතරකලේ මිස්ටර් කිම් ස්ටාෆ් රූම් එක තුලට ඇතුළු වුණු නිසාවෙනි... ෆෙයිගේ කතාවට යීබෝගේ  ඇඟේ හිරිගඩු පිපී කීයේය..... හුරතලයක් ලෙසින් හිටියාට ශානුත් ලේසි පහසු බඩුවක් නොවන බව නම් යීබෝට අවබෝධ විය.... ඇත්තෙන්ම ඉතින් ඉතින් තමන් දොර කඩාගෙන ස්ටෝර් රූම් එක තුලට යන මොහොතේත් ශාන්  සිටියේ අත්දෙක පිටුපසට ගැටගසා තිබුනත් පාද වලින් රොකී සමඟ සටන් කරන අතරයි....සමහරවිට ඒ මොහොතේ රොකීගේ යටිබඩට පහර කිහිපයක් වදින්නට ඇතැයි යීබෝ  අනුමාන කලේය.....

කෙසේ වෙතත් ගුරුමණ්ඩලයේ හතර පස් දෙනකු හැරෙන්නට මේ සිදුවීම කිසිවෙකුත් දන්නේ නැත.... රොකීගේ ළඟම මිතුරන් දෙතුන් දෙනෙකු හට විදුහල්පතිවරයා තරයේ අවවාද කර තිබුණි.....

.
.
.
.

" අද ඉතිහාසය සර් නැතෝ........"

දෙවැනි  කාල පරිච්ඡේදය ආරම්භ වී විනාඩි කිහිපයක් ගත වන විට පන්තියේ ළමයෙක් එළෙසින් කියා ගෙන පන්තිය ඇතුලට පැමිනියේ ය ... ඉතින් කාලපරිච්ඡේදයක් මගහැරීම තරම් සතුටක් ළමුන් හට තිබේවිද..... ඉගෙනීම පමණක් ජීවිතය කරගත් ළමුන් හතර පස්දෙනෙක් මුහුණ අමුතු කරගනිද්දී අනෙක් සියලුම දෙනා ඔල්වරසන් නගන්නට පටන් ගත්තේය....

"  එදා වගේ අලියට ඇහැ තියමු....."

පන්තියේ කටකාර ළමයෙක් එලෙසින් යෝජනා කරද්දී සියලුම දෙනා එය අනුමත කළේය.... ඔවුන් මේ ක්‍රීඩාව සොයාගෙන තිබුණේ යූටියුබ් නාලිකාවකිනි... චීනයේ සිටින ශ්‍රීලාංකිකයින් පිරිසක් අප්‍රේල් මාසයේ ඔවුන්ගේ මොකක්දෝ සංස්කෘතික උත්සවයක් සමරන අවස්ථාවේ සිදුකළ සාම්ප්‍රදායික ක්‍රීඩාව දුටු අයෙක් එය එක්වරක් පන්තියේ ළමුන් සමඟ හරි අපූරුවට සිදු කළේය...

" ආ.......ශාන්ට චිත්‍ර ඇන්දැහැකි......නැත්නම් එදා තුෂී ඇන්ද හැලගෙම්බෙක් වැනි අලියා නං ඕන්නෙම නෑ......"

,නියෝ කෑගසද්දී  ශාන්  වයිට් බෝඩ් එක අසලට ගොස් මාකර් පෙන් එක අතට ගත්තේය ....

" ශාන්  ඇඳපං කකුල් පහේ අලියෙක්  ......"

මෙම ක්‍රීඩාව පන්තියට හඳුන්වාදුන් කොල්ලා එසේත් නැතිනම් ලින් කෑගසා කියද්දී ශාන්  ඇස් දෙකක් සිහින් කරගෙන ඔහු දෙසට හැරුණේය.... ඉතිං දෙවැනි කාලපරිච්ඡේදය ගණිතය උගන්වන්නට තිබෙන දහය සී පන්තියේ ළමයින්ව යීබෝ  සමඟ සාකච්ඡා කර සංගීත ගුරුවරිය ඉල්ලාගත් නිසා මේ මොහොතේ මාස්ටර් බ්ලැක් ඔවුන්ගේ පන්තියට පිටුපසින් ගමන් කරමින් සිටින්නේ ය.....ඔහුට පන්තියේ සිදුවෙන සිදුවීම් නොපෙනුනත් හරි අපූරුවට ඔවුන් කතා කරන දේවල් ඇසෙන්නේ ය...

