කලු කුමාර°°°

By Xian_Shiru123

116K 12.5K 6.1K

යකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින... More

කලු කුමාර🖤
⚫01⚫
⚫02⚫
⚫03⚫
⚫04⚫
⚫05⚫
⚫06⚫
⚫07⚫
⚫08⚫
⚫09⚫
⚫10⚫
⚫11⚫
⚫12⚫
⚫13⚫
⚫14⚫
⚫15⚫
⚫16⚫
⚫17⚫
⚫18⚫
⚫19⚫
⚫20⚫
⚫21⚫
⚫22⚫
⚫23⚫
⚫24⚫
⚫25⚫
⚫26⚫
⚫27⚫ (Bonus)
⚫28⚫
⚫29⚫
⚫30⚫
⚫31⚫
⚫32⚫
⚫33⚫
⚫34⚫
⚫35⚫
⚫36⚫
⚫37⚫
⚫38⚫
⚫39⚫
⚫40⚫
⚫42⚫
⚫43⚫
⚫44⚫
⚫45⚫

⚫41⚫

2.3K 209 161
By Xian_Shiru123

..

..

..




    මහ රෑක....කාත් කවුරුත් නැති රබර් කැලයක් මැද......වාහනෙත් නතර කරගෙන...කොල්ලෙක් හිටියා ඇස් දෙකත් හීනි කරන් මොකක්දෝ දෙයක් දිහා බලාගෙන........

     මුලු රබර් යායම පාලුවට ගිහින්.....යාන්තමටවත් එලියක් නොපෙනෙන තරම්.......අඩුම තරමේ හද එලියවත් පොලොවට වැටිලා නැති තරම්........රන්දුනුතැන්නට කොහොමත් හුරුපුරුදු හීතල හුලග නිතරම පාහේ හමාගෙන ගියා ඇරෙන්න....ඒ නිසාම රබර් අතු එකිනෙක ගැටිලා සියුම් හඩක් නැගුවා ඇරෙන්න....වෙන කිසිම හඩක් නැති උනා කනටවත් නෑහෙන තරම්...

    ඒත්......මෙච්චර කලුවරක...මෙච්චර මහරෑක.....මේ තරම් පාලුවක ගෑනියෙක් දරුවෙක් වඩන් මොනා කරනවද.....අභිසෙස් කල්පනා කරනවා....බොද උනු ඇස් දෙකත් හීනි කරගෙන...සීට් එකෙන් ඉස්සරහට නැවීගෙන වාහනේ හෙඩ් ලයිට් නිසා යාන්තමට වගේ පැහැදිලිව පේන ගෑනු රූපෙ දිහා අඩවන් උනු ඇස් අමාරුවෙන් ඇරගෙන බලන් ඉන්නවා........



  වාහනේ නතර උනා කියලා ගානක්වත් නෑ ...ඒ ගෑනි ඉන්න තැනමයි..එතනින් හෙල්ලෙන්නෙ නෑ...අඩුම ගානේ සද්දයක්වත් නෑ.....දරුවෙක් වඩාගෙන මේ මහ රෑ ඉන්නවා කියන්නේ දරුවට අසනීපයක්වත් වෙලා බෙහෙත් ගන්න යනවද...ඒත් ඉතින් දරුවට බෙහෙත් ගන්න ඕනනම්.ඔහොම එකතැන ඉන්නෙ නැනේ..අඩාගෙන ඇවිල්ලා උදව් ඉල්ලනවනේ...මේ වෙන කේස් එකක්.....එක්කෝ වැඩට ගිය මිනිහා ගෙදර එනකම් ගෑනි මග බලන් ඉන්නවා..ඒත් එහෙම නැත්නම්......ඒත් එහෙම නැත්නම්.........................

ම්ම්ම්ම්..ආහ් ආහ් ආ............හ්....අහ් අහ් ආ.....හ්... අහ් අහ් ආ............හ්හ්හ්හ්හ්....

  දැන් අභිසෙස්ගෙ ඔලුව ඇතුලෙනුත් හොද සින්දුවක් ඇහෙනවා........කොලබ පැත්තෙ සිස්ටම් එක කොටට කොටේ ඇදන් බෝ ගහ යට ඉන්න එක උනාට බන්ඩාරවෙල සිස්ටම් එක සාරියක් ඇදන් රබර් ගහක් යට ඉන්න එක වෙන්නත් පුලුවන්....කොටට අදින්න බෑනේ..මෙහෙ හීතලයිනේ......අනික කොටට කොටේ ඇන්දා වගේද යකෝ ඉග ගාවින් සාරිය කරකලා අරන් ඉනෙන් බාගයක් එලියට පනින්න ඇදලා බෝල පපුවයි රවුම් පස්සයි හිර වෙන සයිස් එකට සාරිය ඇන්දාම.....එව්වටනේ යකෝ නගින්නේ......


   අභිසෙස් දැන් විනාඩියක් විතර තිස්සේ වාහනේ ඇතුලට වෙලා බලන් ඉන්නවා...ම්ම්..බහිනවද නැත්ද..බහිනවද නැද්ද...ගහනවද නැද්ද ..බඩුවක්ද නැද්ද.....

   අවසිහියෙන් ඉන්න වෙලාවට මොන මගුලක් හිතෙනවද කියන්නෙ දන්නෙ අභිසෙස් විතරයි...මෙච්චර කාලෙකට කොල්ලා බඩු ගහලා නම්.නෑ...හැබැයි එහෙම කියලා ගෑනු දැක්කම අත පය අකුලන් දුවලත් නෑ....




  වෙන දෙයක් වෙද්දෙන්....බඩුවක් උනත් නැතත්...උදව්වක් ඕන වෙලාද කවුද දන්නේ....මොනා උනත් දරුවෙක් එක්ක ඉන්න ගෑනියෙක්නේ..එහෙම දැක්කෙ නෑ වගේ අහක බලන් යන එක හරි නෑනේ ....


  අභිසෙස් වාහනේ දොර ඇරියා......දොර ඇරලා පලවෙනි අඩිය තිබ්බත් කොල්ලව විසි වෙලා වගේ ගියා....ඒ තරමට මත.......දොර වහලා දාද්දි තවත් පාරක් විසි උනා.......ඔලුවවත් උස්සගන්න බැරි උනාට මොකද දැන් අභිසෙස්ට හොද සින්දුවකුත් මතක් වෙනවා......

