හිතන්තී

By se_cret_writer

167K 4.9K 214

දඟකාරියකට පෙම් බැඳි ඔහු... More

Episode 1
episode 2
Episode 3
Episode 4
Episode 5
Episode 6
Episode 7
Episode 8
Episode 9
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16
Episode 17
Episode 18
Episode 19
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34 (Last Episode)

Episode 20

4.5K 128 6
By se_cret_writer

"ඒ උනාට ඔයාගෙ චූටි පුතා නම් හරි නරකයි"

"ඇයි මන් නරක ආ"

"උඹ මොකද අර කෙල්ල දුන්න මල් ටිකයි කාඩ් එකයි විසි කලේ"

"මට ඕනි නිසා"

"අම්මා දන්නේ නෑ ඒ කෙල්ල මට කිව්වා එයාගෙ  අතේ තිබ්බ සල්ලි ඔක්කොම දාලා මූ ආසම මල් බොකි එකක් අරගත්තෙ කියලා ඒත් මූ ඒක බින් එකට විසි කරලා.. තව කෙල්ල රෑ එළිවෙනකන් හදපු කාඩ් එකත් විසි කරලා"

"මොකද්ද චූටි පුතා වෙලා තියෙන්නේ... පව් ඒ කෙල්ල... තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව අර පොඩි දරුවව බේරාගන්න ගියානේ... ඒ ළමයගෙ අම්මලා කොච්චර පින් දුන්නද... ඇයි පුතා ඔහොම ඒ කෙල්ලට දුක් දෙන්නේ... ඊයේ මටත් කිව්ව අඬ අඬා කේශ් මාත් එක්ක කතා කරන්නේ නෑ කියලා... සතියක් තිස්සේ කතා නොකර ඉන්න තරම් ඒ කෙල්ල වැරද්දක් කරේ නෑ නේ..."

"එයා හුඟක් මුරණ්ඩුයි අම්මා... එදා කාර් එකෙන් බැස්සෙ නැත්තන් එහෙම දෙයක් වෙන්නේ නැනේ..."

"උඹ හිතනවද ඒ ලමයා හැප්පෙනකන් නංගී බලන් ඉඳී කියලා... ආ... ඒ කෙල්ල උඹ වගේ ආත්මාර්ථකාමී නෑ... උඹ ඒ කෙල්ල ලබන්න ලොකු පිනක් කරලා ඇති ගිය ආත්මේ... ඒ උනාට උඹ, ඒ කෙල්ලව රිද්දන එකමයි කරන්නේ"


කොල්ල මූණ බිමට කරන් ඔක්කොම අහන් හිටියේ කෙල්ල පව් කියලා හිතෙනකොට..

"උඹ ඒ කෙල්ලව මට්ටු කරන්න කලින් උඹ මට්ටු වෙනවා මල්ලී.. අන්න ඒක මතක තියාගෙන වැඩ කරපන්..."

කොල්ලාගේ අයියා එහෙම කියලා උඩ ට ගියා...

කොල්ල ඊළඟ දවසේ ගිය ගමන් කොල්ලාගේ බින් එකේ තියෙන මල් ටික අරගෙන කාඩ් එකත් ගත්තෙ, කාඩ් එක දිග ඇරලා බලද්දී...

හැම තැනම ඇටකටු මිනිස්සු ඇදල සොරි කියලා හැම තැනම තියෙනව...

"මේ කෙල්ල එක්ක ඉතින් කොහොමද තරහ වෙලා ඉන්නේ මේ වගේ වැඩ එක්ක"

කොල්ලා හිනා වෙවී වැඩ කරන්න ගත්තා...

ඊළඟ දවසේ කොල්ලාට නිවාඩු...  වෙනදාට කෙල්ලගෙන් එන සොරි msg දැන් නෑ... කෙල්ලට එදා කොල්ල කරපු දේ නිසා දුක හිතුනා...

කොල්ලා 11 ට වගේ පූල් එකට බැස්සෙ ටිකක් ralax වෙන්න ... ඒකත් ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම...

"අම්මා"

"අම්මා කෝ අනේ ඔයාලා.."

මම කේශ්ගෙ ගෙදර ආවේ අම්මා එක්ක පොඩි කයියක් දාන්න...  ඒත් කෝ අනේ මෙයාල..

