*දිනිදු*
රෑ දොලහයි කියලා ගෙයි මැද සාලේ බට්ටා පැද්දෙනකොට මායි නයිට් රයිඩර් ගැන්සියයි ගියේ අනේ දෙයියනෙ අයියාගෙ කාමරේ ලගට.හී නයිට් රයිඩර් ගැන්සිය කවුද කියලද බැලුවේ වෙන කවුද ඉතින් මෙ ගෙදර ඉන්න සහෝදර සමූහය තමයි.මද්දුගෙ වැඩක් කිව්වම කවදාවත් නැතුව ලොකුම ලොකුයි,පොත් ගුල්ලයිත් ආවා.
"අනේ දෙයියනෙ අයියෙ..අනෙ දෙයියනෙ අයියේ.."
මන් හෙමින් කතා කරේ පහල ඉන්න අපෙ යල්පැනගිය සෙට් එකට ඇහෙයි කියලා උනත් අනෙ දෙයියනෙ අයියටත් මන් කතා කරනවා ඇහිලා නැද්ද කොහෙද.ඔන්නොහේ ඔනේ දෙයක් වෙන්ඩ පු&%& කියලා මන් කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා.
"පිස්සුද හු$#"
එහෙන් අපෙ ලොකුත් කෑගහනවා.පිස්සුනෙ මුට.අනෙ දෙයියනෙ අයියා පොතක් කියව කියව ඉදලා තියෙන්නෙ.අපි ආපු හැටියෙම කොල්ලාගෙ ඇස් දෙක ජිල් සයිස් උනා.මාත් බයේ හිටියෙ එක ඇහැක් හරි ගැලවිලා වැටෙයි කියලා.
"අනෙ දෙයියනෙ මන් බය උනා.ඔයාලා හැමෝම ඇයි මේ"
පව් අප්පා.මොකද වයස විසි පහක් කිව්වට කොලුකම් නම් පොඩ්ඩක්වත් කරලා නැති පාටයි.ඒ අතින් අපෙ සෙනෙහස් පොඩි එකා හොදයි වගෙ.
"අපි මේ නයිට් රයිඩර් ගැන්සිය.Mission රෝන්දේ යෑම තමා අපි දියත් කරලා තියෙන්නෙ."
"උබ කිව්වේ මද්දුව එලියට එක්කන් යනවා කියලානෙ..."
එහෙන් තිදස් අයියා.මූ ඔක්කොටම එහා ටියුබ්ලයිට්කාරයා.
"ඒකට තමා"
"එහෙනම් රෝන්දේ යන කතාවක් කිව්වේ"
ආයිශ්...මාව කාපන් යකෝ මාව කාපන්.මූට දෙයක් තේරුම් කරනවාට වඩා හොදයි කක්කුට්ටෙක්ට කෙලින් යන්න උගන්නනවා.
"පැහිච්ච කම් කියවන්නැතුව හිටු උබට මන් වෙනම කියලා දෙන්නම්"
මේ පොඩි එකා බලපන්කො,මූ කාමරේ ඇතුලේ ඉදන් මොනවා කරනවද දන්නෑ.සෙනෙහස් කිව්වේ තිදස් අයියගේ කරට අත දාගෙන වෙද්දි.මන් නලල දෙපැත්ත මිරිකගත්තා.අනෙ දෙයියනෙ අයියා මොකුත් හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා.

YOU ARE READING
Hate you??(on hold)
Non-Fiction???? ??????,???? ??????? ???????????? ?????? ????????.????? ??? ??? ???? ?????? ??????? ??????? ?????