"පාලු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගෙ බරබාගේ කැඩුනා
හන්දියක අයිනේ
දිස්නෙ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා"




  ම්...ඒ රූපේ....ඇත්තටම දෙව්ලියක් නේන්නම්...සුදෝ සුදුවට ඇදලා.......ඉග ගාවටම දිග කොන්ඩෙ කඩා දාලා........දරුවෙක් ඉන්න ගෑනියෙක්ද කියන්නත් බෑ....ඒ ඉගේ හැඩ......උකුල් ඇටේටත් පහලින් ඇන්ද සාරිය......ඕනාවටත් වඩා නාභිය කැපිලා පේන විදිහට පපුව හරහා දැම්ම සාරි පොට....දරුවා තුරුලු කරන් ඉන්න නිසාම සුදු සාරි හැට්ටෙන් බේරිලා පේන පිරුනු පයෝධර ........!


  ම්ම්...තරු මන....පුරු මක!....මෙව්වනේ යකො කෑලි....


   අභිසෙස් ඔන්න දැන් විසිවෙවී ඇවිදන් එනවා.......සැරින් සැරේ පිටි අල්ලෙන් ඇස් දෙක පිහින ගමන් සාරියක් ඇදන් ඉන්න් ගෑනු කෙනා දිහාටම ඇවිදන් එනවා....කද මෙහෙම නම් මූන කොහොම ඇද්ද....ම්ම්ම්ම්....කලුවර නිසා පේන්නෙත් නෑ හරියට....... මේ හෝ හෝ ගාන හුලග නිසා කියන දෙයක් ඇහෙන්නෙත් නෑ හරියට...මොනා හරි කිව්වද දන්නෙ නෑ...ඒත් අභිසෙස්ගෙ ඇස් තිබුනෙම පාතින් ඇදපු සාරියෙන් බේරිලා පේන ඉග ලග.......සාරි පොට බුරුල් වෙලා ගිහින්..යාන්තමට වගේ රැදිලා තිබුනු අවසන් සාරි පොටෙන් බේරිලා පේන ඉග ලග....

   අභිසෙස් ලන් වෙනවා ....කොල්ලා විසි වෙවී ඇවිදන් යනවා...අර ඉග දැක්කහම කොල්ලට කෙලත් ගිලෙනවා...අත් දෙකත් මොකක්දෝ හේතුවකට වෙව්ලන්න ගන්නවා...මූනෙත් අමුතුම හිනාවක් ඇදිලා යනකොට...කොල්ලා ටැටූ ගහපු අතින්ම කොන්ඩෙ පිටි පස්සට කරලා හදාගන්නවා.....පියසරින් කරපු තොල්පට හපාගෙනම...එක ඇහිබැමක් උස්සලා අර ගෑනු කෙනාට බැල්මක් පා කරනවා......




...මොකද මැනික මේ මහ රෑ දරුවත් අරන් පාරෙ කරන්නේ.ම්ම්....දරුවට සනිප නැද්ද ..නැත්නම් මැනිකට නින්ද යන්නෙ නැද්ද.....


      උත්තරයක් නෑ......සමහර විට ඔය දෙකම නෙවේ වෙන්න ඇති..අභිසෙස් හපාගත්තු යටිතොල ආයෙමත් නිදහස් කරනවා ..ඒත් ඒ පියසරින් එක මත දිව තද කරන් හෙමීට කමිසෙ බොත්තමක් ලිහිල් කරන් ඒ ගෑනු කෙනා දිහා බලනවා ...





..එහෙම නැත්නම් මැනිකට මහත්තයගෙන් කරදරයක් උනාද......දරුවත් එක්කම ගෙයින් එලියට දැම්මද....ඔව්වා ඔහොම තමා නංගි....පිරිමින්ට ගැනුන්ගෙන් ඇති වැඩක් නෑ...ඕන දේ ගත්තට පස්සෙ ගෑනුන්ව එපා වෙනවා.දැන් ඉන්න පිරිමි හරියට ගෑනියෙක්ටවත් සලකන්න දන්නවා කියලද....උන් ඔක්කොම එකයි.....ඒත් ඔයා බය වෙන්න එපා මැනික...මන් එහෙම නෑ...මන් ඔය අනිත් පිරිමි වගේ නෑ.....මන් ඒ වගේ සක්කිලි වැඩ කරන්නෙ නෑ...ෆුල් ජෙනුයින්.....

................

...අනිත් එක මොන ප්‍රශ්නෙ තිබුනත් නන්ගිත් වැරදීනේ ඔහොම හීතලේ දරුවෙක්ව වඩාගෙන ඉන්න එක...දරුවට අසනීපයක් උනත් ඒකෙන් විදවන්න ඕනත් නන්ගිම නෙවෙද..පව් නොදරුවා...හොදටම නින්ද ගිහිල්ලා......හීතලේ වෙව්ලනවත් ඇති....ඇත්තටම පොඩ්ඩක් දරුවා ගැනවත් හිතන්න බැරිද නන්ගි ඔයාට...කෝ දැන් ඔය සීතලේ හිටියා ඇති...ඇවිල්ලා වාහනේට නගින්න .මන් ගිහින් දාන්නම්...කෝ කෝ එන්න...ඔය ඉතින් තවත් බලන් ඉන්නේ...දරුවා ගැනවත් හිතලා වාහනේට නගින්න මැනිකේ..බය වෙන්න එපා මන් කරදරයක් කරන්නෙ නෑ......දරුවෙක් ඉන්න අම්මෙක්ට කරදර කරන්න තරම් මන් තිරිසනෙක් නෙවේ කෝ ඇවිල්ලා නගින්න.......



   තවමත් අභිසෙස් අතරත් ඒ ගෑනු කෙනා අතරත් තිබුනේ අඩි කීපෙක දුරක්.....ඒ අඩි කීපය අභිසෙස් තරනය නොකලෙම එයා අභිසෙස් ගැන් වැරදියට හිතයිදෝ කියන හැගීමෙන්..මොනා උනත් දරුවා ගැන හිතලා වාහනේට නගින්න කිව්වා උනත්...එක්කො බනී.නැත්නම් නගී කියලා හිතුවත් ඒ මොහොතේ සිද්ද උනේ අභිසෙස් බලාපොරොත්තු නොවුනු දෙයක්...


