💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞...

By Rukshikakalhari

83.5K 16.4K 9.7K

💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්... More

01.. පළවෙනි දිගහැරුම .....🍁
02.. දෙවැනි දිගහැරුම ... 🍁
03.... තුන්වැනි දිගහැරුම ....🍁
04.. හතරවෙනි දිගහැරුම ... 🍁
05.. පස්වෙනි දිගහැරුම .... 🍁
06..හයවෙනි දිගහැරුම ...🍁
07... හත්වෙනි දිගහැරුම ....🍁
08.. අටවෙනි දිගහැරුම ..🍁
09.. නවවෙනි දිගහැරුම ...🍁
10..දසවෙනි දිගහැරුම ....🍁
11... එකොළොස්වෙනි දිගහැරුම ....🍁
12.... දොළොස්වැනි දිගහැරුම ...🍁
13... දහතුන්වෙනි දිගහැරුම ...🍁
14.. දාහතරවෙනි දිගහැරුම ....🍁
15.. පහළොස් වෙනි දිගහැරුම .... 🍁
17.. දාහතරවෙනි දිගහැරුම ...🍁
18... දහ අටවෙනි දිගහැරුම ....🍁
19... දහනව වෙනි දිගහැරුම ....🍁
20 ... විසිවෙනි දිගහැරුම .... 🍁
21.... විසි එක්වෙනි දිගහැරුම ....🍁
22... විසි දෙවැනි දිගහැරුම ... 🍁
23... විසි තුන්වෙනි දිගහැරුම.. 🍁
24...... විසි හතරවෙනි දිගහැරුම ....🍁
25.... විසි පස්වෙනි දිගහැරුම ....🍁
26.. විසි හයවෙනි දිගහැරුම ..🍁
27.. විසි හත්වෙනි දිගහැරුම ....🍁
28.... විසි අටවෙනි දිගහැරුම ....🍁
29.. විසි නවවෙනි දිගහැරුම ....🍁
30... තිස්වෙනි දිගහැරුම ...🍁
31...තිස් එක්වෙනි දිගහැරුම ...🍁
32.. තිස් දෙවැනි දිගහැරුම ...🍁
33.. තිස් තුන්වෙනි දිගහැරුම ....🍁
34.. තිස් හතරවෙනි දිගහැරුම ...🍁
35.. තිස් පස්වෙනි දිගහැරුම ....🍁
36.. තිස් හයවෙනි දිගහැරුම ..🍁
37... තිස් හත්වෙනි දිගහැරුම ....🍁
38... තිස් අටවෙනි දිගහැරුම .... 🍁
39.. තිස් නවවෙනි දිගහැරුම ... 🍁
40... හතලිස් වෙනි දිගහැරුම .......🍁
41...... හතලිස් එක්වෙනි දිගහැරුම ....🍁
42... හතලිස් දෙවැනි දිගහැරුම ....🍁
43... හතලිස් තුන්වෙනි දිගහැරුම ....🍁
44... හතලිස් හතරවෙනි දිගහැරුම ...🍁
45..... හතලිස් පස්වෙනි දිගහැරුම ....🍁
46... අවසන් දිගහැරුම ...🍁

16.. දාසයවෙනි දිගහැරුම ...🍁

1.6K 365 197
By Rukshikakalhari

💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT 💞💞........

.
.
.
.

ජින් දුරකථනය තැබුවේය ...යීබෝ වොෂ් එකක් රැගෙන ඉක්මනින් සූදානම් වී කාමරයෙන් පිටතට පැමිණියත් දුටු දසුනින් මෙතරම් වේලාවක් ඔහුගේ හදවතේ තිබුණු සතුට හෝදාපාලුවී ගියේය .....

ජින්ග්‍යී ...............

**

මුහුණේ තිබුනු සැනසීමත් අතුරුදහන්ව ගිය අතර පුලුවන් තරම් බරපතල බවක් මුහුණට ආරූඪ කරගෙන ඔහු ආලින්දයට ආවේය ...

" පුතා කොහේ යන්නද......"

,වැඩට රැගෙන යන බෑගයත් තව බෑගයකුත් අතැතිව සිටින යීබෝ දුටු ඇනා කලබලයෙන් ඇසුවේය .. ජින්ග්‍යී නම් ලැජ්ජාවෙන් නෙන් සෝපාවේ අසුන්ගෙන සිටින්නේය..

" ජින් ගේ එපාට්මන්ට් එකට ......."

" ආ.......මේ ජින්ග්‍යි දුවත් ඇවිත් මමාගෙ පණිවිඩයකට මාව හම්බවෙන්න ..."

ඉතින් ඇය තමන්ව හමුවීමට නොපැමිනීම පිළිබදව යීබෝ හදවතින්ම සතුටු උනේය..

" හරි මට හදිස්සී......එහෙනම් මම යන්නම්..."

ජින්ග්‍යී හිස ඔසවා යිබෝ දෙස බැලූ පසුව එපමණක් පැවසූ යීබෝ ඇනාගේ නලලටත් හාදුවක් තැබුවේය ...

" මම එහෙන්මම උදේ ස්කූල් ගිහින් හවස එන්නෙ නැන්දි......."

,ප්‍රධාන දොරටුවෙන් පිටතට යන අතර යීබෝ පවසද්දී ජින්ග්‍යී නම් බලාපොරොත්තු කඩවූ පෙනුමකින් ඒ දෙස බලාගෙන සිටින්නට විය....