" මං අදින අලියගෙ මද කිපිලා නෑ ඕයි....."

ශාන්ගේ කතාවට පන්තියට පිටුපසින් සිටින ගුරුවරයාගේ මුහුණටත් කෙටි සිනහවක් මතු වුණේය...

" ඒ උනාට මටනං උඹ දැක්කම මද කිපෙනවා....."

ඒ ලින් නොවේ..... පන්තියේ සිටින අසමජ්ජාති තුන් හතර දෙනෙකුගේ කල්ලියේ අයෙකි....ටාකේෂ්  රොකීගේ ඥාතියෙක් වන අතර ඔහුගේ සිදුවීම දන්නා අය අතුරින් කෙනෙකි....

" ඇනිමල්ස් ලට නේද තුෂී මද කිපෙන්නේ....."

ශාන්  එලෙසින් පවසමින් වයිට් බෝඩ් එක දෙසට හැරී දී මුළු පන්තියක් සිනා සෙන හඬ යීබෝට ඇසුනේය ....

" ඔව් ඔව් සත්තුන්ට තමයි......මාත් සතෙක් කියලා මතක තියාගනිං හොදේ....."

ළමුන්ගේ සිනා හඬවල් යටපත් වන ලෙස තරමක් උස් හඬින් ටාකේෂ් කියද්දී ශාන්  අලියා පිටපත් කිරීම නතර කර යලිත් පන්තිය දෙසට හැරුනේය ...

" ඕං මං බයවුනා හොදේ........ මේ මාව වෙව්ලනවා......අනේ පලයං යන්න ....."

ශාන්  ටාකේෂ් ට එලෙසින් කෑගසා යලිත් අලියා අදින්නට පටන්ගත්තේය .... පන්තිය පසුකර යන්නට අවශ්‍ය වුණත් යීබෝ  එතැන නතර වී ඒ සියල්ලට ඇහුම්කන් දුන් අතර කාල පරිච්ඡේදයේ අවසන් වන්නට තවත් විනාඩි 35 ක් පමණ ඉතුරුව තිබෙන බව අත් ඔරලෝසුව  දෙස බලා අවබෝධ කරගත් යීබෝ සෙමින් සෙමින් ශාන්ලාගේ පන්තිය අසලට ඇවිද එද්දී ශාන්  හරි අපූරුවට අලියෙකු සිතුවම් කර අවසන් කර තිබුනි...

" ඇහැ ලොකුවට ඇදපං ශානා....."

ඒ මෙම ක්‍රීඩාව සොයාගත්  පුද්ගලයාගේ නියෝගයයි ... පන්ති කාමරයට පිටතින් පන්ති ලමුන්ට දර්ශනය නොවන ලෙසින් හිටගෙන අත් දෙකත් පපුවට බැඳගෙන දැන් මේ අපූරු සිත්තරා දෙස ගණිත ගුරුවරයා බලාගෙන සිටින අතර ලින්ගේ මග පෙන්වීම යටතේ ඔහු විශාල ඇසක් ද ඇන්දේය....

" කට්ටිය පෝලිං වෙයල්ලා....... ලේන්සුවක් ගනිං කවුරු හරි......... ශාන්  උඹ තමයි ජජ් හොදේ....."

" ආ......ඒක හරි කෙලියක්නේ...... මටත් ඕනෙ මූට ඇහැ තියන්න....."

ශාන්  ලින් අසලට ගහගන්නට මෙන් යද්දී  යීබෝ  ඇස්දෙකත් සිහින් කලේය ....  මේ සියල්ල දෙස බලාගෙන සිටින ගණිත ගුරුවරයාට එක්වරම ඇතිවුණු සිතුවිල්ලක් නිසාවෙන් කඩා දෙන දින ගෙන පන්තිය තුලට පැමිණි අතර පෝලිමේ හැදෙමින් සිටි ළමයි කලබල වී තම තමන්ගේ අසුන් වලට දිව ගියෙ නම් නැත.. ඊට හේතුව ඉතින් මේ ගණිතය කාලපරිච්ඡේදය නොවීමයි.....

" මොකද මේ සද්දෙ..........."

නමුත් ඉතින් ඒ ගැඹුරු වචන තුනට සියලුම දෙනා තම තමන්ගේ ස්ථානවල අසුන් ගෙන අවසන් ය...දැන් යීබෝ  white board එකේ ඇඳ  තිබෙන අලියා දෙසත් බලා යළි පන්තිය දෙස බැලුවේය...