   

   මේ තරම් වෙලාවක් සුදු රෙද්දකින් ඔතපු දරුවා පපුවට තුරුලු කරන් හිටිය ගෑනු කෙනා එකපාරටම දරුවව අභිසෙස් දිහාට දික් කරනවා....කිසිම කතාවක් නැතුව.. කිසිම වචනයක් නැතුව.....අභිසෙස්ගෙ පැත්තට දරුවව දික් කරනවා...ඒ එක්කම අභිසෙස්ගෙ ඇස් ගැස්සිලා යනවා.........ඒ ගැස්සෙන ඇස් අස්සෙන් දරුවා දිහාටත්...අදුරට වැහුනු මූන දිහාටත් මාරුවෙන් මාරුවට අභිසෙස්ගෙ බැල්ම වැටෙනකොට...ඒ අස්සෙ කොල්ලට ආයෙමත් අර සින්දුවේ ඉතුරු බාගේ මතක් වෙනවා....


"අත දරුවා වඩා ගන්නට දීලා haa
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා haa....

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුනා haa haa

නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුනා"






  මේ මොකද මේ....මේකි මේ දරුවව දීලා මොනාද කරන්න හදන්නේ...මේකි දරුවව මගෙ ඇගේ ගහලා පැනලා යන්න හදනවද...එහෙම නැත්නම් ඒ දරුවගේ තාත්තා අභිසෙස්ට වෙන්න කියනවද...මොන මල ඉලව්වක්ද යකෝ මේ......කොහෙවත් ඉන්න ගැනියෙක්ගෙ දරුවෙක්ට තාත්තා වෙන්න පුලුවන්ද...සදුනිටයි නෙත්මිටයි මොනාද කියන්නේ....තරුශිට පොරොන්දු කීයක් දුන්නද එයාවම බදිනවා කියනවා.......පියුමිත් එක්ක දරුවෝ තුන් දෙනෙක් හදන්න ප්ලෑන් කරලත් ඉවරයි...දරුවන්ට නම් දාලත් ඉවරයි...එහෙම එකේ කොහෙවත් ඉන්න දරුවෙක්ට අප්පා වෙන්න පුලුවන්ද කියහන්කෝ......


 
...න්..නෝ තැන්ක්ස් නන්ගි.....


   අභිසෙස් අඩියක් පස්සට තියලා මෝඩ හිනාවක් එක්ක ඔලුව දෙපැත්තට වැනුවා...අත් දෙකෙනුත් එපා කියලා කිව්වා....ඒත් දරුවව එක අතකින් අල්ලන් අනිත් අතින් සාරි පොට අල්ලන් ඉන්නවා දකිද්දියි පොරට වැඩේ මීටර් උනේ.....දරුවා බාරගන්න නෙවේ...කැඩුනු සාරිය හදාගන්නකම් දරුවව පොඩ්ඩක් වඩාගෙන ඉන්න කියලයි ඔය කියන්නේ ....


   අභිසෙස්ව නික්ම් අන්දුන් කුන්දුන් උනා වගේ.....දරුවෙක්ව වඩාගන්න...ඒකත් මේ ගෑනිට සාරිය ඇදගන්න......අනේ මන්දා..මේ සිද්දිය හරි හුරුයි වගේනේ..කොහේ හරි මෙහෙම දෙයක් උනා වගේ අහලා තියෙනවා වගේනේ.....


ම්ම්ම්ම්...කොහෙද කොහෙද..මතක් වෙන්නෙ නෑනේ......

  අභිසෙස් කල්පනා කරනවා.....ඒ එක්කම තවමත් අර ගෑනි දරුවව දික් කරන් ඉන්නවා..එන්න එන්නම රබර් කැලේ මැද්දෙන් හමන හුලගේ හෝ හෝ හඩ වැඩි වෙනවා   මේ තරම් වෙලාවක් නිහඩ තිබුනු රබර් යායේ කොල අතු මහ හඩින් එකට ගැටෙන හඩ ඇහෙන්න ගන්නවා......ඒ එක්කම අභිසෙස්ගෙ ඇස් කැඩුනු සාරිය ලග නතර වෙනවා....




...හේහේ..මන් ලමයි වඩාගන්න දන්නෙ නෑ නන්ගි...ඕන්නම් සාරිය අන්දලා දෙන්නම්......




   අභිසෙස් තාමත් ඒ ඉග දිහා බලන් මරු කියෝනවා...හිටන් හිටියට මොකද කොල්ලව විසි වෙනවා....හැබැයි පුදුම තරම් අමාරුවෙන් ඇස් ඇරගෙන ඉන්න දගලනවා......සාරිය අන්දන්නම් කිව්ව නිසාදෝ අර ගෑනු කෙනා සාරිය අතෑරලා අත් දෙකෙන්ම දරුවව වඩාගන්නවා....පපුවට තුරුලු කරගන්නවා..සාරිය අන්දපන් කියලා නොකියාම අභිසෙස්ට ඉගි දෙනවා.......

ඉතින් කොල්ලටත් ඊට වඩා මොනාද........



  
..හැබැයි ඉතින් මෙහෙමයි නන්ගි....අපිට ඔය බාග වැඩ කරලා පුරුදු නෑනේ.....සම්පූර්ණයෙන් තමා වැඩේ කරලා ඉවර කරන්නේ...ඔය මැදින් මැදින් වැඩක් කරන්න දන්නෙ නෑ...කරනවා නම් මුලේ ඉදන් කරන්න ඕන...

.......................

.
...මන් ඔය අනිත් පිරිමි වගේ කුපාඩියෙක්...අසහනකාරයෙක් නෙවේ මැනිකේ....ඒ උනාට මැදින් පැනලා අන්දනවට වඩා ලේසි සම්පූර්ණයෙන් සාරිය ගලවලා ආයේ මුලේ ඉදන් අන්දන එක....පොඩ්ඩක් ඉන්නකෝ ඔහොම...


