"යෂ්...සුදු පුතා..ම.මගෙ වස්තුව...මොකක්ද දරුවො උනේ..."
"අනේ මගෙ වුට්ටෝ තෝ එකපාරම මැරෙන්න වත් ගියාද"
"මගෙ දරුවෝ උබ දන්නවද අප්පච්චි කොච්චර නොමැරී මැරුනද කියලා ...."
"අනේ හිච්චි පුතේ උබ අපිත් එක්ක සෙල්ලම් කරනවද ඈ..."
ටිකින් ටික ඇස් ඇරලා හරියටම මාසෙකින් එළිය දකින්න පුලුවන් උනත් යෂ්ගෙ මුලු ආත්මෙටම දැණුනෙ වේවනාවක්...වචනයෙන් කියන්න බැරි තරම් වේදනාවක්...යෂ් වටේට කොච්චර කට්ටිය එකතු වෙලා හිටියත් යෂ් නෙමෙයි ඒ කවුරුත් ගනන් ගත්තෙ....යෂ්ගෙ room එක එළිය කරන්න දාලා තිබුන මිනි ලයිට්ස් වල එළියත් යෂ්ට හිසරදයක් වෙනකොට යාන්තමට ඇරපු ඇස් ආයෙත් තදින් පියාගත්තෙ තාමත් ඔලුවෙ බර ගතිය යෂ්ට දැණුන නිසා...
තත්පර කීපයක් යන්න ඇති...මෙච්චර වෙලා සාමකාමීව හිටපු කොල්ලා විදුලි වේගෙන් ඇදෙන් නැගිට්ටේ කැනියුලාවත් ගලවන ගමන්...
"ශනූ...අම්මා..ආශිත්...එයා..එයා..පො..ඩ්ඩා..."
"පුතා මොනාද වෙලා තියෙන්නෙ දරුවෝ...සන්සුන් වෙනවා..."
"අම්මා...පොඩ්ඩා..එයා..එයා..කොහෙද ගියේ..."
"ම්.මට සමාව...සමාව ගන්න ඕනි...මම..මම...."
යෂ් කලේ ඇද උඩ ඉදගෙන තදින් කොණ්ඩෙ දෙපැත්තට ඇදගත්තු එක....සිද්ධිය තේරුම් ගන්න බැරි උනත් වීරනායක ඇවිත් යෂ්ගෙ උරහිස් වලින් තදින් අල්ලගත්තා...
"පොඩ්ඩා කියලා කෙනෙක් නෑ දරුවෝ...ඒ නුවර වංශවත් පවුලක උරුමක්කාරයෙක්...."
"අප්පච්චි...මට මට එයාව හම්බ වෙන්න ඕනි...පොඩ්ඩව මට හම්බ වෙන්න ඕනි අප්පච්චි...."
"පොඩ්ඩා කියලා එකෙක් නෑ ළමයෝ...මෙච්චර කාලයක් ඇස් පියාගෙන ඉදපු උබ දිහා බලාගෙන ඉදලා මමයි ..උබේ අම්මයි නොමැරී මැරුනා..දැන් වත් හොද සිහියට වරෙන් වස්තුව හොද සිහියට වරෙන්..."
"අ..අප්පච්චි..."
"උබේ අප්පච්චිට උබව මහ මෙරක් වස්තුව...උබ විහින් උබවම රිද්දගෙන අප්පච්චිගෙ පපුව ගිනි තියලා දාන්නද උබට ඕනි..."
සිහිය ආපු වෙලාවෙ ඉදන් යෂ් කලේ පිස්සෙක් වගේ පොඩ්ඩව හොයපු එක...ඒත් දැන් යෂ්ගෙ ලෝකෙ පොඩ්ඩා කියලා කෙනෙක් නෑ..ඉන්නෙ එකම කෙනෙයි ..ඒ සූරියවංශ වලවුවෙ පොඩි උරුමය..ආශිත් මේඝාර්ණ සූරියවංශ විතරමයි...

YOU ARE READING
D.E.P.R.E.S.S.I.O.N. ||Completed
Fanfiction???? ???? ??????? ??? ????? ?????....? ???? ????? ??? ???? ???????? ????... ?? ????????? ???? ?? ?? ?????? ??????... DEPRESSION~?