*භාග්‍ය*
මන් ගෙවල් පාරට කාර් එක හරවනවත් එක්කම කලුපාට වෑන් එකක් ඉස්සරහට ආවේ මේ අර සෙතුම්ව කිඩ්නැප් කරන්න ආපු අය කියලා මට හොදටම තේරෙද්දි.ඒ වෙලාවෙ මගෙ ඔලුවේ වැඩ කරෙ එක දෙයයි.මන් මැරිලා හරි සෙතුම්ව පරිස්සම් කරගන්න ඕනෙ කියනෙක.මන් කාර් එකෙන් එලියට බහිනවත් එක්කම වෑන් එකෙ දොර ඇරුනා.
"💥💥"
"අ...හ්..."
මගින් මගට තිලෝකගෙ කීමට කාර් එකෙ හංගලා තිබුන ජැකට් වලට පින්සිද්දවෙන්න හානිය අඩු වුනත් ජැකට් එකෙ කොලිටියෙ හොද කමට මාව ලේ වලින් නෑවිලා යන්න මහා වෙලාවක් ගියෙ නෑ
මන් ආපහු කාර් එකට නැගලා ගෙදර ගියේ සෙතුම් ඇත්තෙ ගෙදරමයි කියලා හිත කියද්දි.
"සෙතුම්....පුතේ..."
මන් කෑගහගෙනම යනකොට අනෙ දෙයියනෙ ඒ අහිංසකයා ඉක්මනට එලියට ආවා.මන් සෙතුම්ව බදාගත්තා.තාමත් ලමයා බයෙන් ගැහෙනවා.ඒත් අනික් අතට මන් මෙච්චර කාලයක් මහන්සියෙන් එකතු කරපු දේවල් එකතු කරගත්තා.ඊටව්පස්සෙ සෙතුම්වත් ඇදගෙන කාර් එකට නැග ගත්තත් මන් ආයෙම ඇතුලට ගියේ මොකක් හරි ලොකු දෙයක් අමතක උනා කියලා හිත කියද්දි.
"අනෙ දෙයියනෙ මොකක්ද අමතක උනේ."
විනාඩි ගානක් මුලු ගේ හැමතැනම කැරකුනත් මට අමතක උනෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වුනා.
'දඩස්'
කුස්සිය පැත්තෙන් සද්දයක් ආවා.මන් ලගම තිබුන පිත්තල පෝච්චිය අතට ගත්තෙ හදිස්සියකට ආයුධ කියලා කිසිම දෙයක් දැන් ගේ ඇතුලේ ඉතුරු නැති නිසා.මන් සද්ද නැතුවම කුස්සියට යනකොට ඇරලා තිබුන ජනෙල්,දොරෙන් එන හුලගට කාඩ්බෝඩ් පෙට්ටියක් වැටිලා තිබුනා.එතකොට තමයි මට මතක් උනේ මන් වැඩ කරන්නැති ෆ්‍රිජ් එක අස්සෙ මල්ලක් හංගලා තියෙනවා කියලා.
අනෙ දෙයියනෙ මගෙ මොලෙත් වෙලාවකට විකාර නටනවනෙ.මන් ඉක්මනට ෆ්‍රිජ් එක ඇරලා ඒ එලියට අරන් ගිහින් කාර් එකට දැම්මා.ඉට පස්සෙ මන් කෙලින්ම කාර් එක ගෙනිච්චෙ ගෝල්ෆේස් පැත්තට.මන් කාර් එක නවත්තනකොටත් සෙතුම්ට නින්ද ගිහින්.මන් ෆෝන් එක අරන් කෝල් එක ගත්තෙ මුලින්ම විනෝද් මල්ලිට.වෙලාවට මල්ලි මුලු පැය විසි හතරම ඩේටා ඔන් තියන්නෙ.

YOU ARE READING
Hate you??(on hold)
Non-Fiction???? ??????,???? ??????? ???????????? ?????? ????????.????? ??? ??? ???? ?????? ??????? ??????? ?????