*භාග්‍ය*මන් බෑගේජ් එක පිලිවෙලට අස් කරලා උදෙන්ම නාගන්න ගියේ විනෝද් මල්ලිට අද හවසම ආයේ යන්න වෙනවා කියලා කිව්ව නිසා.මම එයාගේ අයියා කියලා කාටවත් කියන්නෙපා කියලා එයා පොරොන්දු කරවගත්තෙ එයා ගැන ඒ ආන්ටිට තියෙන කේන්තිය මගෙ පිටින් යවයි කියලා බයට.කොහොම උනත් එයාට අනුව නම් එහෙ ඉන්නෙ ඇට්ටර කොල්ලොලු.ගිහින්ම තමා බලාගන්න වෙන්නෙ.
නාගෙන ආපු මම ලා දුඹුරු පාට ශර්ට් එකට තද නිල් ඩෙනිම ඇදලා සුදු පාට සපත්තු දෙකක් දාගත්තා ඉට පස්සෙ වැලමිටට පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න ශර්ට් එකෙ අත් දෙක නවාගත්තා.කොන්ඩෙත් හදාගෙන වොච් එකත් දාගෙන පර්ෆියුම් එකත් ගහගත්තා.අනෙ...මේ ඉන්නෙ නලුවෙක් වගෙ.
එකපාරටම කාමරේ දොරත් ඇරන් ආවේ විනෝද් මල්ලි.
"අම්මෝ බං අයියේ."
"ඇයි?"
"ඇයි අහන්නෙ..නලුවෙක් වගේනෙ."
"ම්ම්..කාටද ඉතින් ආඩම්බර නෙහ්"
අපි දෙන්නම එකට හිනාවෙලා ගෙදරින් එලියට බැස්සේ මල්ලි මට උපදෙස් කෝටියක් විතර දෙද්දි.
*විනෝද්*
මන් යුවන්දිතලගෙ ගේ ඉස්සරහා කාර් එක නවත්තලා අයියා දිහා බැලුවේ එයා ටිකක් බයෙන් වගෙත් හිටිය නිසා.
"යන්"
අයියා බයවෙලා වගෙ පෙනුනත් යන් කියපු හැටියෙම මේකා බැස්සා.දෙන්නත් එක්කම ඇතුලට ගියත් මගෙ ඇස් නලලට ගියේ පොඩි මෑන්ලයි ලොකු මෑන්ලයි ඔක්කොම සාලේ ඉදන් මැච් එකක් බලද්දි.යකො,අදනම් විනාසයි මුන් අයියාව බයිට් එකට අරන් හප කරයි.
ඒත් එක්කම සේමිණි ආන්ටි සාලෙට ආවේ අපිව දැකලා ඔරවගෙන ආපහු හැරෙද්දි.
"අහ් ඉලන්දාරියා"
මන් ගැස්සිලා බැලුවේ සමුද්‍ර අංකල්ගෙ නැත්තම් යුවන්දිතගේ තාත්තාගෙ කටහඩ පිටිපස්සෙන් ඇහුන නිසා.
"අංකල්..."
මන් අමාරුවෙන් හිනාවුනේ එයාට මූණ දෙන්න බැරි කමට ඇස් බිමට බරවෙද්දි.
"අහ් මූණ එල්ලගන්න එපා.අන්න මද්දු කාමරේ යකා නටලා....අ..හ්..මේ ඉලන්දාරියා කවුද"

YOU ARE READING
Hate you??(on hold)
Non-Fiction???? ??????,???? ??????? ???????????? ?????? ????????.????? ??? ??? ???? ?????? ??????? ??????? ?????