" එයා හයිස්කූල් එකේ ඉදලම ලඟින්ම ආශ්‍රය කලේ ජින්ව විතරයි දූ...... එයා වැඩකරන්නෙ ටුවරිසම් ෆීල්ඩ් එකේ.......එකතැනක ඉන්නෙ නෑනේ.... ඇවිත් දවස් තුනයිද හතරයිද....ඉතින් මෙයා නිතරම එහේ යනවා......."

මූණත් අමුතු කරගෙන සිටින ජින්ග්‍යී ඉදිරියේ අසුන් ගනිමින් ඇනා තරමක් අසරණව කීවේය ...

" එයා කොහොමත් එහෙම කතාබහ කරන්නෙ නෑ නේද ආන්ටි....."

" ඔව්.....මේ ගෙදර හිටියත් ඉන්නෙ බෝඩිං කාරයෙක් වගේ තමයි .... "

ඇනා සිනාසෙමින් කියද්දී ජින්ග්‍යී ත් සිනාසුනේය.... ඒ උනාට ඉතින් නිවසටම පැමිණි පසුවත් වචනයක් හෝ කතාකර නොගිය පුද්ගලයෙකු පිලිබදව බලාපොරොත්තු තබාගන්නට පුලුවන් දැයි ඇයට නොසිතුනා නොවේ..... මිනිසුන්ගේ යම් යම් හැසිරීම් අනුව ඔවුන්ගෙ රුචි අරුචි කම් තේරුම් ගන්නට හැකිවිය යුතුය.... හදවතේ පුංචි හෝ ඉඩක් තියේනම් කොයිතරම් කාර්‍ය්බහුල උනත් වචන දෙකක් කතාකරන්නට ඕනෑම අයෙකුට හැකියාවල් තියෙන්නේය....

" එයාගෙ ගෙදර යන්නෙම නැද්ද ආන්ටි...."

ජින්ග්‍යී ඊලඟ ගැටලුව ඉදිරිපත් කලේය .....

" ඉදලා හිටලා යනවා ඉතින්....'

ඇනා ඊටවඩා දෙයක් පවසන්නට ගියේ නැත... පවුලේ පෞද්ගලික තොරතුරු දැන්මම ඇය සමඟ බෙදාගන්නට ඇනාගේ සූදානමක් නැත... එදා කෑම කාමරයේ දී මෙයි පැවසූ පරිදි මේ සම්බන්ධතාවය පිළිබඳව තවත් වතාවක් සිතන්නට ඇනා තීරණය කළේය.... ඉතින් නොදන්වා කඩාගෙන බිඳගෙන නිවසට පැමිණි ජින්ග්‍යී නිසා ඇය තවත් අසරණ වී සිටින්නේය.....

යීබෝ අවුරුදු දහ අටක් පුරාවට වින්ද වේදනාව හොඳින්ම දන්නේ ඇය සහ ඇගේ දියණිය පමණකි... ෂින්ගේ මතකයන් සහ හදවත් සැත්කමක් අතර හිරවී සිටි ඔහු දැන් මේ අයුරින් හෝ ජීවත් වීම එක අතකට සැනසෙන්නට කාරණාවක් නොවේ දැයි ඇය කල්පනා කරන්නට විය... විශේෂයෙන්ම යීබෝගේ මව නිතරම කතා කරමින් ඇගේ ඔළුවට මෙම විවාහයක් පිළිබඳව විසබීජ පිරවූ නිසාම මෙවන් යෝජනාවක් රැගෙන ආවට එහි බරපතළ බව දැන් ඇයටත් අවබෝධ වී තිබෙන්නේ ය...

" මම ආයෙ වෙලාවක එන්නම්කො ආන්ටි.... "

තවත් අඩ හෝරාවක් පමණ තේරුමක් නැති දේවල් කතාබහ කරමින් සිටී ජින්ග්‍යී යන්නට ගියේය ...

" හරි අපූරු උරචක්කර මාලයක් තමා ඔයා ගගාගේ කරේ එල්ලන්න හදන්නේ මමා.... ගගා එදා dont care ටයිප් එකේ කතා කරා කියලා දැන දැනත් ලැජ්ජාවක් නැතුව ගෙදරටත් රිංගන්න ආපු හැටි....... ඔයා ම මේවා විසඳල දාන්න හොඳේ......"

පාසල අවසන් වී නිවසට ඇවිත් සිටියත් ජින්ග්‍යී පිටව යන තුරු කාමරයටම වී සිටි ජින්ග්‍යී අවසානයේ ඇය පිටව ගිය පසු ආලින්දයට ඇවිත් ඇනාට කරුණු පැහැදිලි කර දුන්නේ ය....

" එදා අකමැත්ත පේන්න කතා කරා නම් මේ ළමයා මොකට හොයාගෙන එනවද දන්නේ නෑ...... අන්තිමට මට වෙන්නේ මගේ යාළුකමත් නැති වෙන එක තමා..."

ඇනා බර හුස්මක් පිට කරමින් කියද්දී මෙයි නිහඩ උනේය.... කොහොමත් ජින්ග්‍යී ගේ මුහුණෙන් හිතුවක්කාර බවක් අපූරුවට පෙනෙන බව අද ඇනා තේරුම් ගත්තේය ... ඉතින් ඇගේ මේ හැසිරීම් නිසා යීබෝ තමන් සමඟ අමනාපය වේවිදැයි ඇගේ හිතට බියක් ඇතිවුනේය...

.
.
.
.
.

" අංකල් මින් ....... එතකොට මේ ලේන් එකේ කෙලවරම මොනවද තියෙන්නේ...."

",කෙලවරම මෙතන තියෙන මේන් ගේට් එක වගේම ගේට් එකක් තියෙනවා.... ඒකෙන් mainroad එකට දැම්මහම බීච් එකට කිලෝමීටර් හ්ම්ම්....... තුනක් වගේ ඇති......."

