..
..
..
රන්දුනුතැන්න හරි අහංකාරයි....ඒ වගේම රන්දුනුතැන්නට වැටෙන වැහිපොදත් පුදුමාකාර තරම් මුරන්ඩුකාරයි.........
..මයෙ පුතා එන්නෙ නැද්ද
..අප්පච්චි යන්ඩ..මන් එන්නම්.....
ඉතින් යාන්තමට වැටුනු පින්න..දැනටමත් ටිකක් තද කරලා තියෙද්දි අප්පච්චි ඇහුවේ පිනි පොදවත් ගානක් නැතුව අරලිය ගහක් යට වාඩිවෙලා උන්නු විද්වාගෙන්.....ඒත් ඔය වැටෙන පිනි වැස්සටත් වඩා විද්වාන් මුරන්ඩුකාරයිද කොහෙද....නැගිටින්නවත් හිතක් නැතුව අරලිය ගහ යටම වාඩුවේගෙන ඉද්දි අප්පච්චි කලේ බර හුස්මක් පාත දාගෙන විද්වාන්ගෙ ඔලුවෙන් අත තිබ්බ එක....
...උබලා තාම හිතන්නෙ මෑනියෝ කිව්ව දේ ගැනද මයෙ පුතා...
.....................
..හිත නරක් කරගන්ඩ කාරි නෑ...අප්පච්චි ඉන්නවානේ ම්...මාරක එකක් නෙවේ කීයක් ආවත් මන් උබලව පරිස්සම් කොරනවා...පන දීලා හරි මයෙ නොදරුවව ඔය එන්ඩ තියෙනවයි කියන මාරකෙන් බේරගන්නවා...ඒකේ සැකයක් තියාගන්ඩත් නිස්කාරනේ දුක් වෙන්ඩ තියාගන්ඩවත් එපා....හිනාවෙලා ඉදිල්ලා.....උබලා මයෙ පනනේ රත්තරන්......
..අප්පච්චි ...
විද්වාන්ගෙ ඔලුව උඩට ඉස්සුනා....අප්පච්චිගෙ අත තවමත් විද්වාන්ගෙ ඔලුව උඩ තිබුනා වෙද්දි...බොද උනත් මොකෝ....චායාවක් ගානට පෙනුනත් මොකෝ...ඒ ආදරනිය පිරිමි පරානය දිහා පුදුම තරම් ලෝබකමට විද්වාන් මොහොතක් ඇස් උස්සලා බලන් ඉන්නවා.....
..අම්මව නැති කරගත්තෙ හිතාමතා නොවුනත් මට උබව හිතාමතා නැතිකරගන්ඩ බෑ අප්පච්චි.....මයෙ පුතා...
..අප්පච්චිගෙ ජීවිතේ නැති කරන් මාව රකින්ඩ හදන්ඩ එපා.....මාව රකින්ඩම ඕන නම් මුලින්ම අප්පච්චි මන් එක්ක හුස්ම අල්ලන්ඩ පුරුදු වෙන්ඩ.....මාරකයක් ආවා නැතා...උබලට හීරීමක් හරි උනොත් ඒකම ඇති මට පනපිටින් මැරිලා යන්ඩ...ඒ හින්දා දෙයියන්ගෙ නාමෙන් මාව පරිස්සම් කරන්ඩ කලින් උබලා පරිස්සම් වෙලා ඉදින් අප්පච්චි....තවත් විසි පස් අවුරුද්දක් මට හූල්ලන්ඩ වෙන තැනට වැඩ කරන්ඩ එපා.......

YOU ARE READING
??? ?????°°°
Horror?????????? ???????? ???? ??? ??????? ???....???? ???? ?????? ???? ???? ???????...... ????...???? ?????? ???? ?????...??? ?? ?? ?????????? ????? ?????? ????????...????? (2024.08.24)