" අද history සර් නෑ.......මේගොල්ලෝ පිස්සු නටනවා...."

පොතට පතට පමණක් සිත යොමු කරන පිරිමි ළමයෙක් නැගිට ගණිත සර්ගෙන් ලකුණු දෙක තුනක් දමා ගන්නා අටියෙන් කියද්දී  කරන්නට ගිය ක්‍රීඩාව සිදුකර ගන්නට නොහැකිව මුහුණු අමුතු කරගෙන සිටින ළමුන් සියලුම දෙනා දෙස යීබෝ බැලුවේය ... ඒ අතර ඉතින් වැඩිපුරම මුහුණ අමුතු වී තිබෙන්නේ ගොම්බෙටකගේ බවත් යීබෝ  දුටුවේය ....

එහෙමත් ලස්සනයි ....  ගණිත ගුරුවරයාට එලෙසින් සිතුනි...

", කවුද ඉතිහාසය උගන්නන්නෙ...."

" මිස්ටර් ලියන්......"

ඒ ලින්ගේ හඩයි....

" මිස්ටර් ලියන් පැවරුම් එවලා නැද්ද ......"

" නෑ සර්........"

ළමුන් සියලුම දෙනා ඉතාමත් උනන්දුවෙන් පැවසුවේ ...එවිට වත් මේ ගණිත ගුරුවරයා පන්තියෙන් පිටත් වී යාවි යැයි සිතුණු නිසාවෙනි...

" මේ මුළු ඉස්කොලෙටම තියෙන්නේ 11 වසර ඒ පන්තිය විතරයි  කියලද තමුසෙලා   හිතාගෙන ඉන්නේ... ගුරුවරයෙක් පන්තියේ නැති උනාම මේ විදිහට කෑගහලා හරි යනවද..."

යීබෝ  මවාගත් කේන්තියකින් එලෙසින් පවසමින් වයිට් බෝඩ් එක දෙසට හැරුණේය...

" කවුද මේ අලියව ඇන්දෙ....."

ශාන්  කිසිදු පැකිලීමකින් තොරව හිට ගත්තේය.... යීබෝ  ටික වේලාවක් ඔහු දෙස බලාගෙන සිටි අතර ඒ බැල්ම දරාගන්නට නොහැකිව ශාන් ඩෙස් එක දෙසට දෙනෙත් යොමු කර ගත්තේය..

" චිත්‍ර අඳින්න පුළුවන්නේ හොදට..... පාඩම් වලට  සම්බන්ධ රූප සටහන් එහෙමත් අඳින්න පුළුවන් ඇතිනේ...නේද......."

ශාන්  හිස ඔසවා යිබෝ  දෙස බැලූ අතර ටික වේලාවක් නිහඬව හිඳ ඔවු යයි හිස සැලුවේය..

" එහෙනම් ඇවිත් මේ අලියව මකලා ආසියාතික සිතියම අඳින්න බලන්න......ඊළඟට අපි එක එක්කෙනා ගෙනල්ලා රටවල් නම් කරමු...."

ඕ............ හඩක් ඉතාමත් පහත් ස්වරයෙන් ඇසුනත් ගණිත ගුරු වරයාගේ රවාබැලීම  ඉදිරියේ ඒ හඬ නැත්තට නැති වී ගියේය....

කිසිදු පැකිලීමකින් තොරව වයිට් බෝඩ් එක ළඟට පැමිණි ශාන්  ඩස්ටර් එකෙන් අලියාව මකා දැමුවේය .... දැන් ගණිත ගුරුවරයා අත් දෙකත් පපුවට බැඳගෙන මේසයට හේත්තු වී ගෙන මේ දෙස බලාගෙන සිටින්නේ ය..ඔහුට අවැසි වී තිබුණේ මේ පමණකි......

මාස්ටර් බ්ලැක්  මේ තරම් බොළඳ අයෙකු වූයේ කවදා දැයි කියන්නට ඔහුවත් දන්නේ නැත... සියලුම දෙනා මවිත කරමින් shan හරි අපූරුවට ආසියාතික සිතියම සටහන් කළ අතර රට රටවල් වලට වෙන් වන දේශසීමාවන් ද සටහන් කර ජයග්‍රාහී  සිනහවක් සමගින් යීබෝ  දෙසට හැරුනේය  ......

" රුසියාව මාක් කරලා ගිහින් වාඩිවෙන්න ...."