" ආ.......ඒකනේ........ අපි වෙන දවසක පයින්ම ඔය පැත්තෙ යමු..."

ශාන් සහ නිවසේ විශ්වාසවන්තම සේවකයෙකු වන මින් සිටින්නේ ඔවුන්ගේ මන්දිරය ඉදිරියේ ඇති මාර්ගයේ ඇවිදින අතරයි....මදි පාඩුවට ඉතින් ශාන්ගේ අතේ මර්සිත් අපූරුවට ගුලිවී සිටින්නේය....

" එච්චර දුර යන්න නම් ලොකු සර් අවසර දෙන එකක් නෑ චූටි බේබි....දැක්කනේ පූස් පැටියාව ඇවිද්දවන්න ඕනේ කිවුවහම දාපු නීති ගොඩ.."

මින් සිනාසෙමින් කියද්දී ශාන් මූණ අමුතුකරගත්තෙය ...

" තව මාස හතකින් මට දහ අටයි අංකල් මින්..... england wala පිරිමි ළමයි අවුරුදු පහළොවේදී දාසයේ දී ස්වාධීන වෙනවා....... පපාලට මේවා තේරුම් කරන්න එකනේ අමාරු......."

",ස්වාධීන වෙනවා කියන්නෙ මොකක්ද චූටි බේබි..."

ශාන්ගේ කතාවේ දිගක් පළලක් අවබෝධ නොවූ මින් අසද්දී ඇවිදිමින් සිටි ගමන නතර කෙරූ ශාන් මින් දෙසට හැරුනි....

" සමහර ළමයි ගෙදරින් අයින් වෙලා හොස්ටල් වල ගිහිල්ලා නතර වෙනවා... තව සමහර ළමයි එපාර්ට්මන්ට් සල්ලි වලට අරගෙන ඒ වගේ නතර වෙනවා...... හුඟක් ළමයි ඉස්කෝලෙන් පස්සේ පාර්ට් ටයිම් ජොබ් කරලා තමන්ගෙ වියදම හොයා ගන්නවා... ඒ ගොල්ල අන්තිමට ගෙදර එන්නේ සති අන්තෙ දවස් වල විතරයි......"

",අපොයි....... ඉතින් ඒ ළමයි දන්නවද පරිස්සම් වෙලා ජීවත් වෙන්න....."

ශාන් මර්සිව වෙනත් ආකාරයකට වඩා ගනිමින් සිනාසුනේය...

" ඔයා දන්නවද අංකල් මින් .... අපිට ගඟකට බහින්නෙ නැතුව ගඟේ ගැඹුර දකින්න බෑනේ.. අන්න ඒ වගේ තමයි මේ ළමයිව සමාජයට දාන් නැතුව සමාජයේ ජීවත් වෙන විදිහ තේරුම් කරන්න බෑ......"

ශාන් මහා පණ්ඩිතකමට කිව්වට ඉතින් මිලේනියම් ප්ලේස්වලින් එළියට බැස නගරයට යන්නේ මොන පැත්තෙන් ද කියා වත් ඔහු දන්නේ නැත.... සමහරවිට ඉතින් ඇත්තම කතාව කූඩුකර හදන්නේ නැතිව බින්ලා නියෝලා ට මෙන් ශාන්ටත් නිදහස ලබා දී තිබුණා නම් ඔහු සමාජයේ ගැටෙන්නට ඉගෙන ගනු ඇත.....

දැන් ඉතින් මේ පූස් පැටියෙකුත් වඩාගෙන මහා පණ්ඩිත පණ්ඩිතකම් දෙඩුවාට ශාන් සිටින්නේ අදටත් වඩා ලොකු ටී ෂර්ට් එකකුත් ඇඳගෙන නිල් පැහැති හැට් එකකුත් දමාගෙනයි ....

" අපි දැන් පැයක් විතර පාරේ ඇවිද්දා නේ චූටි බේබි.... ගෙදර යමු නේද ලොකු මැඩම් බය වෙලා ඇති.."

ඉතින් ශාන් අංකල් මින් හට කීකරු උනේ තවත් දවසක මර්සිව රැගෙන පාරට එන්නට නම් ඔහුගේ අණසකට කීකරු වන බවත් පෙන්විය යුතු නිසාවෙනි.... එසේ නැතහොත් අද රාත්‍රිය වන විට මින් ශාන්ගේ දඟවැඩ සියල්ල සොන්ගේ කනේ තබන්නේය....

ඉතින් පාරේ මීටර් පන්සීයක් හයසීයක් පමණ ඈතට ඇවිද ගොස් සිටී දෙදෙනාම ආපසු හැරී නිවස දෙසට ඇවිද ගෙන එමින් සිටින අතර ඔවුන්ගේ නිවසට නිවාස හතරක් පහක් එහායින් එක්වරම ගේට්ටුවකින් ඇතුලට දැමූ වාහනයක් දුටු ශාන් එතනම නතර වී හොඳ අවධානයෙන් ඒ දෙස බලාගෙන සිටියේය...

" ඇයි චූටි බේබි...."

ශාන් එකතැන නතර වූ බව නොදැන අඩි කිහිපයක් ඉදිරියට ඇවිදගෙන ගිය මින් ආපසු හැරී ශාන් අසලට එමින් ඇසුවේය ....

" අර ඈත ගේට්ටුවකින් කාරෙකක් ඇතුලට දැම්මා.. ඒක නිකම් අපේ ගණන් සර්ගෙ කාරෙක වගේ......"

