抖阴社区

52 ???? ????

1.2K 112 17
                                        


" තව ටිකක් ඈතට යන්න "

" දැන් කොහොමද "

" ඔය ඉන්නෙ නලුවා වගේ "

" උඩ බොත්තම ගලවගන්න එතකොට ලස්සනයි නේද අනේ "

" මෙහෙම හොදයිද "

" අන්න හරි. එහෙම හොදයි "

" එහෙම මරු "

" හරි මන් තියනෝ එහෙනම්. ෆොටෝ වීඩියෝ දාන්නම්.Byee"

මන් ඉතින් කැම්පස් එකේ තිබ්බ චේන්ජින් රූම් එකට වෙලා හැඩ වැඩ වෙවී හිටියේ. දැන් ඉතින් අවුරුදු කුමාරයට යන්න ලස්සන වෙන්නත් එපැයි. ඒ අතරේ මන් කල්පයටයි රොශේනයටයි වීඩියෝ කෝල් එකක් අරන් මගෙ හැඩ පෙන්නුවා. ඩ්‍රෙස් කෝඩ් එක උනේ සරමයි ශර්ට් එකයි වෙද්දි මට සරම ඇදගන්නම හැට පැයක් ගියා. මෙව්වා ඉතින් පුරුදු වැඩයෑ.

" ශා මිහි බබා ලස්සන අනේ "

" බලන්නකො වදේ මෙයාගෙ ලස්සන. දැන් ඉතින් හසරැල් මේවා දැක්කම කොහොම කියලා ඉන්නද "

" මන් නම් කියන්නෙ වොනා අපේ හසරැල්ගේ තේරීම හරියටම හරි කියලා. හරිම කියුට් මිහිබබා "

" අනේ යන්න ඒයි.මට ලැජ්ජත් හිතෙනවා "

බොරු ලැජ්ජාවක් අරන් මන් ගැම්මට එහෙම කිව්වා. ලස්සනයි කියලා ඉතින් මන් මැරෙන්නයෑ. මොනා නැතත් දෙවියෝ හරි නිදහසේ මාව මවලා. මවද්දි ලස්සන ටිකක් වැඩියෙන් දීලා. මුන් දෙන්නගෙත් ලස්සන බලන්න එපැයි. ලුන්ගි ඇදලා මල් ගහගෙන මාල දාලා  අනේ ඉතින් සීදේවී කෙල්ලො දෙන්නා. එක පාරම හයියෙන් දොර ඇරෙනවත් එක්කම අපි තුන්දෙනාම ගැස්සිලා ඒ පැත්ත බැලුවා.

" කොහොද බන් හිටියේ හැමතැනම හෙව්වා "

" රදීශ් අයියේ බය කරන්න එපා වදේ.මිහින් ලෑස්ති වෙනවා පේන්නෙ නැද්ද"

" අනේ මුගෙ ලෑස්තිවීම මන් නොදන්නවයෑ.අද කියලා වෙනසක් නෑ හැමදාම ඔහොමයි. කණ්නාඩිය බදු අරන්නවා පැය ගානක්.දැන් ඇති ලෑස්ති උනා යමන් වැඩ තියනවා පල්ලෙහා "

" ඉරිසියාව උබේ.බලපන් එක පාරක්වත් ලස්සනයි කිව්වද. කච්චාඩිය බජු අරන්ජු."

?????? ??? | $i?um Paha?a ?? [ ? ? ]Where stories live. Discover now