抖阴社区

Episode 19

4.1K 124 7
                                        

එකපාරටම කේශ් මාව වේගෙන් උස්සගෙන පාරෙන් එහාට පැන්නේ එයා මගේ ඔලුවට අත තියාගන්නකොට... අපි දෙන්නම බිමට වැටුණා... ටිපර් එක මහ සද්දෙන් එතන තිබ්බ ලොකු කඩේක හැප්පෙනවා මට ඇහුනා... මිනිස්සු ඔක්කොම අපේ පැත්තට දුවන් එනවා මම දැක්කා...

ඒත් එක්කම ඒ වෙච්ච ෂොක් එක නිසා මගේ කන් අඩි පුපුරන්න තරම් "කීන්" ගාන සද්දයක් ආවේ කේශ් කොච්චර මගේ කම්මුල් වලට තට්ටු කර කර කෑගැහුවත් මට කතා කරගන්නවත් මුකුත් කරගන්නවත‍් බැරුව ගල් වෙලා ඉද්දි... මට කේශ් කියන කිසි දෙයක් ඇහුනේ නෑ... එහෙම්මම මගේ ඇස් පියා උනා විතරයි මට මතක...

කොල්ල එවෙලේ කෙල්ලව උස්සගෙන පැන්නේ නැත්තන්... සමහරවිට, සමහරවිට කේශ්ගෙ රූහී අද සදහටම නැති වෙලා යන්න තිබ්බා... කොල්ලාගේ පපුව අසීමිත වේගයකින් ගැහෙන්නේ කලින් වෙච්ච දේ නිසා...

ඒත් එක්කම කෙල්ල හිටිය විදියටම බය වෙලා බලන් හිටියේ ඇහිපිල්ලන්වත් ගහන්නෙ නැතුව...

"රූහී..."

"රූහී"

"කතාකරපන් මැණික"

"රූහී"

කෙල්ලගේ කම්මුල් වලට තට්ටු කරත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා වටේ හිටපු මනුස්සයෙක් කොල්ලාට වතුර බෝතලයක් දුන්නෙ කොල්ල අතට වතුර ටිකක් අරගෙන මූණට ගහනකොට... ඒත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ... ටික ටික කෙල්ලගේ ඇස් පියවුනේ කොල්ල කෙල්ලව උස්සගෙන කාර් එකට දාගෙන ඉස්පිරිතාලෙට යද්දී...

කොල්ලාට සිහියක් නෑ... කොල්ලාගේ පපුව හයියෙන් ගැහෙනවා... කොල්ල පුළුවන් තරම් ඉක්මනට hospital එකට ගෙනිච්චෙ ඇස් වලින් කඳුලු ගලාගෙන යනකොට...

කෙල්ලව doctors ලා චෙක් කරන්න ගෙනිච්චෙ කොල්ල එතන තිබ්බ පුටුවට කඩාගෙන වැටෙද්දී...

කොල්ල phone එක අරගෙන call කලේ අයියාට

"කියපන් මල්ලී"

"අ...පි එ..ද්..දි ලො..කු a..cc..ident එ..ක..ක් උ..නා බන්... රූ..හී අ..නේ එ..යා.."

"හරි මල්ලී අපි ඉක්මනට එන්නම්... කෙල්ලට මුකුත් වෙන්නේ නෑ බය වෙන්න එපා..."

???????? Where stories live. Discover now