කේශ් ආවේ ටිකක් රෑ වෙලා... මහන්සි පාටයි ඒ මූණ... අපි එහෙන් කාල ගෙදර එද්දි රෑ 10 ටත් ළඟයි...
"මහන්සි ද ම්ම්ම්"
කේශ් ගෙදර ඇවිල්ලා මාව ඔඩොක්කුවට අරගෙන එහෙම ඇහුවේ
"ටිකක් විතර"
"ඉතින් අද මොකද දෙන්න එක්ක කරේ"
"අද...."
අද දවසේ වෙච්ච හැමදේම මම කේශ් ට කිව්ව... එයා ඒවා ඔක්කොම හරි උනන්දුවෙන් අහන් ඉන්නවා... එයාට නම් හිනා... අපි දෙන්නා රෑ 12 විතර වෙනකන් අද දවසේ වෙච්ච දේවල් කියෙව්ව... එහෙම තමයි නේද... කේශ් කියන්නේ ලොකු CEO කෙනෙක් නේ... එයාට ගොඩක් වැඩ තියෙනව ඒත් එයා ගෙදර ආවම ඒ ඔක්කොම අමතක කරලා මාත් එක්ක කාලේ ගත කරනවා...
අපි දෙන්නට ඉතින් නිදහසේ ඉන්න පුළුවන් සති අග විතරයි...
අද සෙනසුරාදා දවසක්... උදේම නැගිටින්න ඕනි නැති උනත් මම 6 ට වගේ නැගිටලා පහන් තියලා කෑම උයනව... මම එළියේ ගාර්ඩ්න් එකට ගියේ ගස් වලට වතුර දාන්න... සිංදුවක් මුමුණ මුමුණ තාලෙට පැද්දි පැද්දි ඉන්න කොට එකපාරටම මගේ කුසට දැනුනේ සීතලක් බය වෙච්ච පාරට අතේ තිබ්බ වතුර බටේ අරගෙන ඒ පැත්තට ඇල්ලුවේ...
"ඒයි"
හුටා කේශ් නේද... කේශ් ඇඳගෙන ඉන්න ඇඳුම තෙමිලා...
"මොකද්ද කේශ් කරේ... මම බය උනා"
කේශ් උදේම නාල නේ... ඉතින් එයාගෙ සීතල ඇඟිලි මගේ කුසට දැනිලා තමයි ලමයි මගේ අතේ තිබ්බ වතුර බටෙන් එයා ආයේ නෑවේ...
"සොරි.."
කේශ් බලන් ඉන්න විදිහට මං කිව්වේ ඒත් කේශ් අඩියක් ඉස්සරහට තිබ්බ විතරයි මම වතුර බටේ එයාගෙ පැත්තට අරගෙන පිටිපස්සට දිව්වේ එයත් මගේ පස්සෙන් දුවනකොට.. අපි දෙන්නා පොඩි ලමයි දෙන්නෙක් වගේ හිනා වෙවී දුවනවා...
ඒත් එකපාරටම මාව එයා අතින් ඇදල අරගෙන එයාගෙ ගාවට ගත්තේ මගේ අතේ තියෙන බටේ එයා ගාවට ගන්නකොට...
"අනේ කේශ් එපා..."
මේ කොල්ල කරන්න යන වැඩේ තේරිලා මම එහෙම කිව්වා... කේශ් කට කොනින් හිනා වෙලා මාව ඇගට තද කරගෙන වතුර බටේ උඩ ට ඇල්ලුවේ ඒකෙ වතුර බිංදු වලට අපි දෙන්නව නෑවෙද්දි... අපි දෙන්නව හොඳටම තෙමුනා... කේශ් බටේ අතෑරලා මාව හරහට වඩාගෙන ඇතුලට ගියේ මම සීතලට ගැහෙනකොට... කේශ් දොර වහලා එතන තියෙන ජනෙල් බැම්ම උඩින් මාව උස්සලා තියලා මගේ දෙතොල් එයා සතු කරගත්තේ නොසන්සුන්ව... විනාඩි ගාණක් තොල් වල දඟ කරලා මගෙන් ඈත් උනේ මගේ යටි තොල දසන් වල හිර කරන් ඉඳල...