",චූටි බේබිගෙ ගණන් සර් මිලේනියම් place වල එක්කෙනෙක්ද ...."

",මම හිතන්නේ නෑ...... "

" එහෙනම් වෙන වාහනයකට චූටි බේබි රැවටෙන්න ඇත්තේ... යමු කලුවරත් වැටීගෙන එන්නේ....."

ඉතින් ෂියාඕ මන්දිරයේ විශාල ගේට්ටුවෙන් ඇතුලට යනතුරුත් පාරේ අනෙක් පස නිවාස හතරකට පහකට පමණ එහායින් තියෙන එපාර්ට්මන්ට් එකට හැරවූ කාර් එක පිළිබඳව කල්පනා කරමින් සිටි ශාන් අවසානයේ ... එක වගේ කාර් කොයි තරම් තියෙනවද... යැයි ඔහුගේ හිත හදාගත්තේය .....

",මර්සිට ලෝකෙ පෙන්නලා ඉවරයිද චූටි මැණික ....."

පූස් පැටියා වත් වඩාගෙන නිවසට ඇතුළුවන ශාන්ව දුටු යැන්ලි සිනාසෙමින් ඇසුවේය ...

"අදට ඉවරයි..."

ඉතින් පූස් පැටියට ලෝකය පෙන්වීමේ චාරිකාවේ අවසානයක් සිදු නොවන බව හඟවන්නට ශාන් එලෙසින් පවසා ගෙනම උඩුමහලට ගියේ වොෂ් එකක් දමාගන්නටයි...

.
.
.
.

ජින්ගේ එපාර්ට්මන්ට් එකේ රාත්‍රිය ගත කෙරේ යීබෝ උදෑසන පාසල් යන්නට සූදානම් වෙන අතර කිචන් එකේ බ්‍රෙක්ෆස්ට් එක සූදානම් කරමින් සිටින ජින් අසලට ආවේය ....

" ඉස්සරහට මට දිගටම මේ එපාර්ට්මන්ට් එකට එන්න වෙයි මචං......"

තමන් වෙනුවෙන් සූදානම් කර තිබූ කිරි වීදුරුව පානය කරන ගමන් යීබෝ කියද්දී ජින් සිනාසුනේය ... පෙරදින රාත්‍රියේ ඉතින් ජින්ග්‍යී ගේ හදිසි පැමිණීම පිළිබඳ වත් යීබෝ කේන්තියෙන් කතා කර තිබූ නිසා හේතු කාරණා විමසන්නට ඔහු ගියේ නැත...

" මේක ඉතින් තුන්සිය හැටපස් දවසෙම උඹට විවෘත වෙලා තියන ගෙයක් නේ.... එන වෙලාවට බඩ ටිකක් ගෙනත් දාලා ඉන්න දවසට මොනා හරි හදාගෙන කාපන්.."

ජින් සැහැල්ලුවෙන් එළෙසින් කියද්දී යීබෝ සිනාසුනේය ...

" දැන් අද පොඩි එකාට බ්‍රෝච් එක දෙනවද....."

බිත්තර ඔම්ලට් දෙකක් සහ සොසේජ් කිහිපයක් සමඟ පාන් ප්ලේට් එකක් ටේබල් එක මතින් තැබූ ජින් මස්ටර්ඩ් බෝතලයත් රැගෙන යීබෝ අසලින් වාඩිවුනේය .. ...

" අද දෙන්නෑ........."

යීබෝ මහ අමුතු සිනාවක් සමගින් එළෙසින් කියද්දී ජින් පුදුමයෙන් ඔහු දෙස බැලුවේ ඔහු එය බෑගයේ දමා ගෙන පැමිණි බවත් පෙරදින රාත්‍රියේ පැවසූ බව සිහි වූ නිසාවෙනි..

" අද ගොම්බෙට්ට නෝට් බුක් එක ගෙනෙයි....මං කියනවා හෙට මගේ බ්‍රෝච් එක ගේන්නම් මට අද අමතක උනා කියලා......"

යීබෝ බොළඳ පෙම්වතෙකු ලෙසින් එලෙසින් පවසද්දී ජින් මේසයට ගසමින් සිනාසෙන්නට පටන් ගත්තේය... යිබෝ ඔහුට සුපුරුදු බැරෑරුම් පෙනුමෙන් ජින් දෙස බලද්දී ජින් ඉක්මනින් සිනහව නතර කර ගත්තේ ය...

" එතකොට හෙටත් කොල්ලා කා පාක් එක ලඟ ඉන්නවනේ නේද......"

යීබෝ කෙටි සිනහවක් තිළින කළේය..... ඉතින් තවත් පුංචි පුංචි කතා බස් අතරේ උදෑසන ආහාරය අවසන් කෙරූ යීබෝ ජින්ගෙන් සමුගත්තේය ....නැවත ඉතින් ජින්ව කවදා දකින්නට සිදු වේවි දැයි කියා කියන්නට දන්නේ නැත...තව හෝරාවකින් පමණ ඔහු හුනාන් යන්නට පිටත් වෙන බව පැවසුවේය...

" ඉන්නවා ඉන්නවා......"

සුපුරුදු පරිදි වාහනය ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට දමා වාහන අංගනය දෙසට ගමන් කරන අතර ඈතින් තමන්ගේ වාහනය නතර කරන ඉඩ අසලට වී සිටින ශාන්ව දුටු යීබෝගේ මුවින් එලෙසින් පිටවුනි....වාහනය ටිකෙන් ටික ඔහු අසලට ළං වෙද්දි සිය මුහුණට හරි අපූරු සිනහවක් මතු වුණු අතර...ඒ සිනහව දුටු යීබෝගේ මුවින්....

