抖阴社区

02?

176 15 5
                                    


බාප්පලාගේ ගේට් එකත් ඇරලා තිබුන නිසා මන් කෙලින්ම කාර් එක වත්ත ඇතුලට දාලා නැවැත්තුවා.බාප්පලාගෙ කියලා පුරුද්දට කියවුනාට පුංචි බාප්පයි අවුරුද්දකට කලින් නැතිවුනේ ඇක්සිඩන්ට් එකක් වෙලා.ඊටත් කලිනුයි අක්කා නැතිවුනේ.හිටියේ අයියා විතරයි.භාග්‍ය අයියාත් කොහෙ හරි යන්න එලියට ආවේ ඒත් එක්කමයි.

"අම්මෝ අම්මෝ මෙන්න කෙනෙක්ට අපිව මතක් වෙලා"

අයියා කිව්වේ හිනාවීගෙන.මාත් හිනා වුනේ මූ කොහොම මෙච්චර අහිංසක උනාද කියලා හිතාගන්න බැරුව.

"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද?"

මන් මොකුත්ම නොකියා ඉන්නකොට භාග්‍ය අයියා ඇහුවා.

"ඔයාට මතකද මගෙ යාලුවව..."

"ම්ම්...කොයි එක්කෙනාද?"

අයියා ඇහුවේ හෙනම කල්පනාවකට වැටීගෙන.

"අර සුදු කොන්ඩේ වවලා ඉන්නෙ"

"අහ් ඔයාගෙ අනිත් භාගේ"

භාග්‍ය අයියා හිනාවෙන ගමන් කිව්වත් ඒ වචන මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරා.ඇත්තටම යුවා මගෙ අනිත් භාගේ නම් මන් කොහොමද ඌව දාලා ආපහු රට යන්නෙ.මන් ඌට ඒ තැන දීලා නැද්ද.

"මුලින් වාඩිවෙලා ඉන්නකො"

අයියා මගෙ කරට අතකුත් දාගෙන ගේ ඇතුලට එක්කන් ගියෙ එයා යන්න ගිය ගමන් නවත්තලා.

"අයියා කොහෙ හරි යන්න ගියා නේද?"

"ඔව් පොඩ්ඩක් එලියට යන්න ගියේ"

අයියාකාරයා ඒක කිව්වේ පට්ටම අහිංසක කමෙන් වෙද්දි මට ඒ කිව්ව විදිය සෙට් උන්නෑ.බැරිවෙලාවත් ආයෙත් මූ...

"එලියට කිව්වේ?අර සකබඹරේ හම්බෙන්නද?"

"අයියෝ..."

"ඇත්ත කියපන් අයියේ.ඒකි හම්බෙන්න නෙහ්"

"එයාට මන් තේ..."

"තේරුම් කරානෙ දැන් අවුරුද්දක් තිස්සෙ.තවත් මොනවද?ඔයා මෙතන ඒකිව හුරතල් කරන නිසා තමයි මේ සේරම"

මට තද වුනා.ඇයි යකො අවුරුද්දක් තිස්සෙ ඒකිත් මූ පස්සෙන් එනවා.මූත් කැමති නැ කියලා තේරුම් කර කරම ඉන්නවා.

Hate you??(on hold)Where stories live. Discover now