"හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා...
එක වචනයක්වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා...
ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහ වී ඉන්න දැන්වත් ඇයි ඔයා යන්නෙ නෙතුකැන් පියන්..."
"උබට මාව ඇහෙන්නෙ නැද්ද වස්තුව...උබ..උබ මාත් එක්ක සෙල්ලන් කරනවා නේද?එහෙම නේද කියපන්...."හද එළියෙන් මුලු ලෝකයක් එළිය වුනත් වැඩක් තියෙනවද? මනුස්සයෙක්ගෙ හිතක් අදුරෙන් නෑවිලා ගිහිම් තියෙනවනම්...මිනිස්සු කායිකව වේදනා විදින එක සාමාන්‍යයි ...ඇයි? පිච්චි පිච්චි වේදනා දෙන හිත් රිදුම් කවදාවත් හොද කරන්න පුලුවන්ද? ම්ම් ඔවු සමහර වේදනාවන් පුලුවන්...ඒත් සමහර තැන් තියෙනවා දරාගන්නම බැරි...ඒ වෙලාවට මිනිස්සු හරි අසරණයි....ජීවිතේ ලබාගන්න පුලුවන් දේවල් කොච්චර තිබුණත් මනුස්සයෙක්ගෙ හුස්ම ආයෙ ඇදලා ගන්න පුලුවන්නම්...අද මේ ලෝකෙ දුකක් කියලා දෙයක් නැති වෙන්න තිබුනා...අයුග්මටත් වුනේ අන්න ඒ දේ...තත්පරෙන් තත්පරේ..විනාඩියෙන් විනාඩිය ගෙවිලා අයුග්මගෙ අයියා එයාව දාලා ගිහිම් සතියකුත් වෙලා....
ශනුද්‍රව මතක් වෙන හැම වෙලාවකදිම වුනේ අයුග්මගෙ පපුව ඇදුම් කාපු එක විතරයි...කවුරු කොහොම මොන විදියට විවරණ ලිව්වත් තමන්ගෙ ආදරේ තමන්ගෙ ඇස් ඉස්සරහම හුස්ම අත ඇරපු විදිය විටෙන් විට මතක් වෙද්දි හිතක් තියෙන මනුස්සයෙක්ට ඒ වේදනාව උහුළන්න පුලුවන්ද...?
අයුග්ම කියන්නෙත් කාලෙකට කලින් සතුටින් හිටපු කෙනෙක්...ඒ සතුට තව වැඩි කරන්න බලාගෙන බලාපොරොත්තු ගොන්නක් හිතේ පොදිබැදගෙන හිටපු කෙනෙක්...ඒත් එක පුංචි විනාඩි ගාණක් නිසා අද අයුග්ම කියන්නෙ මානසික ලෙඩෙක් වෙලා...ගෙවුනු සතිය පුරාවටම අයුග්මගෙ ඇස් වල කදුලක් නැතිව තිබුන විනාඩියක් හොයනවා කියන්නෙ කලුනික හොයනවා වගේ වැඩක්...බෙහෙත් පෙති කලාතුරකින් දකින ඇස් දෙකක් වේලක් ගාණේ බෙහෙත් අහුරු පිටින් උගුරට දාගන්නකොට...ආයෙ නොඑන බව දැන දැනත් ශනුද්‍ර වෙනුවෙන් බලාගෙන ඉන්නකොට...මේ හැමදේකින්ම උනේ අයුග්ම තව තවත් දුර්වල වෙන එක....

YOU ARE READING
D.E.P.R.E.S.S.I.O.N. ||Completed
Fanfiction???? ???? ??????? ??? ????? ?????....? (?????? ?????? 2) ???? ????? ??? ???? ???????? ????... ?? ????????? ???? ?? ?? ?????? ??????... DEPRESSION~?