    අභිසෙස් අත් දෙක එකට අතුල්ල ගත්තා...විසි වෙවීම...වැහෙන්න හදන ඇස් අමාරුවෙන් ඇරන් අර ඉග දිහාම බලන් හිටියා....හමාගෙන යන හුලගට දුහුල් සාරි පොට පපුව ලගින් මෑත් වෙවී ඉගත්...යාන්තමට වගේ පපුවත් නිරාවරනය කරනකොට කොල්ලා මෝඩයෙක් වගේ හිනාවෙවී ගෑනු කෙනා ගාවට ලන් වුනා.......එයාගේ මූන හරි හැටි නොපෙනුනත් ඒ ඇස් නම් ගලවන්න බැරිවෙන්නම අර ඉග මත නතර වෙලා තිබුනා...

'ම්ම්ම්...හොල්ලලා ගමන් යනකොට
තම් දෙන තනම් රෙගතන්.....
තට්ටමෙන් කියයි
මේකිගේ ගාය කොයිතරම් !!'




අභිසෙස් ඉස්සරහට අඩියක් තිබ්බා..මල පෙරේතයෙක් ගානට ඉග දිහාම බලන් ඉස්සරහට අඩියක් තිබ්බා...සම්පූර්ණයෙන්ම සාරිය ගලවන්න අහද්දි ඒකිත් මොනවත් නොකිව්ව එකේ...එපාවත් නොකිව්ව එකේ නිකම් තියෙන කොකෝ අපි කෑවම මොකෝ කියලා අභිසෙස් තවත් අඩියක් ඉස්සරහට තිබ්බා..........





ඒ...............ත්ත්ත්......................











   ඒ තරු මනයි, පුරු මකයි දැක්ක අභිසෙස් කොලුවා එයා ඉස්සරහා තිබ්බා ගල් පතුර දැක්කෙ නෑ වෙන්නෝන........







..ආහ්හ්හ් !....මුගෙ අප්පට දිග දාලා හුකන්න පකේ වේස ගල!...සක්කිලි පකයට ඕන උනානේ දැන්ම ඇරගන්න.....හුත්තේ වේසාවට හමන්නන්ඩ....!..ආහ්........






   ඒක නම් හොම්බෙන් යාමක්...වචනෙ පරිසමාප්තියෙන්ම හොම්බෙන් යාමක්......

   එකපාරටම කකුල ගලක හැප්පෙනවත් එක්කම අභිසෙස්ව උඩින් ගියා.......උඩින් ගිහින් එහෙම්මම මුනින් අතට ඇදගෙන වැටුනා.....ඒත් නිකම්මද........වැටුනේ නිකම්මද......කුනුහරුප වැලක් පිට උනත්..වැල්මිට ඇනුනත්..අභිසෙස් වැටුනේ නිකම්ම නොවුනා.....

  මොකද කියනවා නම් ඒ වැටෙන පාරත් එක්ක අභිසෙස්ගෙ අතේ සුදු සාරියක් පැටලිලා තිබුනා.......!...





  මොකක් කිව්වා....සාරිය අතේ.....ඔව් නේන්නම් සුදු සාරියෙන් බාගයක්ම අභිසෙස්ගෙ අතේ...උදාරයි හුත්තෝ උදාරයි......අභිසෙස් තුවාල පැත්තක දාලා දඩ බඩ ගාලා නැගිට්ටේ ඒ සාරියත් බෙල්ල වටේ ඔතාගෙන........





ඒත් කෝ යකෝ මේ ගෑනි...........





  

..හිතලා කලේ නෑ නන්ගි.....අයියා අතින් වැරදිලා ගැලවුනේ...කෝ කොහෙද ඔයා ගියේ...ඉන්න තැනකින් එලියට එන්නකෝ...මැනිකට ලැජ්ජ හිතුනද...මන් එහෙම නරක කොල්ලෙක් නෙවේ කෙල්ලේ...කෝ එන්නකෝ....ඔය දරුවා හීතලේ ඉදලා අසනීප වෙයි.......එන්නකෝ ඔය දරුවා අසනීප වෙන්න කලින් ඔයාට මේ සාරිය අන්දලා දෙන්න.......



   අභිසෙස් බෙල්ල හරව හරව බලනවා....ඒත් ගෑනි නැ...ගැනිගේ සේයාවක්වත් නෑ.. කොහෙද යකෝ ගියේ...සාරිය අන්දන්නම් කියලා තියෙද්දිත් සාරිය විතරක් දීලා කොහෙද යකෝ ගියේ......

  එච්චර ඉක්මනටම කොහෙට මාරු උනාද .මේ රබර් කැලේ අස්සටවත් රිංගගත්තද...ඒත් දරුවෙක් එක්ක......


..මැනික...!..



  අභිසෙස්ට එකපාරටම කෑ ගැහුනා....බෙල්ල කරකව කරකව හෙව්වා උනත් කොහෙවත් ගෑනි නති  වෙද්දි...එකපාරටම දැක්පු චායාව එක්ක කොල්ලට කෑ ගැහුනා...බෙල්ල වටේ ඔතාගත්තු සාරිය වනන ගමන් අභිසෙස් කෑ ගැහුවා......


    කෙල්ල ඉන්නවා...කොහෙවත් ගිහින් නෑ...යස අගේට අර ඉන්නවා.......කාර් එකට පිටිපස්සේ...කාර් එකට මුවා වෙලා වගේ එතන හිටගෙන ඉන්නවා...මේ පැත්ත බලාගෙන..දරුවව වඩාගෙන තවමත් එතන හිටන් ඉන්නවා.....




ඔය ඒ ආරාධනා කරනවද...කාර් එක ගාව ඉදන් ඔහොම බලන් ඉන්නවා කියන්නෙ යම්කිසි දේකට ආරාධනා කරනවවත්ද......යෝ...මේ මහ රෑ හීතලේ...යම්කිසි දෙයක් වෙන්නවත් යනවද....





..ඔහොම ඉන්න මැනික..මන් එනවා....අයියා එනවා...ඔහොම ඉන්නවා....




  වෙරි මරගාතේ...මොනා කරනවද කියලා දන්නෙ අභිසෙස්ම විතරයි...මන් එනවා කියලා කියාගෙන කලිසමේ ශිපර් එකට අත තිබ්බා කියන එක විතරයි කොල්ලට මතක...ශිපර් එකත් අල්ලන් ඉස්සරහට අඩියක් තිබ්බා කියන එක විතරයි මතක......





