抖阴社区

Episode 18

4.3K 112 4
                                        

මාස තුනකට පසු....

හෙට අපේ ගෙදර දානයක් තියේ ඒකට ඉතින් කට්ටියම ඇවිල්ලා වැඩ... අවී ලා සෙට් එක ආවේ අද උදේ... සනුරයි අසී ගැනයි මම කලින් කිව්ව නේද මොකක් හරි තියෙනව කියල... ඒක එහෙම තමයි උන් දෙන්නා සෙට්... ඒක මම හොයාගත්තේ දවසක් කේශ් එක්ක beach ගියපු දවසක.... බලන්න එපැයි අපි දෙන්නව දැක්කම දෙන්නගෙ මූණු... කේශ් ගෙ අම්මා නම් උදේ ආවා ටිකක් වැඩ තියෙන නිසා... කේශ් ගෙ අම්මා හරිම හොඳයි.. අපේ අම්මට වඩා හොඳයි...

කේශ් ගෙ අම්මා සල්ලි තියෙන ගෙදරක‍ හිටියත් එහෙම අර ආඩම්බර කමක් නෑ... හැමෝම එක්ක හිනා වෙවී කියෝ කියෝ ඉන්නවා...

එයාල ක්‍රිස්තියානි උනාට කේශ් ගෙ අම්මා බෞද්ධ... කේශ් ගෙ තාත්තා තමයි ක්‍රිස්තියානි... ඒක නිසා කේශ්ලා උනත් පොඩි කාලේ ඉදන්ම  පන්සල් එක්ක යනවලු අම්මා...

අපි කට්ටිය හවස් වෙනකන්, උයන්න ඕනි ඔක්කොම දේවල් කපලා කොටලා ඉවර කරේ හිනා වෙවී විහිළු කර කර...

කේශ් නම් වැඩ එයා රෑ වෙලා එනවා කිව්වා... උදේ අම්මා ගෙනත් දැම්මෙත් එයාලු මම නිදි එතකොට... හෙ හෙ...

7 ට විතර මට ඇහුනා වාහනයක් එනවා... දොර ගාවට ගියේ කේශ් වෙන්නැති කියල හිතාගෙන... ඔය එන්නේ හිනා වෙලා මගේ කොල්ල...

එයා මාව තුරුලු කරගත්ත ආපු ගමන්...

"මගේ මැණික"

"ආ පුතා... මොකෝ පරක්කු උනේ.."

"අද ටිකක් busy schedule එකක් තිබ්බෙ.."

"ගෙදර ගියේ නැද්ද"

ඔව් කේශ් ඇවිත් හිටියේ office ඇඳුම පිටින්මයි...

"නෑ... වැඩ ඉවර උනු ගමන් ආවේ ඉතින්"

"නෝනව බලන්න තියෙන හදිස්සියක්"

එහෙම කියලා අම්මා හිනා උනේ... කේශ් මන් දිහා බලන් ඉද්දි...

ඒත් එක්කම අපේ අම්මා ඇවිල්ලා...

"මහන්සි ඇති පුතාට අක්කේ... වොශ් එකක් දාගන්න ඕනි නම් බබා ගෙ කාමරේට ගිහිල්ලා..."

"ඔව් අම්මා... මම වොශ් දාගන්නම් එහෙනම්"

එහෙම කියලා කේශ් කාර් එකෙන් ඇඳුම් ටිකත් අරගෙන මගේ කාමරේ ට ගියේ දෙයක් මතක් වෙලා මම ඉක්මනට උඩ ට දුවද්දී...

???????? Where stories live. Discover now