抖阴社区

10?

72 11 6
                                    

*භාග්‍ය*

එයාගේ කෑගැහිල්ලත් එක්ක මට උන දේ හිතාගන්න බැරි උනා.

"ඇයි මොකද උනේ"

"මොකද උනේ..මොකද උනේ කියන්නෙ..ඇස් පොට්ටද තමුසෙගෙ.මගෙ කකුලෙ හිච්චි ඇගිල්ල දොරෙ වැද්දුවේ...ඇගිල්ල නෑ වගේ"

"අනෙ දෙයියනෙ සොරි"

මන් ඉක්මනට එයාව ගිහින් ඇදෙ තියලා කබඩ් එක ලගට යන්න ගියත් මට එකපාරටම ඔලුවේ අකුණක් පිපිරුවේ එයා කිව්ව දේ මතක් වෙලා.

මගෙ කකුලෙ හිච්චි ඇගිල්ල දොරෙ වැද්දුවේ...ඇගිල්ල නෑ වගෙ



*යුවන්දිත*

මාව ඇදෙන් තියලා කබඩ් එක පැත්තට ගියපු භාග්‍ය එකපාරටම දොරට අත තියලා නැවතුනා.ඊටත් පස්සෙ මන් දිහා ඇස් ලොකු කරන් බලන් හිටියේ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වෙද්දි.

මේ මොකද මේ....එකපාරටම මගෙ ලගට ආපු එයා මගෙ අත් දෙක අල්ලගත්තා.මට කිසි දෙයක් හිතාගන්න බෑ.

"ඔ...ඔ..යා...ට ..දැනෙනවද"

"හහ්..."

ටිකක් වෙලා ගියාට පස්සෙයි තේරුනේ එයාගෙ හැසිරීමට හේතුව.භාග්‍යගෙ ඇස් සතුටින් පිරිලා.අවුරුදු හයකට පස්සෙ එයාගෙ අක්කගෙ පුතාව හම්බුන වෙලාවේ තිබ්බට වැඩිය සතුටක් ඒ ඇස් වල ලියවිලා තිබ්බා.ඒත් ඇයි?එයාට ඉක්මනට යන්න පුලුවන්නෙ එතකොට.ඒ ගැන හිතද්දිත් මගෙ හිතෙ සන්සුන් කම නැතිව ගියා.මම් එහෙන්ම එයාගේ අත් දෙක ගසලා දැම්මා.

"ඇයි මේ"

එයා දෙපාරක් නොහිතම මාව බදාගනිද්දි මගෙ බඩේ මොකක්දො ලොකු ප්‍රතික්‍රියාවක් සිද්ධ වුනා.අනෙ මේ මොකද මේ.

"ඔයා..දන්නවද ම..ට..ම..ට..මොනතරම් සතුටුද කියලා."

"ඔව් එතකොට මාව දාලා ඉක්මනට යන්න පුලුවන්නෙ."

කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ වගෙ එකපාරටම මගෙ කටෙන් අනවශ්‍ය තොරතුරක් පිටවුනා.කට මගෙ උනාට ඒකත් මට වෙනස්කම්.

මාව බදාගෙන ඉද්දිම භාග්‍ය හිනාවෙන්න ගත්තා.

"මො..මො..කද"

"ඔයා දැන් මේක හංගන්නෙ මන් මෙහෙන් යන නිසාද"

"අනේ මේ....තමුන් යන තරමටම මන් කැමති...ඉක්මනටම මගෙ ඇස් ඉස්සරහින් යනවනම් හොදයි.ඉට පස්සෙ ආයේ කවදාවත් ඇස් ඉස්සරහට නාවට කමක් නෑ"

Hate you??(on hold)Where stories live. Discover now