මට පූල් එක ගාවින් වතුර සද්දයක් ආවේ කට්ටිය එතන ඇති කියලා හිතාගෙන යද්දී...

"අම්මා"

"අම්..."

එතන හිටියේ කේශ් පූල් එකේ බැහැගෙන.. මම ආයේ හැරිලා එන්න හදනකොට

"ඔහොම ඉන්නවා"

"අම්මලා නෑ.. එයාල නැන්දලාගෙ දිහා ගියා..."

මම මුකුත් කියන්නේ නැතුව එන්න හැදුවත් ආයේ කතා කරේ...

"ඒ ඔහොම ඉන්නවා... මට පොඩි උදව්වක් ඕනි"

"මොකද්ද"

"මගේ කකුලේ කෙන්ද පෙරලුණා... මට ගොඩට එන්න පොඩ්ඩක් අත දෙනවා"

"ඇයි මේ අල්ලගෙන එන්න එකක් තියෙන්නේ.."

"මට අඩිය තියන්න පුළුවන් නම් මම තමුසෙට කිය කිය ඉන්නේ නෑ"

මම ඉතින් පූල් එක ගාවට ම ගිහිල්ලා එයාට අත දුන්නා... ටිකක් වෙලා මන් දිහා බලන් ඉඳලා එයා මගේ අත ඇද්දේ මාව පූල් එකට වැටෙනකොට...

මට පීනන්න බෑ... කකුල් දෙක ගස ගස කේශ්ගෙ බෙල්ල වටේ අත් යවලා මගේ කකුල් දෙකත් කේශ් ගෙ බඳ වටේ යවලා බදාගත්තේ කේශ් වතුරෙන් උඩ ට එනකොට මාත් එද්දි...

"කැහැ... කැහැ"

"මොකද්ද ඒ කලේ... කැහැ කැහැ"

"පනිෂ්මන්ට්"

"ආ"

"තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිරවෙනවා"

එහෙම කිව්වම කේශ් කට කොනින් හිනා වෙලා ආයේ වතුර යටට යන්න හැදුවේ

"අනේ එපා... කේශ්....මම බයයි... කේශ්"

එයා හිනාවෙන ගමන් මාව ආයේ උස්සගත්තෙ

"හිහ්... පීනන්න දන්නේ නෑ මිරිස් කරල... මොකද ම්ම්ම්... ඔහොම බලන්නේ"

"මෙච්චර දවස් මට නපුරුකම් කරලා දැන් මුකුත් මතක නෑ වගේ ඉන්නේ... හුම් මාව අතනින් තියන්න මහා නරකයි ඔයා..."

කේශ් මගේ කම්මුලකට දෙතොල් තියන් ඉඳල...

"මට ඕනි උනේ තමුසෙට පාඩමක් උගන්නන්න ඒත් මමයි අන්තිමට පාඩමක් ඉගෙන ගත්තෙ..."

"මම ඔයත් එක්ක තරහයි... මාව ගොඩට ගෙනියන්න"

"ඒක මාර වැඩක් නේ... මමයි තමුසේ එක්ක තරහ වෙන්න ඕනි"

"මට ඔයත් එක්ක කතා කරන්න ඕනිත‍් නෑ.. කියන දේවල් අහන්න ඕනිත‍් නෑ..."

"එහෙම බෑ... මං කියන එක කොහොමහරි අහන් ඉන්න ඕනි...හැබැයි මොනා නැතත් තමුසෙට හොඳට ඇටකටු මිනිස්සු අදින්න පුළුවන්"

"ඔයා ඒක බැලුවද"

"ඔව්නේ"

"හහ් මහ ලොකුවට බින් එකට විසි කලේ... ඔයාට කිසිම හිතක් පපුවක් නෑ.. මහා දුෂ්ඨයි..."

මම එහෙම කිව්ව විතරයි කේශ් ආයේ වතුර යටට ගියේ මම එයාව තද කරගන්නකොට... මට වතුරත‍් ඉස්මෝලෙ ගියා...

"කැහැ... කැහැ"

"කැහැ...කැහැ"

මට ඇඩුනා ඒ ගමන.... කේශ් මන් අඩනවා දැකල කලබල වෙලා ගොඩට ගෙනිච්චා...

