抖阴社区

                                        

   නොනැවතීම ඒ ඇගිලිතුඩු ඉග මතින් ඉහලට ඇදෙන්වා......විද්වාන්ගෙ පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඒ හුස්ම පොද තව තවත් කන්පෙත්ත තෙමලා දානවා...ඔය අතරේ පිලිතුරක් ගැන හිතන්නත් කලින් විද්වාන්ගෙ ඇගිලිතුඩු තේරුම් ගන්න අමාරු මහ හුගක් හැගීම් තොගයකින් මිටිමෙලවිලා යනවා.......නොසන්සුන් වෙන හුස්මත් එක්ක..වේගෙන් ගැහෙන පපුවත් එක්ක....මනුස්ස පරානයකට අතක්වත් තියන්න අයිතිය නැති ගතට අමනුස්ස පරානයක් අයිතිය කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒ හිතේ උඩු දුව්නවා..ඒත් පිලිතුරක් ලැබෙන්නත් කලින් ඒ හිස රහසේම දරදඩු උරතලයක් මතට බර වෙනවා..........නොදැනීම ඒ ඇහිපිය විඩාබරව පියවෙලා යනවා....මේ තරම් වෙලා වෙව්ලුම් කාපු තොල්පෙති හරි අපූරුවට වෙව්ලීමක් නැතුවම වචන මුමුනන්න පටන් ගන්නවා....





....හිත රිද්දුවේ මොකා උනත්.......උබ ඒක අහන්නේ මොන අයිතියකටද ම්......මොකා දුන්නු අවසරේකටද.....




   ඇත්තටම මොන අවසරේකටද...!...හිතුමතෙ ප්‍රශ්න කරන්නේ...හිතුමතේ අල්ලන්නෙ මොන අවසරේකටද......නොසන්සුන්වීම්..කැලබීම්...සුසුම් ලෑම්...හැමදෙයක්ම මොහොතකට නතර වෙනකොට....හැමදේම කනපිට හැරුනා හා සමාන වෙනකොට.....විද්වාන්ගෙ ඇස් කලබලෙන් වගේ ඇරුනා......ඒ එක්කම එයා පියවරක් එහාට තිබ්බා....ඒ දරදඩු අත්වලින් ගැලවිලා යන්න පියවරක් ඈතට තිබ්බා.....

ඒ උනත්............

   හිතන තරන් කොහොමද ලේසි වෙන්නේ ඒ දරදඩු අත් අස්සෙන් රිංගලා යන එක...ඒ රූපකායට හිමි හයිය හත්තියෙන් බේරිලා යන එක.....


   ඉස්සරහට යන්න හැදුව විද්වාන්ව ආපස්සට ඇදීගෙන ගියේ ඇහිපිය ගහන පමාවට.........ඒ ඇදිම කොයිතරම් වේගවත්ද කියනවානම්.....ඒ ඇදීමත් එක්ක විද්වාන්ගෙ ඇග ඇතුලේ තිබුනු ආවේගය කොයිතරම් පිට දැම්මද කියනව නම්......ආපස්සට ඇදීගෙන ආව විද්වාන්ගෙ අත ඉහලට එසවුනේ ඉබේම.....ඒ දේහදාරි පපු මත ගැටෙනවත් එක්කම.......ඇගිලි අතරෙ ගුලිවෙලා තිබුනු කිනිස්ස කෙලින්ම නතර උනේ කුමාරයෙක්ගේ ගෙල මත....!....





....උබ මේ ගුරුන්නාන්සේගෙන් මට්ටුවෙන දවස වැඩි ඈතක නෙවෙ නීල මදන..!



??? ?????°°°Where stories live. Discover now