抖阴社区

40 ?? ????

1.4K 104 8
                                        


" මන් ඉන්නවනෙ බය වෙන්න එපා "

" උබට ශුවර්ද "

" ශුවර් වරෙන්කො යන්න"

" අනේ මට බෑ ඒයි.මට නිකන් බයයි වගේ "

"මේ අහන්න.බය වෙන්න දෙයක් නෑ මැනික. ඔයා දැන් හැමදේම දන්නවනෙ නොදන්නවා නෙවෙනේ.මාව විශ්වාසයි නේද "

" හුම්ම්ම් ඔව් "

ජයවර්ධන ඇමති ගේට්ටුව ඉස්සරහා හිටගෙන හිටපු මට පෘථූ එහෙම කිව්වත් හිතේ මොකක්දෝ මන්දා චකිතයකින් මාව වෙලා ගත්තා. ඉස්සර මේ ගේට්ටුවෙන් ඇතුලට යන්නෙ කීයටද කියලා බලන් හිටපු අද මට මේකෙන් ඇතුලෙ ලෝකය ගැන පොඩි බයක් දැනුනා. තාප්පෙ උනු විදුලි සීනුව පෘථූ ගහනවත් එක්කම චූටි ගේට්ටුව ඇරුනා. දැකලා නැති සිකුරිටි කෙනෙක්. තාත්තා අලුත් අය අරන් වගේ.

" මොකද "

" ඇමතිතුමා හම්බෙන්න "

" එයා හම්බෙන්න බෑ එහෙම මොනා හරි අවසරපතක් තියනවද "

" එහෙම නම් නෑ. ඒත් අපිට එයාව හම්බෙන්න ඕනෙ. කලින් කියලා තියෙන්නෙ. මන් පනිවිඩයක් නම් දුන්නා මේ සතියේ  එනවා කියලා "

" එහෙම කියන පමාවට හම්බෙන්න බෑ. ඔයාලා යන්න වෙන දවසක එන්න"

ඉස්සර මගේ හෙවනැල්ලටත් දොර ඇරෙන මේ ගේට්ටුව අද අපිට තහනම් වෙලාද. ඒ මනුස්සයා බූවලුස්ට එහෙම කියද්දි මට ඇත්තටම තරහා ගියා.

" ඇයි යන්න දෙන්න බැරි. මොකක්ද ඇමතිතුමාට ඔච්චරම තියන හදිස්සිය "

" මේ පොඩි කොල්ලො කට වහගන්නවා. එහෙම තමුන්ට ඕනේ විදිහට ඇතුලට යන්න මේක අම්බලමක් නෙවේනේ.මේක ජයවර්ධන ඇමති නිවහන "

" හරි හරි කලබල කරන්න එපා. සද ඔයත් පොඩ්ඩක් ඉන්නකො කලබල නොකර මන් අන්කල්ට කියලා තියෙන්නෙ අපි එනවා කියලා "

" අන්කල්?? අන්කල්ලා නෑ මෙතන. ඇමතිතුමා උබලගෙ කවුරුත් නෙවෙනේ.සර්ට ගරු කරලා කතා කරපන්"

" උබ මටද අයිසේ සද්දෙ දාන්නෙ.ගිහින් කියපන් උබගෙ ඇමතිතුමාට මේ ඉඩමේ ඊලග උරුමක්කාරයා මිහින් සදරැස් ජයවර්ධන ආවා කියලා "

" මොකද මෙතන සද්දෙ "

මන් එහෙම කියද්දි සිකුරිටි කාරයා බය උනත් ඇතුලෙන් යමක් කියාගෙන තව එකෙක් එලියට ආවා.

?????? ??? | $i?um Paha?a ?? [ ? ? ]Where stories live. Discover now