"කෝ... මැණික... අඩන්න එපා....කෝ ඉතින්...සොරි පැටියෝ..."

කේශ් වතුරෙන් ගොඩට ඇවිල්ලා මාව තුරුලු කරන් එහෙම කිව්වේ

"ඕ...නි නෑ ම...ට...

ය..න්..න ඔ..යා"

මම ඉකි ගහ ගහ අඩනවා...

"කෝ හුස්ම ගන්න... අඩන්න ගත්තම හුස්ම ගන්නෙත් නැතුව අඩනවා මේ කෙල්ල..."

එයා මගේ පිට අත ගගා එහෙම කියන්නේ මාව නලවන්න...

"ඇ..යි මෙ..හෙ..ම න..පු..රුකම් ක..ර..න්නේ කේ..ශ්... ම..ට හු..ඟක් රි..දෙ..න..ව..."

"ශ්ශ්... දැන් ඒක ඉවරයි ම්ම්ම්..."

"ඉ..ව..ර නෑ... ඔ..යා ගො..ඩ..ක් න..පු..රු..ක..ම් ක..ලා ම..ට... එදා ම...ට ඔ..යා..ව ඕ..නි..ම වෙ..ලා..වේ මා..ව... මාව බ...ල..න්..නවත් ආ..වේ නෑ... ඊ..ට..ප..ස්..සේ මා..ව ම..ගෑ..රියා... ම..ම ඔ..යා..ව බ...ල..න්න ආ..වත් මා..ව ග..න..න් ග..ත්..තෙ නෑ... ඇයි එහෙම ක...ර....න්නේ ම..ට... මම ඔයාට ලොකු වැ...ර..ද්ද..ක් කරපු ගානට ඇයි එහෙම ස..ලක..න්නේ..."

එයාගෙ පපුවට ගහ ගහ මම කිව්වේ එයා දුකින් මං දිහා බලන් ඉන්නකොට...

"සොරි මැණික... මට එදා කේන්ති ගියා...මම එහෙම කේන්ති ගත්ත එක සාධාරණ නැද්ද ම්ම්... මම අච්චර කාර් එකේ ඉන්න කියලා ගියපු කෙල්ල අරෙහෙම පාර මැද හිටගෙන ඉන්නකොට මට කේන්ති ගියා... ඒකත් එක්ක අර ටිපර් එක තමුසේ ගාවට ආවේ හෙන වේගෙන් එවෙලේ මගේ පපුව නතර උනා බන්... මම තව ටිකක් පරක්කු උනා නම් මොකද වෙන්නේ ආ... ෂිට්... මම ඒක මතක් කරන්නවත් කැමති නෑ... එදා එහෙම තමුසෙට මොනා හරි උනා නම්... උඹ හිතනවද මේ කේශ් ජීවත් වෙලා ඉඳී කියලා... ආ හිතනවද මම තමුසේ නැතුව එක මොහොතක් හරි ඉඳී කියලා... hospital එකේදිත‍් තමුසෙට හුඟක් වෙලා යනකම් සිහිය ආවේ නෑ... මට උඹ නැතුව ඉන්න බෑ බන්... ආයේ ඒ වගේ දෙයක් තමුසේ කරන්න කලින් හොඳට මතක තියාගන්න මැණික... තමුසේ නැති උනොත් ඒ තත්පරේම උබේ කේශුත් නැති වෙලාම යයි..."

කේශ් එහෙම කියලා මගේ බෙල්ල අස්සේ මූණ හංගාගත්තා... මට දැනුන මගේ බෙල්ලට රස්නයක්... දෙයියනේ එයා අඩනවද...

"මම එදා ඒ ලමයා බේරාගත්තේ නැත්තන් මම මටම සමාවක් දෙන්නේ නැති වෙයි කේශ්"

"කේ...ශ්"

එහෙම කියලා මම එයාගෙ මූණ දෝතට ගත්තෙ.. ඔව් එයා අඩනවා...

