抖阴社区

13?

80 8 2
                                    

*භාග්‍ය*

වීදුරුවෙන් එලිය බලන් මායි සෙතුමුයි දෙන්නම හිටියෙ ලොකු කල්පනාවක.එක අතකට මට සෙතුම්ට මේවා නොකියා ඉන්න තිබුනේ.දැන් ඒ ලමයත් මෙවා කල්පනා කරන්න ගන්නවා.

"සුදු අම්මා පව් නේද"

සෙතුම් කියනකොටයි මන් සිහියට ආවේ.ඇත්තට ලොකූ පව් තමයි.මොක්කදො නොදන්න හේතුවකට පවුල් දෙක තුනකම මිනිස්සු දැනටමත් මැරිල ගිහින් තිබුනා.ඉතින් යුවන්දිත කියන්නෙ ඊලගට යන්න ඉන්න කෙනා කියලා මන් දැනගත්තෙ විනෝද් මල්ලි මට ඇක්සිඩන්ට් එක ගැන තව තව විස්තර කියනකොට.

"සෙතුම් ඒලෙවල් කරේ නෑ නේද"

මන් ඇහුවේ කතාව වෙන පැත්තකට යවන්න හිතාගෙන.

"ම්හ්"

"කරමු..මන් කතා කරන්නම් මිස්ටර් ලයනල් එක්ක..."

"හ්ම්ම්"

මගෙන් පස්සෙ ඊලගට මේක භාරගන්න ඉන්නෙ සෙතුම් නිසා මට ඕනේ උනේ ඒ ලමයට හොදට උගන්වන්න.

"කොමස් ස්ට්‍රීම් එකෙන් තමා ඉතින් ඉගෙනගන්න වෙන්නෙ.බිස්නස් බලාගන්න ඉන්නෙ ඔයානේ.."

"හ්ම්ම්"

හැම එකටම හ්ම්ම් කියනකොට මට තේරුනා මේ දේවල් සේරම එයාට නොකියා ඉන්න තිබ්බා කියලා.

"දිනිදු මල්ලිත් ඒකටම යන නිසා මන් කියවලා ඒ ක්ලාස් එකටම දම්මන්නම්"

"හා"

අනික් හැම එකටම හූ තියලා ඒකට විතරක් සෙතුම් හා කිව්වේ අමුතු පණක් කටට අරන්.ම්ම් ම්ම්..මොනවා හරි දෙයක් වෙලා වගෙයි මේ එක දවසට.

*යුවන්දිත*

මන් සාලෙට වෙලා ෆෝන් එකෙන් ෆිල්ම් එකක් බල බල ඉදියේ.අනික් උදවිය තම තමන්ගෙ වැඩ වල යෙදිලා ඉන්න අතරේ මට කරන්න දෙයක් තියන්නත් එපැයි.මන් බැලුවේ ඩ්‍රැකියුලා කෙනෙක්ට අහුවුන පොඩි පිරිමි ලමෙක්ගෙ කතාවක්(වගකීමෙන් කියන්නෙ ඒම කතා තියෙනවද දන්නෑ සිද්ධිය අවස්‍ය නිසා දැම්මේ).

"බුදු අම්මෝ....."

මන් කෑගහගෙන ෆෝන් එක ගුවන් ගත කලේ ෆිල්ම් එකෙ ඩ්‍රැකියුලා ඒ ලමයගෙ බෙල්ලට පහත් වෙනකොටම මගෙ උරිස්සට දැනුන ස්පර්ශෙ නිසා.

Hate you??(on hold)Where stories live. Discover now