  

..ඒ ඒ කෙල්ලේ කොහෙද ඔය යන්නේ...ඔහොම ඉන්නවා....මැනිකේ...මේ සාරිය මගෙ අතේ....කොහෙද යකෝ යන්නේ....පොඩ්ඩක් ඉ-.....ආහ්හ්හ්හ්.......ආයෙත් මේ පකේ ගල...!....පුදුම වේසකමක් යකෝ...සක්කිලි පකයට පුදුම මෝල් අමාරුවක් තියෙන්නේ මට කියලා ඇරගන්න......මේ හුත්තේ ගල ...!.....කැරිම වේදනාවක් පකයෝ තෝ මට දෙන්නේ...ආහ්හ්හ්හ්....





    දෙවෙනි පාරටත් වැටුනු අභිසෙස් හොදවයින් ගලට අමතලා ඔලුව උස්සලා බලද්දි කෙල්ලගේ චායාවක්වත් නෑ...සාරිය විතරයි....ඒ ඇරෙන්න මෙච්චර ඉක්මනටම අතුරුදන් උනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.........




   දූවිලි පිහගත්තු අභිසෙස් දඩබඩ ගාල නැගිට්ටා........සාරියත් ඔලුවෙ ඉදන් පටලන් විසිවෙවීම අන්ධකාර පාර දිහා බලන් හිටියා...හෙඩ් ලයිට්වලින් විතරක් එලිය උනු පාර මැද ඔලුවෙ ඉදන් සාරියක් පොරවන් කොල්ලා බලාපොරොත්තු කඩකරන් ඔහේ බලන් හිටියා....ඒත් එක්කම අර සින්දුවේ ඉතුරු බාගේ ආයෙමත් ඔලුව ඇතුලෙන් ප්ලේ වෙන්න ගත්තා .....






""සුදු සාරි දුන්නෙ මමයි
රන්මාලෙ බැන්ඳෙ මමයි
බොට මාව මතක නැද්ද මෝහිනී
ඩයිපර් මාරු කෙරුවෙ මමයි
ලමයා නැලෙව්වෙ මමයි
බොට මං හොඳ වැඩි තමයි මෝහිනී ....."









මෝහිනී....?.....ඒනම හොදට අහලා පුරුදුයිනේ...ම්ම්..අනේ මන්දා....පොඩි හුරුවකුත් තියෙනවා වගේ....ඒත් කවුද කියලා මතක් වෙන්නෙ නෑනේ...නේ මන්දා......රෝහිනී කියලා ගමේ හිටිය රොයිටරේගේ දුවටද ඔය මෝහිනි කියන්නේ...වෙන්න ඇති....ඒකනේ හුරුයි වගේ දැනෙන්නේ......





   බර හුස්මක් පාත දාල සාරියත් ඔය කොහෙටදෝ විසි කරලා අභිසෙස් ඇවිල්ලා වාහනේට නැග්ගා.......ඒත් එක්කම වගේ අහම්බෙන් වගේ වාහනේ සයිඩ් කන්නාඩියෙන් ඈත කෙලවරක හිටන් ඉන්න සුදු චායාවක් දැක්කා උන්ත්...ගනන් ගන්නෙ නැතුවම අභිසෙස් වාහනෙ ස්ටාර්ට් කලා....තවමත් ඒ චායාව එකතැන හිටන් වාහනේ දිහා බලන් ඉන්නවා කියන්න අභිසෙස් ඇස් කොනකට වගේ දැක්කත්......ඒ දිහා නොබලා කොල්ලා එයාගේ දකුනු අත දිහා බැලුවා........


   බාර් එකට යනවා කිව්වාම ඇස් දෙකත් හීනි කරන් බලලා  විද් බ්‍රෝ අතේ බැදපු නූල....ඒකත් ගති හැබැයි ....!


.
.
.
.
.
.
.



    මහ පාන්දරම වැටෙන පින්න.....ඒ පින්නත් එක්කම මුහු වෙලා තෙත් කාපු කෝපි පාට පස.....ඒ මත වැවුනු පින්නෙන් බර උනු හීන් තණ යාය.......හැමදේම හරි නැවුම් පාටයි......ඉරටත් කලින් අවදි වෙලා පොලෝ තලේ එක්ක රහස් කොදුරන පින්න නිසා මුලු වතු යායම හරි නැවුම් සුවදයි.......


  තෙත් කාපු පසෙන් හමන සුවද.....ඒ එක්කම මුහු උනු කොහෙදෝ ඈතක පිපීගෙන එන ගාඩනියා මලක සුවද...එකම එක හුස්මකින් පුලුවන් උනා විද්වාන්ට දැනෙන්න......නිරුවත් යටිපතුල් හිරි වට්ටන් තණ මතින් පිනි බිදිති ඇවිදන් යනකොට...ලා රෝස පාට යටිපතුල් තද රෝස පාටකට හැරෙනකොට...අහම්බෙන් වගේ රැදුනු කෝපි පාට පස් කැටිත්තක් ඇරෙන්න ඒ යටිපතුල් වලට අරක්ගෙන තිබුනෙම කස්තුරි කහපාටක් උනා........වැලි කැට තැවරෙනවා හා සමානව පිනිකැට පතුල මතින් තැවරීගෙන යනකොට ඒ ගතට පවා දැනුනේ සියුම් වගේම සැනසිලිදායක හැගීමක්ම උනා........





  විද්වාන්ට දැනෙනවා හෙමි හෙමින් ගස් අතරින් ඉර එලිය බේරීගෙන එනවා.......කන් පෙති මතට....හිස් මුදුන මතට ඉර එලිය වැටීගෙන ආවත් යටිපතුල් පුදුම තරම් හීතල වෙනවා.....සර්වාංගෙම මීදුමත් එක්කම තෙත් වීගෙන යනවා........කන් පෙති මතට වැටෙන ඉර එලියෙ උනුහුමත් බෙල්ලෙන් පහලට දැනෙන හීතලේ තෙත් බවත් දෙකම එකවර දැනෙද්දි මොකක්දෝ අමුතු හැගීමක් ගතට දැනෙනවා.....ගත ඒ මුලු හැගීමෙන්ම වෙලීගෙන යන්න යනවා........






