" දැන් උබට මකරෙක් හම්බුනාමයි කියමුකො. උගෙන් ඇති වැඩක් නෑනෙ "
" ඒකනෙ වදේ. අනික සෑහෙන්න වියදම් යයි."
" මේ ආර්ථිකේ එක්ක මටම ජීවත් වෙන්න අමාරුයි ටාශී. උබට ශුවර්ද මකරෙක්ව ජීවත් කරවන්න පුලුවන් ආර්ථිකයක් උබට තියනවා කියලා "
"ඒකනෙ වදේ.ඇයි උයාට ඒක තේරෙන්නෙ නැත්තෙ"
" අනික හෙම්බිරිස්සව හැදුනම නඩත්තු කරන්න තව අමාරුයි ටාශී. කව්ද දන්නෙ හොටු වෙනුවට ලාවා එනවද කියලා"
" අනේ මිහි බබා කටවහගන්න. ඔයත් වොනා දැන් ඇති හොදටම. මනුස්සයෙක් මකරෙක් අරන් දියුනු වෙන්න හදනකොට උබලගෙ පැලියාව "
" ඒක මහා උකන දියුනුවක්නෙ බන්"
උදේ ලෙක්චර් එක ඉවර වෙලා අපි තුන්දෙනා කයියක් ගහන් පහලට ආවේ අයිස්ක්රීම් එකක් කන්න කියලා. පාකින් ඒරියා එක පහුවෙනකොටම මන් දැක්ක සිද්දියත් එක්ක පොඩ්ඩක් කම්ෆියුස් උනා. දෙයියනේ පෘථිවිගේ තාත්තා. තිලින අංකල් මූසල බූවලුකාරයා බලන්න ඇවිත් වගේ. මන් බිත්තියට මුවා උනා.
" මොකද වදේ ඔයා හැංගෙන්නෙ"
" මෙහෙට වරෙන්. පෘථිවිගෙ තාත්තා "
" කොයි අර අන්කල්ද "
" ඔව් ඔව් පොඩ්ඩක් කටවහන් හිටපන්කෝ "
" එයා ලස්සනයි නේද වදේ. මාත් ඉස්සර හිතන් හිටියේ ටිකක් වයසට ගියාම හැන්සම් ශුගර් ඩැඩී කෙනෙක් මැරි කරලා ගොඩ යන්න වදේ"
Ewww Eww මට ඔය සීනී තාත්තාලා පේන්න බෑ. අනේ මගෙ කට. මොනා උනත් අන්කල් ටිකක් වයසට ගිහින්. ඒත් එදා හිටියා වගේමයි. කොන්ඩේ තැනින් තැන සුදු වෙලා. ගීතානී ආන්ටිත් එතන. අනේ මට ගිහින් කතා කරන්න හිතයි. මන් එයාලට හරි ආදරෙයි අප්පා. මන් එහෙ ඉන්න කාලෙ මට එයාලගෙම ලමයෙක්ට වගේ සැලකුවා. වාහනෙන් ඊලගට බැහැපු ඩබල දකිද්දි මට නිකන් මොකක්ද උනා. මොනවා තරුන් අයියා. එයා බැස්සෙ අර පෘථිවි ඇක්සිඩන්ට් වෙල ඉද්දි හොස්පිට්ල් එකෙ දොර ලග නාහෙන් අඩපු කෙල්ලගෙ අත අල්ලන්. මේ මොන මගුලක්ද මේ. මල්ලිගෙ කෙල්ල එක්ක අයියා පවුල් කනවා. මොන රටේද යකෝ මෙහෙම දේවල් වෙන්නෙ. එතකොටම එතනට ආවේ පෘථිවි. ආන්ටි එයාව හග් කරද්දි තිලින අන්කල් එයාගෙ ඔලුව අතගෑවා. යකෝ අන්කල්ටත් වඩා මූ උසයිනෙ. ඒත් මූ තරුන් අයියා දිහා හැරිලාවත් බැලුවේ නෑ. ඇත්ත ඉතින් තමන්ගෙ වෙන්න කෑල්ල එක්ක අයියා පවුල් කද්දි මොන මිනිහටද දරාගන්න පුලුවන්. ඒත් ඒ කෙල්ලනම් පෘථිවි එක්ක හිනා වෙවී කතා කලා. අම්මට සිරි රදීශයත් එතනට ආවනේ. ඌ ආව ගමන් අන්කල්ටයි ආන්ටිටයි වැන්දා. ඔව් ඉතින් මට වට නෑකමක් තිබ්බට මූයි එයාලයි හොද නෑයොනේ. මේ වෙන දේවල් මට හිතාගන්න බෑ. ඕනාවට වඩා හිතුවොත් ඔලුව විකාර වෙනවා. මන් අරුන් දෙන්නත් ඇදගෙන ආයෙ ක්ලාස් රූම් එකට ආවා.

YOU ARE READING
?????? ??? | $i?um Paha?a ?? [ ? ? ]
Fantasy?????? ??????? ?????? ???????? ????? ???? { ?????? ?????? ????? ??? ???? ? } ????,???,????,?????,??????,?????? ????? ???????? ??????????, ????????? ???????? ????? ???? ???? ???? ????????? ??? ???????? 18+ ?????? ??? ??????.. ????? ????? ???? ???...