" Anemone ........."

යනුවෙන් ඉඹේම පිටවුනේය..... නමුත් ඉතින් ඒ රුව දුටු මොහොතේ පටන් මේ වන තුරුම මුහුණේ පැවති සිනහව එක්වරම අතුරුදහන් කර ගත් යීබෝ ඔහුගේ සුපුරුදු බැරෑරුම් පෙනුමට ඇවිත් වාහනයෙන් පිටතට ආවේය ....

" good morning සර් ......."

" good morning ......"

"ඔයාගේ notebook එකත් පොකට් එකේ තිබ්බනේ.....මම ඒකේ ලියලා තියන ඒව කියෙව්වෙ නම් නෑ......හැබැයි ඔයාගේ hand writing නම් අන්තිමයි....."

එදා මෙන් ම කුඩා බෑගයක දැමූ නෝට් බුක් එක යීබෝ වෙතට දිගුකරමින් ශාන් එලෙසින් පවසද්දී යීබෝ නිහඬව එය අතට අර ගත්තේය....

" ස්කූල් වැඩ වලට පාවිච්චි කරන එකක් ද කියන්න මම දන්නෙ නෑ..හැබැයි ඕක ගෙදර ගිහිල්ලා තමා බලන්නෙ ඔන්න...."

ශාන් සෘජුව කියද්දී ගණිත ගුරුවරයා එය වාහනය තුළට දමා දොරත් වසා අවසන් ය....

" යමුද......."

ශාන් ඉස්සර වෙද්දී යීබෝත් ඔහුට සමාන්තරව ඇවිදින්නට පටන්ගත්තේය ....

" ඊයෙ තෑග්ග ලස්සනයි ද......."

ශාන් හිස ඔසවා යීබෝගෙන් ලෙසින් අසද්දී යීබෝත් ශාන් දෙස බැලුවේය....

" ඇයි ඔයා මට හැමදාම තෑගි දෙන්නෙ...."

ඔහු ඒ මුහුණ දෙස බලාගෙනම අසද්දී ශාන්ගේ මුහුණේ තිබෙන සිනහව තවත් පුළුල් වුණේය....

" මම කාට හරි කැමති උනොත් එහෙම තමා..... මම එයාට තෑගි දෙනවා...."

" මගේ බ්‍රෝච් එක හෙට ගේන්නම්..."

ඉතින් දැන් ඒ සිනහව දසන් පෙනෙන ලෙසින්ම වර්ධනය වූයේය....

" හා......එහෙනම් මම හෙටත් මෙතනට වෙලා ඉන්නම්....."

යීබෝ හා යැයි හිස සැලුවේය ..... ඉතින් වැඩි කතා බහක් නැතුව විනාඩි කිහිපයක් ඔවුන් ඇවිද ගිය අතර ශාන් සුපුරුදු පරිදි ඔහුගේ chatterbox එක විවෘත කරගත්තේය ...

" ඊයෙ මම මර්සිව වොෂ්කලානේ ....."

ලොකු කතාවක් පවසන්නට ඔහු එලෙසින් සූදානම් වෙද්දී යීබෝ ඉතින් ඔහුගේ කතාව අසන්නට සූදානම් වන බව අඟවන්නට ඇස්දෙක සිහින් කලේය...

" හොඳ ළමයි නාවලා නියපොතු කපන්න එපැයි...මම මර්සිව නවලා නියපොතු කපන්න හදනකොට එයා හංග ගන්නවා......ඒත් ඉතින් එහෙම පුලුවන්ද නේද.....මං වැඩේ අතාරින්නෙම නැතුව ඉන්නකොට ජීයි ආවා රූම් එකට...... එයා කියනවා සත්තුන්ගෙ නියපොතු තියෙන්නේ ආත්මාරක්ෂාවට කියලා .... මං කිව්වා මර්සිව ආරක්ෂා කරන්න මම ඉන්නවනේ කියලා......එයා ඒක ඇහුවෙම නෑනේ ... නේල් කටර් එකත් උදුරගෙන මට බැන්නා...... මට කේන්තිත් ආවා.... මර්සි මගේනේ.....එතකොට එයාගෙ නියපොතු කපනවද නැද්ද තීරණය කරන්න ඕනෙ මමනේ......"

ශාන් කතාව නතර කර හොද හුස්මක් පිටකරමින් යීබෝ කියන්නටත් පෙර වතුර බෝතලය අතට ගත්තේය ..... යීබෝගේ මුව අගට සිනහවක් මතුවුනේය ...

" සත්තුන්ගෙ නියපොතු රෝමකූප කපන්න හොදනෑ......එතකොට එයාලා අසනීප වෙනවා....."

ඉතින් යීබෝ සන්සුන්ව පැහැදිලි කලේය ...

" ඇත්තට........එහෙනම් තව පොඩ්ඩෙන් අපේ මර්සිව මං ලෙඩ කරනවා......"

" අපේ..........."

යීබෝ ඇස්බැමි අකුලමින් අසද්දී ශාන් සිනාසුනේය ...

" ඔව්....මමනේ එයාව හොයාගත්තේ ... ඔයා තමයි එයා ගර්ල්ද බෝයිද කිව්වෙ වගේම එසෙම්බ්ලි හෝල් එකේදි මාවයි එයාවයි බේර ගත්තේය ... ඉතින් මර්සිගෙ සම අයිතියක් ඔයාටත් තියෙනවා ....."

යීබෝට හිනා යන්නට ආවත් එය ආයාසයෙන් හිරකරගෙන හා යැයි හිස සැලුවේය .... ඉතින් අවසානයේ දෙදෙනා තුන්මං හන්දිය අසලට ආවේය ....