  හීතලයි....ඒත් ඒ හීතල උපන්දා ඉදන් ගතට හුරු පුරුදුයි.....ඒ වගේම හරි ලෙන්ගතුයි........






..මයෙ පුතා අඩිය ඉක්මන් කලා නම්.....

..අප්පච්චි ....







   තෙත් කාපු පසේ සුවදත්..සෙවල බැදුනු ගස්කදන්වල සුවදත් විදින ගමන් හිටිය විද්වාන් අප්පච්චි හඩත් එක්ක අඩිය ඉක්මන් කලා.....තනිවම ගමන් බිමන් යනකොට වගේ නෙවේ....අප්පච්චි එක්ක ගමන් බිමන් යනකොට අඩිය ඉක්මන් කරන්න ඕන....විද්වාන් ඇවිදින්නේ හෙමි හෙමින් යටිපතුල්වලට දැනෙන හැගීම් විදින ගමන් උනත්...අප්පච්චිට එහෙම බෑ....ඉක්මනට අඩි තියල ඇවිදින්න ඕන....







  
..ගස් ගල් අස්සෙ මායම් වෙන්ඩ නෙවේ මයෙ පුතා....කෝ ඉක්මන් කරන්ඩ.....උබලත් පොඩි එකෙක් වෙන්ඩ හදනවා...හ්ම් හ්ම්....කෝ වරෙල්ලා මයෙ නොදරුවගේ අතින් අල්ලගන්ඩ.....

..නොදරුවෙක් නෙවේ අප්පච්චි ....

..නොදරුවෙක් නෙවේ හින්දා වෙන්ඩැති තනියම බත් කටක් කා ගන්ඩ බැරි....ඔහොම ඉදිල්ලා...අල්ලගත්තේ නැත්නම් උබලා මුරන්ඩුකම් කරන්ඩ යනවා....




   විද්වාන් හෙමීට ඇස් කරකලා පිටිපස්ස බැලුවා....මැනිකාටයි,ඩ්‍රයිවර් කොල්ලා උනු සුමුදුටයි ඇහුනද දන්නෙ නෑ අප්පච්චි විද්වාන්ට නොදරුවා කියනව......ඇහුනනම් එයාලා හිනාවෙයිද...නැති වෙයි නේද.....හිනාවෙන හඩක්වත් නෑ....ඒ දෙන්නත් අතින් කටින් බඩු උස්සන් හරි පරිස්සමට ඇවිදන් එනවා..එයාලට ඔය කතා අහන්න තරම් වෙලාවක් නෑ....








     අප්පච්චි විද්වාන්ගෙ අතින් තද කරල අල්ලගත්තා.......අල්ලගත්තේ නැත්නම් අප්පච්චිගෙ නොදරුවා මුරන්ඩුකම් කරනවා...තවම හරිහැටි එලිය වැටිල නැති උනාට මොකද අප්පච්චිගෙ හිතුවක්කාරයා අන්දකාරෙ පිපෙන මල්වල සුවදටත් ඉව අල්ලන්න යනවා....එහෙම නැත්නම් හරි හෙමීට ඇස් පියාගෙන නිවාඩු පාඩුවේ ඇවිදන් එනවා.......






    රත්දේලිය නිලමේ උනු අප්පච්චිට තිබුනේම වලව් පරම්පරාවේන් උරුම උනු ආදේහ පරිනාහ සරීසරයක් වෙද්දි......අවුරුදු පනහකටත් වැඩි උනත්...අප්පච්චිට ඒ තරම් වයසක් කියන්න අමාරු උනා..එහෙන් මෙහෙන් යාන්තමට සුදු උනු කොන්ඩෙ බෙල්ල ගාවටම තිබුන වෙද්දි...නිතරම ඇන්ද කමිසෙටත්...සරමටත් අප්පච්චිගෙ පිරිමිකම ඕනාවටත් වඩ හොදට කැපිලා පෙනුනා....පපුව පුර වැවුනු රෝම කූපත්......නහර පැදූනු අත් වහන් කොරපු තද කලු රෝම කූපත් එක්ක......මූන පුරා ගානකට වැවුනු රැවුලත් එක්ක.....ඒ පිරුනු අත් ගොබ...සවිමත් දේහය දකිද්දි අප්පච්චිට මහ වයසක් කියන්න් බැරි උනා......විද්වාන්ගෙ අතින් අල්ලන් ඉන්නකොට.......අප්පච්චි විද්වාන්ගෙ වැඩිමහල් සහෝදරයෙක් ගානට පේන්න තිබුනා.......




     විද්වාන් උස තිබුනේ අප්පච්චිගෙ නිකට ගාවට......අවුරුදු විසි පහක් පැන්නත්....විද්වාන්ට ලැබිලා තිබුනේ සම්පූර්ණයෙන්ම එයාගේ අම්මගෙම පෙනුම.......වැහි වලාකුලු පාට ඇස් ඇරෙන්න...ගත පුරා තිබුනු උපන් ලප ඇරෙන්න...ඒ හිතුවක්කාරකම් පවා සම්පූර්ණයෙන්ම අයිති උනේ විද්වාන්ගෙ අම්මට.........ඒ නිසාම වෙන්න ඇති රත්දේලිය පරම්පරාව විද්වාන්ට ඔය තරම් අකමැති....අම්මා මරාගෙන අම්මගෙම රූපෙන් ඉපදුනාට වෙන්න ඇති විද්වාන්ට ඔය තරම් අකමැති.....

.








...උබලට ආපහු හොස්ටල් යන්ඩම ඕනද මයෙ පුතා  .....





     විද්වාන්ගෙ අතත් එක්ක.....රලු දරදඩු අත පටලන් අප්පච්චි ඇහුවේ ඉස්සරහම බලාගෙන....ඉතින් නැති උනා වෙන්න ඕන විද්වාන්ට ඒකට උත්තරයක් දෙන්න....