යීබෝ  ඔහුගේ මුහුණේ ඉරියව්වලින් කිසිදු වෙනසක් පෙන්නන්නේ නැතිව එළෙසින් පවසද්දී එතරම් උස නැති ශාන්  ඇඟිලි වලින් එසවී  සිතියමේ උඩින්ම ඇති රුසියාව සටහන් කර මාකර් පෙන් එක මේසය මතින් තබා ගොස් වාඩුවුනේය ....

" ලින්............. ඇවිත් පිලිපීනය ලකුණු කරන්න....."

යීබෝ  ලින්ට එලෙසින් පැවසුවත් ඔහුගේ ඇස් වරින් වර නවතින්නේ බින් හට මොනවාදෝ පවසමින් හිනාවෙන ශාන්  අසලත් ශාන්ට රවාගෙන සිටින ටාකේෂ් අසලයි... ටාකේෂ් රොකීගේ ඥාතියෙකු බව යීබෝට සිහිවූයේත් මේ මොහොතේදීය....

" ඔය කොහෙද ...... එතකොට ඊජීප්තුව තියෙන්නේ තමුසෙලාගෙ කිචන් එකේද......"

ලින් දෙගිඩියාවෙන් යුතුව පිලිපීනය ලකුණු කර තිබුනේ එහා කෙලවරේ ඊජීප්තුව තියෙන කොටස මතයි.... පන්තියේ ළමුන් සියලු දෙනාම උස් හඩින්  සිනාසුනත් යීබෝගේ එක් රවා බැලීමකින් සිනහව ගිලගත්තේය .....

" මේ ලෝකේ කොහොමත් කැරකෙනවනේ සර්....."

ඉතින් ආයාසයෙන් සිනහව නතර කරගෙන සිටි ළමුන්ගේ සිනහව යලිත්  පිටතට පැමිණියේය.....

" ඔව් ඒක පේනවා........ගිහින් වාඩිවෙනවා...... ඊලඟට තුෂී........... "

ඉතින් ඔහු තිගැස්සී අසුනෙන් නැඟී සිටියේය ...

" මේ සිතියමේ ලකුණු කරන්න දන්න රට මොකක්ද කියලා කියනවා බලන්න....."

",චීනෙ......."

ශාන්  අතකින් මුව වසාගෙන  සිනාසෙන අතර යීබෝට ඉතින් එම දසුන රසඳුනක් වී ඇත...

" තමන් ඉන්න රට වත් හරියට මාක්  කරගන්න දන්නවා කියන එක හිතට සතුටක්.. එනවා....."

.
.
.
.
.

"  හෙලවෙන්න එපා බෝබෝ......."

" ඉක්මනින් අඳින මගුලක් අදින්න ෂින්.....පැත්ත බලාගෙන ඉදලා මගෙ බෙල්ල රිදෙනවා....."

" තව චුට්ටයි අප්පා........."

" බෙල් එක ගැහුවොත් නම් මම ඇත්තමයි පන්තියට යනවා......'

" චහ්.......චුට්ටක් හිටපියකො බෝබෝ......හ්ම්ම්..ඔන්න ඉවරයි....."

ෂින් අවසානයේ චිත්‍රය ඇද අවසන් කල අතර යීබෝ   ඊට හිස පොවන්නට යද්දී චූටි අතින් හොද ටොක්කක්ද රස විදින්නට හැකිවිය....

" කම්ප්ලීට් කරනකල් ගෙම්බා වගේ පනින්නෙපා ....."

ඉතින් ෂින්ගේ කේන්තිය අසල බෝබෝ මෙල්ල වී ගියේය ....

එක්වරම  අතීත කල්පනාවක සිටි යීබෝ  යලිත් ඔහුගේ ලේන්සුව මත හතරට පහට නවා තිබූ කොලය දෙස බැලුවේය .....


" මේ කොල්ලා මට මාව නැතිකරලා තමයි පස්ස බලන්නේ......"

,කොලේ අනික්පස ලියා ඇති පුංචි වාක්‍ය දෙස බලාගෙන යීබෝ  මුමුණන්නේය ....

Black color is bright...

ඒ දෙස බලාගෙන සිටි යීබෝ බර හුස්මක් පිටකරමින් පින්තූරය ඉතා පරිස්සමට හතරට පහට නවා ශාන්  වෙනුවෙන් වෙන්වී ඇති බොක්ස් එක තුලට දැම්මේය... දැන් එහි හිනා මූනු සහ thanks  ස්ටිකර් දෙකක් , කිට්කැට් චොක්ලට් එකක් සහ චිත්‍රයක් ඇත....

