....
..
" මොකාද මගෙ වෛශ්ණගෙ හිත රිද්දුවේ!"
ඒ වචන....ඒවා පුදුම තරම් බරයි.....ඒ වචන එක්කම පිට වුනු හුස්මත් පුදුම තරමට බරයි.......
විද්වාන්ට ඉහලට ඇදගත්තු හුස්ම පහත දාන්න කොහොමත් අමතකව ගිහින් තිබුනා.......ඒ ඇහිපියවලට සැලෙන එක පවා අමතකවම ගිහින් තිබුනා........දරදඩු දෑතක හීත ගැහුනු ඇගිලිතුඩු කීපයක් අවසර නැතිවම නිරුවත් ඉග දිගේ ඉහලට ඇදීගෙන යන්න යනකොට.......අයිතියක් අහන්නෙ නැතුවම මොකක්දෝ අමුතු රටාවක් ඒ නිරුවත් ඉග මත ඇගිලිතුඩුවලින් මවන්න අරගෙන තියෙනකොට ඒ හදවතට සිතුවිලි පවා තහනම්ව ගිහින් තිබුනා......ඔලුව ඇතුල සම්පූර්ණයෙන් හිස්ව ගිය බවක් දැනෙන ගමන් තිබුනා....කන්පෙතිවලට තොල් තද කරලා මිමිනුව ඒ මහ දඩබ්බරමය වචන කීපයට විද්වාන්ගෙ හදවතට නැවතිල්ලක් නැතිවම ගැහෙන්න ඉඩ සලසන ගමන් තිබුනා.....
ඇහුවෙ එක ප්රශ්නයයි.....ඒත් ඒ ප්රශ්නේ ලග විද්වාන්ගෙ කන් පෙති තෙමලා දැම්ම සුසුම් කෝටියයි....
එන්න එන්නම අදුර මහපොලොවට හාදු තියන්න ගන්නවා......අතු පතරින් පෙරීගෙන ආව රත් පැහැ ගත්තු මල හිරු රැසත් මැකීගෙන යන්න යනවා........හීනියට එකිනෙක සැලෙමින්.....වේලුනු අතු සොලවමින් සන්සුන්...ඒත් හරි කම්මැලිකමින් හුලන් පොදක් හමාගෙන යන්න යන්නකොට....මේ කැලේ රොද මැද්දේ හදවත මහ හයියෙන් දෝංකාර දෙන හඩ පවා විද්වාන්ට ඇහෙන්න ගන්නවා.........බයකින් වෙනුවට ඒ හදවත මොකක්දෝ වෙනත් හැගීමකින් හරි කලබලේට ගැහෙන්න ගන්නවා.....ඉවරයක් නැතුවම ඒ හුස්ම පොදත් නොසන්සුන් වෙන්න ගන්නවා........නැවතිමක් නැතුවම ඒ ඇගිලිතුඩු වැල්ල හාරගෙන පස් තුලට ගිලා බහිනවා......පොඩි හාමු තැනට දරාගන්න බැරි වෙන්නම කුමාරයෙක්ගෙ හීත හුස්ම නම් මහ හුගක් චන්ඩ වෙන්වා......
හුස්ම ඇල්ලුවට මොකෝ ඒ අමනුශ්ය පරානයක්......ඔය බලහත්කාරයෙන් අයිතිය කියන්න හදන්නෙම යක්ස ආත්මයක්....විද්වාන්ගෙ හදවත හරි කලබලෙන් මිමිනුවට මොකෝ විද්වාන්ට දැනෙන්නෙම විරුද්ධ වෙන්න නොහැකි බවක්....එන්න එන්නම ඒ රූපකායට නතුවෙන වගක්....

YOU ARE READING
??? ?????°°°
Horror?????????? ???????? ???? ??? ??????? ???....???? ???? ?????? ???? ???? ???????...... ????...???? ?????? ???? ?????...??? ?? ?? ?????????? ????? ?????? ????????...????? (2024.08.24)