抖阴社区

Episode 10

4.3K 130 2
                                        

එයාව හරියටම දැක්කේ දැන්... වෙනදාට වඩා අමුතුම ලස්සනක්. කළුපාට  ශර්ට් එකට ලා දුඹුරු පාට ඩෙනිමක් ඇඳලා, සුදු පාට සපත්තු දෙකක් දාලා කොන්ඩේ උඩට ජෙල් ගාලා හදල... මාරම හැන්ඩ්සම්.. මෙයා ව  මෙහෙම දැක්කම හිතෙන්නේ හෙන ට සල්ලි තියෙනව කියල..

කොල්ලත‍් බැලුවේ කෙල්ල දිහා එතකොට. රෝස මල වගේ ඉන්න කෙල්ල දිහා බලන් ඉදිය පුදුම ආදරෙන්..

'මූණ රතු වෙනකන් ඉබින්න  හිතෙනව'

"මාව ඇස් වලින් කාල ඉවර නම් යමුද මැඩම්"

එහෙම කිව්වම තමයි මම මේ ලෝකෙට ආවේ.. හි හී

මම එයාගෙ පස්සෙන් ගියා ඉතින්.. ඊටපස්සේ අපි නතර උනේ තට්ටු 20 ක් විතර උස AK Mall එක ගාවට

"අම්මෝ මේකෙ ලොකූ"

කෙල්ල කටත් ඇරන් බලන් ඉන්නවා..
කොල්ලට නම් හිනා...

"මෙච්චර ලොකු ඒවා හදන්න මිනිස්සුන්ට පිස්සුද මන්දා"

"ඇයි එහෙම කියන්නේ"

"නෑ හදිස්සියේ හරි.. ගිනි ගත්තොත් උඩ ඉන්න අයට මැරෙන්න තමයි වෙන්නේ"

'අනේ මේ කෙල්ල නම්'

"උඩම ඉන්නේ CEO තමා"

"එහෙනම් කමක් නෑ මැරුණත්"

"යකෝ එහෙම කියනවද මිනිස්සුන්ට"

"නෑ ඉතින් හැට පැනපු වයසක පොරක් වෙන්න ඇති ඕකෙ CEO.. ඉතින් මැරුණත් කමක් නැනේ"

"ආව්.."

මේකා මට ටොක්කක් ඇන්නා..

"පිස්සියේ.. මේකෙ CEO ඔයා හිතනවට වඩා තරුණයි.. එයාගෙ වයසත් මගේ ගානම තමයි.."

"හෑ"

"ඔව්... මම තමුසේගෙන් ප්‍රශ්නයක් අහන්න ද"

"හා"

"ඔයාට මාව හරි මේකෙ CEO ව හරි බදින්න හම්බෙනව හරි ද... තමුසේ කාවද තෝරාගන්නේ."

"ඒක හිතන්න දෙයක් නෑ.. ඔයාව තමයි"

"ඇයි ඒ... ඌට සල්ලි ආකරයක් තියෙන්නේ තමුසේ ට පුළුවන්නේ සැපේ ඉන්න."

"සල්ලි තිබ්බට වැඩක් නැනේ.. එතන සතුට නැත්තන්... අනික සල්ලි නැති ඕනි කෙනෙක්ට මහන්සි වෙලා මෙතැනට යන්න පුළුවන්නේ... ආදරේ කවදාවත් සල්ලි වලට ගන්න බෑ.. මම දැන් කාලේ දකින්නේම, කෙල්ලො කොල්ලොන්ව දාලා යන්නේ ඊටවඩා සල්ලි තියෙන කොල්ලො ගාවට.. එහෙම කරන්න හොඳ නෑ.. ඒ කොල්ලට කොච්චර ඒක දැනෙනව ඇති ද.. අනික කෙල්ලො කොල්ලෙක් එක්ක යාළු වෙන්නත් අහන්නේ සල්ලි නැත්තන් යාළු වෙන්න බෑ කියලා... එහෙම අසාධාරණයි.. ඒ වගේ කෙල්ලන්ට හිතෙන්නේ නැත්තේ ඇයි දවසක තමන් යාළු වෙලා ඉන්න කොල්ලටත‍් ඒ වගේ මහන්සි වෙලා දියුණු වෙන්න පුළුවන් කියලා... ඒත් වැඩක් නැ.. හැමොටම ඉතින් මොලේ නැනේ.."

???????? Where stories live. Discover now