..උබ මොකාගෙන් තරහා පිරිමහන්ඩ හිතාගෙනද මයෙ පුතා ඔය හොස්ටල් ගානේ යන්ඩ හදන්නේ ම්..උබලට මේ වලව්වෙ වාහනයක් නැතුවද...ගෙනිහින් දාන්ඩ එකෙක් නැතුවද.......වලව්වෙ ඉදන් යන්ඩ පුලුවන්කම තිබිලත් හොස්ටල් ගානේ නවතින්ඩ යන්නේ මොන හිතුවක්කාරකමකටද කියලා මටවත් හිතාගන්ඩ බෑ වෛශ්ණ ...

....................

..වයස යනවා නෙවේ උබ එන්ඩ එන්ඩම හිතුවක්කාර වෙනවා...

......................

..ඔහොම ඉදිල්ලකෝ..සිල් මෑනියො දානේ වලදලා ඉවර උනාට පස්සේ මෑනියන්ට කියලා උබලගෙ වෙලා කොලේ බලව ගන්ඩ.....

..මට කසාද බදින්ඩ බෑ අප්පච්චි ....!










   මෙහෙනින් ආරාමෙට යන්න වෙල් යායට අඩිය තිබ්බ අප්පච්චි එහෙම්මම බෙල්ල හරවලා විද්වාන් දිහා බැලුවා....වෙලාව බලවන්ඩ ඕන කියද්දි මේ කොල්ලට එකපාරටම මතක් උනේ කසාදයක් ගැනද.....






...කවුද කිව්වේ උබලගෙ කසාදෙ ගැන බලවන්ඩ යනවා කියලා......මන් කිව්වේ උබලගෙ වෙලාව බලවගන්ඩ ඕන කියලා විතරනේ මයෙ පුතා.......ඔය තරම් කෑ ගහන්නේ උබලට ඇත්තටම කසාදයක් කරගන්ඩවත් හිතිලද...

..එ..එහෙම නෑ....

..හ්ම් යමල්ලකෝ යමල්ලකෝ...ඔක්කොටම කලින් බලාගන්ඩ ඕන උබලගෙ සුබ දසාව නෙවේ හිතුවක්කාරකම් අහවරයක් වෙන්නෙ කවද්ද කියලා........








    අප්පච්චි විද්වාන්ව අතින් අල්ලන් පරිස්සමට එක්කන් ආවේ ගලක් මුදුනේ හදලා තිබ්බ මෙහෙනින් ආරාමෙට...තනියම ගල් පඩි නගින්න පුලුවන් කියලා විද්වාන් කිව්වත් අප්පච්චි නෙවේ ඇහුවේ......අප්පච්චි පරිස්සමට විද්වාන්ව ගල් පඩි නැග්ගුවා වෙද්දි....ගලේ කෙලවර සීමාවට යන්න නොදී මෙහාට කරලා අප්පච්චි ගාවින්ම හිට්ටවගත්ත...නැත්නම් තවත් හිතුවක්කාරකම් කරන්න යනවා.......







..මැනික ගිහින් මෑනියොන්ට දානේ පිලිගන්වලා එන්ඩ....සිල් මැනියොන්ට මන් ආවා කියන පනීවිඩෙත් දෙන්ඩ...

..එහෙමයි ලොකු හාමු....







  මෙහෙනින් ආරාමෙට පිරිමින්ට ඇතුලු වෙන්න අවසර නෑ....ගැහැනුන්ට විතරයි........ඒ නිසාමයි අප්පච්චි දානේ මැනිකා අතේ යැවුවේ....දෙපාරකට ඇවිල්ලා දානේ අරන් ගිය මැනිකා මැනියොන්ට දානේ පිලිගැන්නුවා වෙද්දි.....කිව්වා වගේම ටික වෙලාවකට පස්සේ ආරාමෙන් එලියට වැඩියේ ප්‍රධාන සිල් මැනියෝ.....ආරාමේ වැඩ හිටිය වියපත්ම වගේම පලවෙනි සිල් මෑනියෝ........








...රත්දේලිය නිලමේ...

...මෑනියෝ....

.. සුවපත් වේවා....!...සුවපත් වේවා...මේ පොඩි ගුරුන්නාස්සේත් ඇවිත් ඉන්නේ........






  ආරාමේ තිබුනේ ඇතුලට වෙන්න...ඒත් පිටතින් තිබ්බ වන්දනා කරන කොටසට යන්න තහනමක් නෑ පිරිමින්ට.....පරන තාලේ බුදු මැදුරට මල් පූජ කරල පහන් පත්තු කරන ගමන් හිටිය අප්පච්චි විද්වාන් එක්කම හැරිල බැලුවේ සිල් මෑනියොන්ගෙ හඩට....




   සිල් මෑනියෝ තරමටම මේ ආරාමෙත් පරනයි.......නිධන් හොරුන්ගේ වැඩ නිසා ආරාමෙත් දැන් ටිකෙන් ටික අභාවයට යන ගානයි........නිධන් හොරුන්ගෙ ප්‍රශ්නත් එක්ක තරුන සිල්මෑනිවරු වෙනත් ආරාමෙකට වැඩියා වෙද්දි..මේ වෙද්දි ආරාමේ ඉතුරු වෙලා හිටියේ වියපත් සිල් මෑනිවරු විතරයි....







..ඔතනින් ඈදිගත්තා නම්.......




    ආරාමේ ඇතුලට යන්න බැරි නිසා සිල් මෑනියෝ වැලි මලුවෙ තිබුනු ආසනේක වැඩලා අප්පච්චිටත් විද්වාන්ටත් පිරිත් නූල් ගැට ගැහුවා...සුමුදුගෙ අතෙත් පිරිත් නූලක් බැදුනා වෙද්දි.....ලොකු නිලමෙට මෑනියෝ එක්ක වැදගත් කතාවක් තියෙනවා කිව්ව නිසාම එතනින් ටිකක් එහාට ගියා......









..රත්දේලිය නිලමෙට තකහනක්කේ මාව මුනගැහෙන්ඩ ඕන කාරනාව මොකක්ද කිව්වා නම්......

..මයෙ පුතාගෙ වෙලාව පොඩ්ඩක් බලාගන්ඩ මැනියෝ.....මේ ටිකේ මයෙ දරුවට නොසෑහෙන්න කරදර..ලෙඩ වෙනවයි...තුවාල කරගන්නවයි අහවරයක් නෑ.....පොඩ්ඩක් වෙලාව බලාගන්ඩ කියලා..........