" මං යනවා.......හෙට බ්‍රෝච් එක ගේන්න...."

ශාන් යන්නට ගියේය ... ඒ දෙස ටිකවෙලාවක් බලාගෙන සිටි යීබෝ ස්ටාෆ් රූම් එක දෙසට යන්නට හැරුනේ...

" අන්තිමේදී පූසියෙකුගෙ සම අයිතියකුත් හම්බවුනා.... "

යැයි තනිව මුමුණන අතරයි... ඒ මුහුණේ ඉතින් ගෙවීගිය දින තුන පුරාවටම ඇදුනු සිනහව එලෙසින්ම තිබුනි.... එය ගැඹුරු සිනහවක් නොවේ.සිනහවක සේයාවකි....

.
.
.
.

සතිය එලෙසින් ගතවෙමින් තිබුනි...සිකුරාදා ත් දෙදෙනා බ්‍රෝච් එක නිසා මුණගැසුනේය..... සති අන්තය උදාවූ අතර මේ ඉරිදා උදෑසනයි...

" මට බෑ මමා....... "

" දැන් කියවන එක නවත්තන්න චූටි බබී.....පපාට ඇහුනොත් ආය කෑගහයි..... ඉක්මනින් ලෑස්තිවෙන්න ... පපා දුන්නෙ විනාඩි විස්සයි....."

" ඒත් මම ඕවට ආස නෑනේ අප්පා ....."

" පළවෙනි දවසේ යන්නකෝ ඉතින්.......ඊලඟට අපි බලමු..."

ශාන්ගේ මව ශාන්ගේ හිස අතගා ඒ නලලට හාදුවක් තැබුවේය ....

" තව ටිකවෙලාවයි මම බලන්නේ...... හිතුවක්කාර උනොත් මර්සිටත් යන්න තැනක් හොයාගන්න වෙයි.."

සොන්ගේ කටහඬ පාත මාලයෙන් ඇසෙද්දී ශාන් යලිත් මුහුණ අමුතු කර ගත්තේය...යැන්ලි ශාන්ගේ කුඩා බෑගයකට ක්‍රීඩා වෙනුවෙන් සූදානම් කර ඇති ඇඳුම් අසුරද්දී ශාන්ගේ මව ශාන්ව අස්වසාලමින් සිටින්නේය..

" මර්සිගෙ ඩීල් එක ඩ්‍රිල් එකෙන් ඉවරයිනේ මමා.....ආය එයාව ගෙදරින් යවන්න තහනම් ඔන්න ....."

ශාන් අඬන්නට සමාන කටහඬකින් එළෙසින් කියද්දී යැන්ලි කුඩා බෑගයත් වතුර බෝතලයක් රැගෙන ශාන් අසලට ආවේය....

" කීකරු වෙලා මේ ගමන යන්නකො මැණික...ඊට පස්සේ අපිට බය නැතුව ඉල්ලීම් ඉල්ලන්න පුළුවන්...."..

අවසානයේ මරණයට නියම වූ ගවයකු ලෙසින් ශාන් බොහෝම අකමැත්තෙන් පඩිපෙළ බැස ගෙන පහලට ආවේ ඔහුගේ අඩුම කුඩුම ටික රැගෙන මව සහ සොයුරියත් පිටුපසින් පහලට එද්දීය....

" මෙයාව හුරතල් කරන්නේ ඔය දෙන්න තමයි.... දැන් ඔය බෑග් එකයි වතුර බෝතලෙයි එයාට අරගෙන එන්න බැරිද......"

සොන් යලිත් කෑගසද්දී ශාන් බෑගය කරට එල්ලාගෙන වතුර බෝතලය අතට අර ගත්තේය...

" යමු....මම කෝච්ව මීට්වෙන්න වෙලාව දාගත්තේ උදේ දහයට.. පලවෙනි දවසෙම පරක්කු වෙලා ගිහාම මිනිස්සු අපි ගැන මොනවද හිතන්නේ... ඕනෙම වැඩක් සාර්ථක වෙන්නේ නියම වෙලාවට ඒ වැඩේ ආරම්භ කළොත් තමා......."

සොන් ඉතින් ඔහුට සුපුරුදු වචන මාලාව පිට කරමින් වාහනයට ගොඩවූ අතර ශාන් ඔහු අසලින් වාඩිවුනේය ...

" ස්පෝට්ස් ක්ලබ් එකට ගියා කියලා අතපය පණ නැති වෙනකම් sports කරවන්නේ නැහැ.... මුලින්ම ඒවට trining කරවනවා...... "

තමන් අසලින් වාඩි වූ ශාන්ගේ හිස අතගාමින් අවසානයේ සොන් කීවේය ....ශාන් හා යැයි හිස සැලුවේය .... වාහනය නගරය මැදින් ගොස් එක්තරා තරමක් විශාල ක්ලබ් එකක් ඉදිරියේ වාහනය නතර කලේය ..... ශාන් දැන් ඒ දෙස බලාගෙන සිටින්නේ බලාපොරොත්තු විරහිත බැල්මක් සමඟිනි..... දැන් ඉතින් සෑම ඉරිදාවකම මෙතැනට පැමිණෙන්නට සිදුවෙනවා නොවේදැයි මතක් වෙද්දි ශාන්ගේ පපුවට මහා බරක් දැනෙන්නට පටන්ගත්තේය ....