" Anemone මල......"

යීබෝ  තවම පාසලේ සිට නිවසට පැමිණ ඇදුම් වත් මාරුකරගෙන නැත...කාමරයට පැමිණ දොර වසාගත් සැනින් ඔහු ලස්සන කවරය තුල තිබූ ලේන්සුව දිඟහැරියේය.... ඒත් සමඟම අලියා අදින අතර පංතියේ ළමයෙකුගේ කතාවකට ලබාදුන් ලබා දුන් පිළිතුරත් යීබෝට සිහිවිය...

ඒ මොහොතේ ඔහු සිටියේ පන්තිය ළමුන් සියලු දෙනාට නොපෙනෙන්නට පන්තිය කෙලවරේ පිටතින් හිටගෙනයි....ශාන්  අලියා අදිමින් සිටියේය ...

" ඒ මාවත් ඇදපං චූටි එකා......"

පන්තියේ සිටි කවුරුන් හෝ ළමයෙක් එළෙසින් කෑගසන හඬ ඇසුණි...

" මං එහෙම  ආවට ගියාට මිනිස් රූප අදින්නෙ නෑ.....

" අනේ උඹේ පුකේ ලොකුව......"

" ඔව් ඇයි........උඹ උස්සගෙන ඉන්නවද......"

ඉතින් ඒ මොහොතේ කතාබහ සිහිවී යීබෝගේ  මුහුණට සිනහවක් ද නැගුනේය....

" ගොම්බෙට්ට .. .. හොයාගෙනම ඇවිත් ඔයාගේ බෝබෝව පිස්සු වට්ටන්න පටන් අරගෙන...... බුරුලක් නම් පෙන්නන්න හොදනෑ.... ගෝනි නැතුව කරේ නඟින්නත් එයි......අහිංසකයා වගේ හිටියට ලෝක අන්ඩයා....."

තනිවම මුමුණන යීබෝගේ මුහුණේ ඇත්තේ සිනහවකි.....ශාන්ගේ වෙනස් වෙන ගතිගුණ යීබෝව කාන්තාරයක අතරමං කර ඇත...ෂින්ගේ ආත්ම ගත පුරුදු අරගෙන ආවත් ශාන්  යනු වෙනමම චරිතයකි....

" මට තේරෙන්නෙ නෑ ........"

යීබෝ  ඇදමත වාඩිවී කොන්ඩය අවුල් කරගත්තේය .....

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මඟ බලන් සිටියේම නුඹ මගේ පණ නිසා..
භවෙන් භවයට මාව සොයාගෙන ආ නිසා..
නෙතු සිහින් කර සොඳුරුවට මදෙස බැලු නිසා..
උමතු වී මං සිටියෙ දැනෙන ආදරෙ නිසා..

හිනැහුණත් නිතරෝම මතක අමතක නිසා..
නැහැ දුකක් නුඹ පෙනෙන මානෙ සිටිනා නිසා..
නැවතනම් නුඹ අතැරගනු අවැසි නැති නිසා..
හිඳින්නම් නුඹ ගාව සෙනෙහෙ බර වැඩි නිසා..

ආදරණීය ශාන්ට... ❤️•
යීබෝගෙන්... 💚....

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් ...💚❤💛

**
**
**
**

මතුසම්බන්දයි ........

...................................................................................................

✒️ මොකක්ද හිතෙන්නේ.......

✒️ මාස්ටර් බ්ලැක් ට කොයිතරම් කාලයක් ඉවසගෙන ඉන්න පුලුවන් වෙයිද.....

✒️ හෙට මෙනිත්ගේ කතාව අරගෙන එන්නම් ...

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ...💚❤💛

Continue Reading

You'll Also Like

1.1M 39.5K 81
❝The way you're looking at me right now makes me wonder where you want me.❞ stolen glances, hushed whispers, teasing breaths, ...
123K 6.2K 31
in which, Victoria turns Adeline Luna into a vampire in hopes to use her. But the newborn runs away, not wanting to be a weapon, right into the Quile...
513K 28.5K 20
Heaven is not fit to house a love Like you and I. Tommy Shelby / oc. Peaky Blinders. 2025...
181K 16.2K 92
Destruction. Few villains in this world brought as much as the famous Rikko Kurayami. The earth shaking villain caused the collapse of hundreds of bu...