කේශ් අද office ඉවර වෙලා කලින් ආවේ හෙන සතුටෙන්... මම හිටියේ රෙදි ටික නව නව... එයා මාව පිටිපස්සෙන් තුරුලු කරගෙන
"මැණික"
එයා සතුටෙන් කිව්වේ
"මොකෝ කේශ්"
"මට අද ගොඩක් සතුටුයි මැණික"
මම එයාගෙ පැත්තට හැරිලා
"ඒ මොකෝ"
"මාව best businessman award එකට nominate වෙලා..."
"අනේ... ෂෝක් නේ... මගේ මහත්තයා දක්ෂයි"
මම එයාව බදාගෙන කිව්වේ ඇත්තටම සතුටෙන්...
"මම ඒ award එක හැම පාරම ගන්නවා... මේ පාර මගේ මැණික මාත් එක්ක ඉන්න නිසා මට ගොඩක් සතුටුයි..."
කේශ් මගේ නළලට දෙතොල් තියන් ඉඳල එහෙම කිව්වේ...
"මැණිකටත් මාත් එක්ක යන්න වෙනවා ඉතින්"
"මම?"
"ඔව්... award ceremony එකට පස්සේ after party එකකුත් තියේ..."
"Wowww.. මරුනේ"
"හෙට මම designers ලා ටික එවන්නම් ඔයාට ඕනි ඇඳුම ඒ අයට කියලා හදාගන්න... ම්ම්"
"හා"
"මාත් එක්ක නටන්න වෙයි හැබැයි"
"ආ"
"මොකෝ ම්ම්"
"මන් නටන්න දන්නේ නෑ"
"මන් කියලා දෙන්නම්"
එයා මගේ කම්මුලට දෙතොල් තිබ්බා...
ඊළඟ දවසේ කේශ් කිව්වා වගේම designer ලා තුන්දෙනෙක් ආවා... මම සාරියක් තමයි අඳින්නේ...
කේශ් ගෙදර ඇවිල්ලා wash එකක් දාගෙන මාව ඇදගෙන ආවේ උඩම තට්ටුවට...
"එන්න නටන්න කියලා දෙන්න"
එහෙම කියලා එයා මගේ එක අතක් එයාගෙ උරහිසේ තියාගෙන අනික් අත එයාගෙ අතින් අල්ලගෙන එයත් එයාගෙ අත මගේ බඳ වටේ දාගෙන ළඟට ගත්තා...
"හරි දැන් මැණික මගේ කකුල් දෙක උඩ ට නගින්න"
මම එයාගෙ කකුල් දෙක උඩ ට නැග්ගෙ එයා මාත් එක්ක තාලෙට නටනකොට...
"හෙටත් මේ වගේ නටන්නයි තියෙන්නේ"
එයා මගේ කම්මුලට දෙතොල් තියලා එහෙම කිව්වා...