    විද්වාන් අප්පච්චි දිහාට බෙල්ල හරවලා බැලුවා.....එයාට ඕන නෑ...ඒත් අප්පච්චි නිසා බෑ කියලා මෙතන මුරන්ඩු වෙන්නත් බෑ........






...පොඩි ගුරුන්නාස්සේ ඔය දකුනු අත මෙහාට දුන්නා නම්....






   විද්වාන් අප්පච්චි දිහා බලලා එයාගේ දකුනු අත සිල් මෑනියෝ දිහාට දික් කලා.......වෙලාව බලන එක....අත බලලා අනාගතේ ගැන කියන එක......ඒ සාත්තරේ විද්වාන්ටත් ඉගෙන ගන්න තිබුනා හරිහැටි ඇස් පෙනුනා නම්..පුස්කොල පොතක්වත් කියවගන්න පුලුවන් උනා නම්....






      විද්වාන්ගෙ ඇස් තිබුනේ අප්පච්චි ලග...ඒත් අප්පච්චිගෙත් සිල් මෑනියොන්ගෙත් ඇස් තිබුනේ විද්වාන්ගෙ අල්ලේ රේඛා මත....මොනාද වෙන්නේ..මොනාද කියන්න හදන්නේ.......විද්වාන් අපහසුවෙන් වගේ අනෙක් අතේ අත මිටිමොලවගන්නකොට......සිල් මෑනියන්ට නම් කියන්න තිබුනා මහ හුගක් දේ අප්පච්චිගෙ හිතෙත් ප්‍රශ්නයක් ඇති වෙන තරමට......






...රත්දේලිය නිලමේ කොයිතරම් මහන්සි ගත්තත් වැඩක් වෙන්නෙ නැ...පොඩි ගුරුන්නාස්සේගෙ අතේ කසාදයක් ගැන ලියවිලා නෑ......මේ ආත්ම බවයට විතරක් නෙවේ... උපදින එක ආත්ම බවයකවත් පොඩි ගුරුන්නාස්සේට කසාදයක් කැප නෑ.......

..ඒ කියන්නේ මෑනියෝ......මයෙ දරුවා.....

.. පොඩි ගුරුන්නාස්සේගෙ උප්පත්තිය වගේම මේ රේඛාත් බලවත් අපෙ නිලමේ...!...මනුස්ස ආත්මයක් බලවත් වෙන තරමට ඒ මනුස්ස පරානෙට හුගක් දේවල් අහිමි වෙනවා...මේකත් ඒ වගේ......සංසාරයක් පුරාවට පතාගෙන ආපු කරුනු කාරනා ඉශ්ට වෙන්ඩ ඕන නම්.....පොඩි ගුරුන්නාස්සේට කසාදෙ කියන බැදීම අත් හරින්ඩ වෙනවා.......නෑ....අත් හරින්ඩවත් පොඩි ගුරුන්නාස්සේට ඒ බැදීමට අයිතියක් කියන්ඩ බැරි වෙනවා......හ්ම්...නිලමේ දුක් ගන්ඩ කාරි නෑ.......කසාදෙ විතරයි කැප නැත්තේ....පොඩි ගුරුන්නාස්සේ තනිවෙන්නෙ නෑ......පොඩි ගුරුන්නාස්සේට මේ සංසාරේ පුරාවට තනිවෙන්ඩ වෙන්නෙ නෑ......







   විද්වාන්ගෙ ඇස්....ඒ වගේම අප්පච්චිගෙ ඇස් ..ඒ හැමදෙයක්ම තිබුනේ සිල් මෑනියෝ ලග...මේ කියන කිසි දෙයක් හරිහැටි අදහාගන්න බැරිව....




...මෑනියෝ.....

...පොඩි ගුරුන්නාස්සේ ...




   අප්පච්චි කතා කලා.....ඒත් මෑනියෝ බැලුවේ විද්වාන් දිහා....ඒ හැගීම් මහ ගොඩක් පිරුනු ව්‍යාකූල උනු මූන දිහා......

...උබලා හිතන් ඉන්නේ ඔය හොරාවට කොරන හැම කාරියක්ම
උබලට ගැලපෙනවා කියලද පොඩි ගුරුන්නාස්සේ ....




   විද්වාන්ගෙ ඇස් ගැස්සුනා...ඒ ඇස් වගේම හදවතත් ගැස්සුනා.......ඒත්...ඊලගට පිට උනු වචන...විද්වාන්ගෙ පපුවම හීත්ල කරල දැම්මා.....







...උබලා බලගතු මනුස්ස පරානයක් පොඩි ගුරුන්නාස්සේ ....ප්‍රවේසම් වෙයන්......හිතේ තියෙන කරුනු කාරනා ඉශ්ට වෙන්ඩ නම්....උබලට මාරකයක් තියෙනවා පන්නගන්ඩ.....ඒක පන්නගන්ඩ බැරි උනොත්......මේ ආත්මෙත් බැරි වෙනවා උබලට ඕන එකා එක්ක එකතු වෙන්ඩ......!














.....................................
.....................

දැන් අසනීප හොදයි මගේ...

අදහසක් කියන්න හොදේ...

ආදරෙයි හැමෝටම...

මන්
ශිරූ💙

Continue Reading

You'll Also Like

60.2K 11.1K 86
دینگ دینگ .سڵاو خاتون لە پیتزای killer وە لەگەڵتین؛بەڵام من هیچ خواردنێکم داوا نەکردوە!؟سەرەتا با بچینە ژورەوە هم ؟!تۆ کێی چۆن بەم بێشەرمیەوە دێیتە م...
26K 2.3K 23
" උඹ කියන්නෙම වචනයෙ පරිසමාප්තියෙන්ම දරා ගැනීමක් මගේ නිතින්.. " - සාගර - " ඔහොම කියන්න එපා අපේ මහත්තයෝ.. උඹ වෙනුවෙන් මට මරණයෙ වේදනාව උනත...
23.5K 349 11
21+ အပိုင်းတိုင်းလိုလို ကြမ်းပါမည်..🔞🔞
78.4K 1.7K 28
Y/N loved her boyfriend, she loves everything about him but the only problem she had with was his terrible and creepy friends. They were clingy, touc...