抖阴社区

86 ?? ????

1K 91 85
                                        


" හෙලෝ ශේන් කියපන් "

" සර් කාර් එක සර්ලගෙ මහ ගෙදරින් පාක් කලා "

" හරි බන්.මොනවා නැතත් මන් කියපු ටික ගානට පැක් කරලා බෑග් එකට දැම්මා නේද "

" ඔව් සර් දැම්මා "

" ඒක නෙවෙයි මන් උබෙන් අහන්න හිටියෙ දැන් උබට සතුටුයිද "

" සතුටුයිදත් අහනවා සර්. ඕක කියන්නනෙ මෙච්චර කල් දැඟලුවෙ "

" අනේ නිකන් පලයන් යන්න. හරි හරි දැන් උබ ගෙදර යමන් "

" ගෙදර යන්න බෑ සර්.ලොකු සර් කිව්වා පොලිසියට යන්න කියලා "

" පොලිසියට ???? "

" ඔව් සර් "

" ආහ්...?? "

ෆෝන් එක කට් කරපු මන් කෙලින්ම බූවලුස් දිහා බැලුවා.

" ඇයි ශේන් මොකද කියන්නෙ "

" ඒකා මොකටද පොලිසියට යන්නෙ "

" ට්‍රේනින් එක ඉවර වෙලා අලුතෙන් පොලිසියට බැඳුනු කොල්ලෙක් ඕකා. දැන් ඉතින් මගෙ මැණිකව බලන්න මන් ඉන්නවනෙ ඒ නිසා ඌ ගිහින් සුපුරුදු රස්සාව කරපු දෙන් "

" දෙයියනේ මිනිහො "

එකපාරටම මන් ඒකට ගහපු කනේ පාරවල් ටික මොලේට ප්‍රොසෙස් උනා. ඊලග කියයිද දන්නෙ නෑ රාජ්‍ය නිල්ධාරියෙක්ට අත උස්සපු එකට අවුරුදු 5ක් හිරේ කියලා. මේකා සතා පුතා. කියන තරම් විශ්වාස කරන්න බෑ.

" පඩියට අමතරව තව ඩබලුත් ගෙව්වා බන්.ඒ නිසා වැඩිය හිතන්න එපා. "

" උබ ඔය වගෙ තව කොච්චර දේවල් මගෙන් හන්ගලා තියෙනවද බූවල්ලො "

" හංගගෙන හරි නැතුව හරි මන් උබට කලේ ආදරේ විතරයි "

යැයි යැයි තමයි. ඒකා මාව උගෙ උරහිසට හේත්තු කරගෙන මගෙ කොන්ඩෙ පිරිමැද්දා. වෙඩින් එකේ එන්ඩ් එකේදී අපි හොටෙල් එකෙන් ඇඳුම් චේන්ජ් කරගෙන අනේ මන්දා යනවා යනවා ඉවරයක් නෑ කියන්නෙත් නෑ කොහේ යනවද මන්දා. ඩ්‍රයිවර් කටුනායක එයාර්පෝර්ට් එකෙන් වාහනේ නවත්තනකොට පෘථූ මාවත් අල්ලගෙන කා එකෙන් බැස්සා.

" දෙයියනේ මිනිහො. කොහෙද ඒයි අපි මේ යන්නෙ. රට යනවද..?? කොහෙද රට..?? සීතල රටක්ද ?? කොයි වෙලේද ටිකට් බුක් කලේ ?? රස්නෙ රටකටනම් යන්න බෑ ඔන්න ස්කින් එක ඩැමේජ් වෙයි.මට කිව්වෙත් නෑනේ ඒයී.මන් තරහයි ඒයි "

?????? ??? | $i?um Paha?a ?? [ ? ? ]Where stories live. Discover now