抖阴社区

?28?

2.1K 238 103
                                        


..

..

..














    රන්දුනුතැන්න.............

   ඒක ගම්බද ප්‍රදේශයක්.....හීතල කාර්තුව එක්ක හතර අත මීදුමෙන්ම වැහිලා යන.......ගීස්ම කාර්තුව එක්ක රන්වන් ගැහුනු වී කරල් බරවීගෙන අහංකාර අව් රැල්ල එක්ක රහස් කොදුරන ගම්මානයක්......වෙල් දෙනි...කදු බෑවුම්වල කරාපු හේන් වගා එක්කත්......බෑවුමේ ඉහලට වෙන්න අක්කර ගානක් අයිති කරගත්තු රබර් යායන්ටම අයිතිය කිව්ව තැන්නක්.....ඒ හැමදෙයක්ම දිහා බලන් මහා පවුරක් ගානට පසෙකින් නැගී හිටින විසල් කදු පන්තියක්...........










...වැස්ස නතර වෙන පාටක් නෑ.....වගා කන්නත් අහර එකේ වහියි දොල උතුරන්ඩම......






    උලු කැට අතරින් බේරෙගෙන මිදුලට වැටෙන වැහිපොද ඇති කලේ හීතලක්....ඒ හීතලත් එක්කම මැවුනේ හිරිකඩක්....චුරු චුරුවක් ගානට පටන් ගත්තු වැහිපොද පැය ගානක් තිස්සේ නැවතීමක් නැති වෙද්දි....එකවර වැහැලා ඉවරයක්වත් නොවෙද්දි ලොකු හාමුගෙ හඩේ තිබුනෙත් නොරිස්සුමක්.......වැස්සත් එක්කත් අමනාපයක්....

  කදුවලින් වට උනු හීත පැතිවලට කොහොමත් එහෙමයි.....වහින්නෙම අඩමානෙට....විටින් විටේ වැහි පොදක් වැටෙනවා ඇරෙන්නෙම.......මහ හයියෙන් මහ වරුසාවක් වෙලා වැටෙන්නෙම හරි කලාතුරකට......




     

...උබලා ඔය මක්කද කරන්නෙ මයෙ පුතා...හිරිපොදට අහුවෙලා ලෙඩ වෙන්ඩද තනන්නේ.....ආ.....පොද ගැහෙන්නෙ නැතුව ඇතුලට ආවා නම්........








         කොයිවෙලාවෙ බැලුවත් මීදුම යාන්තමට හරි පිරිලා තිබුනත්...වැස්සක් කියන්නෙත් හීතල පලාත්වලට හරි මනරම් දෙයක්.......මිදුම මකාගෙන වැටෙන අව් රැල්ල වෙනුවට...මීදුම අඩවගෙන කඩා හැලෙන වැස්ස කියන්නෙත් බලන් ඉන්න ආස හිතෙන දෙයක්....විදින්න හිත බල කරන දෙයක්........


    විද්වාන්ගෙ ඇස් තිබුනේ පියවිලා......ඒත් විද්වාන්ගෙ එක අතක් තිබුනේ ඉදිරියට දික් වෙලා......මහ වැස්සක් නොවන හීන් හිරිපොදට ඒ අත තෙමෙනවා...හීන් දිගැටි ඇගිලි තෙත් වීගෙන යනවා....දැනටමත් හීතලටම රැලි ගැහුනු ඇගිලිතුඩු අගින් නොනවත්වා වතුර බිදු පහතට බේරෙනවා...පිටි අල්ල මතට වැටෙන වතුර බිදු ඇගිලි කරු අතරිනුත්...ඇගිලිතුඩුමතිනුත් හරි හරියට බේරෙනවා........ඒ අතේ අල්ල පොලොව දෙසට හැරවිලා තියෙද්දි....පිටි අල්ල අහස දෙසට හැරවිලා තියෙනවා.......ඉතින් අත ගන්න අයිතිය දෙන්න වගේ ඒ අත ඉදිරියටම දිගු වෙලා තියෙද්දි පැකිලීමක් නැතුවම ඒ පිටි අල්ල මත වැහිපොද හාදු තවරනවා......රෝස මලක් මතට වැටෙන උදේ පින්න ගානට ඒ පිටි අල්ල පුරාත් මිනිකැට වගේ පිනිබිදු විසිරිලා තියෙනවා....ඒ වතුර බිදු බිමට වට්ටන්නේ නැතිව පරිස්සම් කරගන්න විද්වාන් උනත් මහන්සි වෙනවා......අත දිගේ පහතට තවත් වතුර බිදු ගලාගෙන එන වග දැනි දැනීත්....වතුර බේරන්න පුලුවන් තරමට අත බැදි පිරිත් නූල තෙත් වීගෙන යන බව දැනි දැනීත් එක අතක් පසුපසට බැදගත්තු විද්වාන් වැහිපොද ලග නිසොල්මනේ හිටන් ඉන්නවා...........


??? ?????°°°Where stories live. Discover now