අකමැති ස්ථාන , අකමැති මිනිසුන් යනු ඇත්තෙන්ම මගහැරිය යුතු දේවල් වන්නේය..... එම ස්ථානයේ තමන්ට රැඳෙන්නට නොහැකි යැයි හැඟෙනවා නම් එතැනින් ඉවත්වී තමන්ට සුව පහසු තැනක රැඳීම සුදුසු ය..... ඊළඟට තමන්ගේ අදහස්වලට නොගැළපෙන මිනිසුන් තමන් අසල රඳවා ගැනීමත් ඒ ලෙසින් ම වන්නේ ය.... සුව පහසුවෙන් ජීවත් වන්නට නම් එවන් මිනිසුන්ගෙන් ඈත්වී ජීවත් විය යුතුය....

" යමු........"

සොන් වාහනයෙන් බසිමින් කියද්දී ශානුත් වාහනයෙන් බැස්සේය ... බෑගයත් එල්ලාගෙන වතුර බෝතලයත් අතැතිව වාහනයෙන් බසින චූටි බේබි දෙස බලාගෙන සිටි ලෙලේ......

" බේබි නං යන්නෙ පොඩ්ඩක් වත් සතුටින් නෙවෙයි.... පව් අහිංසකයා......

යැයි සෙමින් මිමිණුවේය ....

සොන් ප්‍රධාන දොරටුව අසල සිටින ආරක්ෂක නිලධාරියකු සමඟ ටික වේලාවක් කතා බහ කළ අතර ඔහු දොරක් ඇරගෙන ඇතුලට ගියේය ... විනාඩි කිහිපයකට පසු පිටතට පැමිණි ඔහු දෙදෙනාම කැඳවාගෙන විශාල ගොඩනැගිල්ල තුළට ඇතුළු වූ අතර ශාන්ගේ ඇස් විශාල වී ගියේ ඒ වටපිටාව දුටු නිසාවෙනි ....


ඔවුන් සිටින විශාල ආලින්දය වැනි කොටස වටා වීදුරු වලින් පමණක් ආවරණය වී තිබෙන එක් එක් ක්‍රීඩා වලට වෙන් වූ කොටස් කිහිපයකි.... දැන් ශාන් ඔහුගේ පියා පිටු පසින් ආරක්ෂක නිලධාරියා සමඟ ඒ සියලුම කොටස් පසුකරමින් ඉදිරියට යන්නේ ය..


අවසානයේ ඔවුන් එහි කාර්යාලය තුළට පැමිණියේය...

" good morning මිස්ටර් ෂියාඕ සොන් ....."

" good morning මිස්ටර් මෙරිල්......ඉතින් හුඟ කාලෙකින්...."

දැන් මෙරිල් නැමැත්තාගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ සොන්ට පිටිපස්සෙන් හිටගෙන සිටින ශාන් වෙතටයි.... ඔහු ශාන් සමඟ සුහදව සිනාසුන අතර ශානුත් ඔහුට සිනහවක් තිලින කලේය ...

" මේක තමයි ක්ලබ් එකේ කාඩ් එක.... මේක නැතුව ඇතුලට එන්න බෑ.....පළවෙනි මාස හය මූලික පුහුණුවීම් කරවනවා..... මේ තියෙන්නේ ඔයගෙ ලොකර් එකේ යතුර.... හැමදාම ආවගමන් චේන්ජින් රූම් ගිහින් රෙඩිවෙලා ඔයාගේ ට්‍රේන ලඟට යන්න ඕන...."

ක්ලබ් එකට ඇතුලත් කිරීමේ වැඩ කටයුතු සියල්ල අවසන් වූ පසුව කාඩ් එකක් සහ යතුරක් ශාන් අතට ලැබුනි..... ඊටත් විනාඩි කිහිපයකට පසුව මෙහි සේවකයෙක් කාර්යාලය තුළට කැඳවූයේය....

" මෙයාව චේන්ජ් කරගන්න එක්ක ගිහිල්ලා Basic training හෝල් එකට එක්ක ගිහින් කෝච්ට බාර දෙන්න....."

ශාන් අසුනෙන් නැඟී සිටියේය ......

" මිස්ටර් මෙරිල්........ ඉවර වෙන්නෙ කීයටද ..."

" Basic training තියෙන්නේ උදේ දහයේ ඉදන් දෙක වෙනකල්....."

සොන් අසුනෙන් නැඟිට ශාන් අසලට ආවේය ....

" දෙක වෙනකොට ලෙලේ එයි...."

ශාන් ඉතින් වේදනාව පිරුණු උපරිම අහිංසක බැල්මක් තම පියා වෙතට තිළිණ කරමින් හා යැයි හිස සැලුවේ අවසන් තත්පරයේ සහ ඔහුගේ අදහස වෙනස් වේ යැයි යන බලාපොරොත්තුවෙනි....නමුත් ඉතින් එලෙසින් සිදුවුනේ නැත.... අවසානයේ ශාන් එතැනට පැමිණි සේවකයා සමඟ යන්නට ගියේය ...

" මාස දෙක තුනක් මෙතනට එනකොට හැදිලා එයි මිස්ටර් සොන්... බය වෙන්න එපා......"

මිස්ටර් මෙරිල් සිනාසෙමින් කියද්දී සොන් එය අනුමත කරන්නට හිස සැලුවේය....

" ඔයාගේ ලොකර් නම්බර් එක බලලා ඇඳුම් අරගෙන එහා පැත්තෙ තියෙන රූම්ස් වලට ගිහිල්ලා චේන්ජින් කරගන්න..."

ශාන් ඉක්මනින් ඇදුම් මාරු කරගෙන වතුර බෝතලයත් රැගෙන සේවකයා අසලට ආවේය .... ඉතින් දැන් ඔවුන් දෙදෙනා විශාල කොරිඩෝවක් දිගේ ගොස් උඩු මහලට යන පඩිපෙළක් නගන්නට නගන්නට පටන් ගත්තේය..... දැන් ඔවුන් සිටින්නේ දෙවැනි මහලේ වන අතර ටික දුරක් යන විට විශාල ශාලාවක් අසල නතර විය.....

" ඔතන වාඩිවෙලා ඉන්න.. මට ඔය ෆෝම් එක දෙන්න....."

සේවකයා ශාන් අත තිබූ ෆෝම් එකත් රැගෙන විශාල ශාලාවක් වැනි කොටසට ඇතුල්වූ අතර ශාන් අසරණව එතැන වාඩිවී සිටින්නේය ..

මට වෙලාවකට හිතෙනවා ගෙදරින් පැනලා යන්න.. ඇයි මං ආස දේවල් කරන්න දෙන්නෙ නැත්තෙ..... පේන්ටින් කරන්න නම් ස්පෝට්ස් කරන්න ඕනෙලු..... ඊලඟට මර්සි තියාගන්න නම් ආ මොකෝ එයා කියන හැම දෙයක්ම කරන්න ඕනලු..... ඇයි අනිත් ළමයින්ට වගේ මටත් මම කැමති දේවල් කරන්න බැරි...... මම ක්‍රීඩා කරන්න පොඩ්ඩක් වත් කැමති නෑ...... ඉන්ග්ලන්ඩ් යන්න කලින් ගොඩක් චිත්‍ර ඇන්දා මට මතකයි... ඒත් මම මේ පාර ආපහු ගෙදර එනකොට ඒ එකක්වත් නෑ... ඒ දවස් වල වෙච්ච සමහර දේවල් මට මතක නැති උනාට , ඒ පෙන්ටින් වල තිබුණෙ මොනවද කියලා මතක නැති උනාට ගොඩක් ආසාවෙන් චිත්‍ර ඇන්දා කියලා මට මතකයි....

ශාන් බර හුස්මක් පිට කළේය.... දෙමාපියන් සහෝදර සහෝදරියන් අස්සේ හුරතලයක් මෙන් ජීවත් වීම සිතට සැහැල්ලුවක් ඇති කළත් ශාන්ටත් අවැසි වන්නේ අනෙක් ළමයින් මෙන් නිදහසේ ජීවත් වෙන්නටයි..... තනිව එහෙ මෙහෙ ගමන් කරන්නටයි...... ඒත් ක්‍රීඩා කරන්නට නම් ඔහු පොඩ්ඩක් හරි කැමති නැත.... නමුත් ඉතින් දැන් කරන්නට දෙයක් නැත..... වෙන දෙයකට මුහුණ දෙන්නට ඔහු හිත හදාගත්තේය..

තවත් විනාඩි කිහිපයක් කල්පනා කරමින් සිටියදී ශාලාවේ දොරටුව විවර විය.... මුලින්ම ශානි සමගින් එතැනට පැමිණි සේවකයා පිටතට පැමිණි අතර ඊට පිටුපසින් පැමිණි පුද්ගලයා දුටු ශාන්ගේ ඇස්දෙකත් විශාල වී මුවත් විවරවී ගියේ......

ඔහු වාඩිවී සිටි අසුනෙන් නැගිට්ටා නොව ඉබේම නැගිටුනා යැයි කීවොත් නිවැරදිය......

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

කඳුළු බිඳු වල පහස නොලැබුණු දිනක් හමු නොවුණත් ඉතින්..
නුඹව දුටු දින ඉඳන් ඉන්නේ කඳුළු අමතක කර තුටින්..
පෙර භවේ නුඹෙ නික්ම යෑමත් හදම පෙළුවට රිදුමකින්..
ඔය සිනහ මා නැවත ඉපැදුවෙ දුක බොහෝ දුර ඉගිලෙමින්..

දිනෙන් දින නුඹෙ සොඳුරු රුව දැකගන්න මඟ බැලුවෙම නෙතින්..
නුඹට හොරැහින් නුඹට පෙම් කළෙ නුඹත් නොදැනිම හදවතින්..
පුංචි වූවට මටත් වැඩියෙම පෙර වගේමයි නුඹ සිතින්..
සත්තමයි බැහැ දුරින් ඉන්නට නැවතනම් එක බිඳුවකින්..

ආදරණීය ශාන්ට... ❤️•
යීබෝගෙන්... 💚...

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් ...❤💚💛

**
**
**
**

මතුසම්බන්දයි .........

...................................................................................................

✒️ කවුද එන්න ඇත්තෙ.......

✒️ ශාන් දිගටම ක්‍රීඩා කරයිද.....

✒️ හෙට 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 අරගෙන එන්නම් ....ඒ කතාවෙ නොටිෆිකේෂන් එන්නෙ නෑ කියලා ගොඩාක් අය කියනවා.... ඒකට කරන්න මොනවා හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න....

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ...💚❤💛

Continue Reading

You'll Also Like

354K 16K 44
"Are you mad? Do you want to die?" he snapped. I just stood there, staring at him. He was tall, dressed well, and looked annoyed. "Hey! Are you deaf...
241K 8.2K 73
"now, when we kiss, i have anger issues" OLIVIA MURPHY needs a fresh start. With her father in prison for a crime he claims he didn't commit and eve...
105K 6.7K 93
Rowen transmigrates into the world of One Piece, gaining the Strongest Trait System-capable of plundering the Traits of others! Spotting the golden-s...
425K 25.5K 127
Kanda Kyoichi transmigrated to Konoha and became a temporary instructor at the Ninja Academy. Fortunately, he awakened the Mentor System. By teaching...