"ම...ට උබ...ව නැ...තුව එ..ක මො...හොතක් ඉන්න බැ මැණික.. ඒ තරම් මම තමුසෙට ඇබ්බැහි වෙලා... මම ආත්මාර්ථකාමී ඇති බන්... මට වෙන කිසි දෙයක් වටින්නේ නෑ... තමුසේ විතරයි මට වටින්නේ... ආයේ ඒ වගේ දෙයක් කරන්න එපා... උබේ කේශ් පිස්සෙක් වෙයි උඹ නැති උනොත්..."

"අනේ අඩන්න එපා කේශ්... ඔයාගෙ මූණට කඳුලු ගැලපෙන්නේ නෑ රත්තරන්... මම... මම...ආයේ ඒ වගේ දෙයක් කරන්නේ නෑ... මට මෙච්චර ආදරේ කරන මහත්තයෙක් දාලා කවදාවත් යන්නේ නෑ... කියන එක අහන්..."

මට කියන්න දෙන්නේ නැතුව මගේ දෙතොල් එයා සතු කරගත්තා.. මාත් එයාගෙ බෙල්ල වටේ අත් යවලා එයත් එක්ක එකතු උනේ කේශ් මාව තවත් ඇගට හිර කරගන්නකොට... සීතල වෙලා තිබ්බ අපි දෙන්නගෙ සිරුරු උණුසුම් කරන්න පුළුවන් හාදුවක් ඒක... කේශ් එයාගෙ හිතේ තියෙන දුක, කේන්තිය නැති කරගත්තේ මගේ දෙතොල් එක්ක දසන් එකතු කරමින්... විනාඩි ගාණක් එහෙම්මම ඉඳල කේශ් මාව කිටි කිටියේ තුරුලු කරගත්තේ සැනසීමෙන්...

"මගේ මැණික"

"ඇඳුමක් මාරු කරගමු මැණික... නැත්තන් සීතල හැදෙයි මගේ හා පැංචිට"

මට හිනා ගියා ඒ කියපු විදිහට...

එයා මට ඇඳුමක් දුන්නා ඇඳගන්න... එයා ඒක මට ගත්ත එකක්ලු... පූල් එක ගාව තියෙන changing room එකට ගිහිල්ලා මම ඇඳුම් මාරු කරගත්තා...

ඊටපස්සේ කේශ් එක්ක කාර් එකේ නැගලා පොඩ්ඩක් ඇවිදින්න ගියේ ටිකක් අපි දෙන්නට තනියම ඉන්න ඕනි නිසා...

එයාගෙ වැඩේම මගේ අත ඉඹ ඉඹ කාර් එක drive කරන එක...

"කේශ්"

"මම දෙයක් අහන්නද"

"අහන්න බලන්න"

"ඔයා අර මේ... මලිත්ට මොකද කලේ"

"ඒක මොකටද ඔයාට... මම ඌට කරන්න ඕනි දේවල් කලා..."

"ගැහුවද"

"තමුසේ හිතනවද මම ගහල විතරක් අතාරී කියලා"

"එහෙනම්"

"ඒක ඔයා දැනගන්න ඕනි නෑ"

"හුම්"

"මාව මැරි කරාම මගේ මැණිකට මාත් එක්ක හැමදාම මෙහෙම ඉන්න පුළුවන්..."

"හුම්"

"මගේ හා පැංචි"

"මම ආසයි..."

"මොකටද"

"එහෙම කියනවට"

"පිස්සු කෝලමක් මේක නම්"

අපි හුඟක් වෙලා කියෝ කියෝ ඉඳල හවස් වෙද්දි කේශ් මාව ගෙදරින් දාලා ගියා....

___________________________________________

පිස්සු කෝලමක් නේද 😁

Continue Reading

You'll Also Like

366K 20.7K 88
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
58.9K 1.5K 85
මේක සින්ඩරෙල්ලගෙ කතාව නම් නෙවේ. සින්ඩරෙල්ල වගෙ ලස්සන සින්ඩි කියන දගකාර ගෑනු ලමයගෙ කතාව. පාරෙදි අහම්බෙන් ඇගේ හැප්පුන ඒ කන්නාඩි දාන ලස්සන පිරිමි ලමයග...
38.9K 1.5K 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
768K 68.9K 30
Heer sharma, a smart and intelligent girl who lives with her mother, and has no idea about her father. What will happen when one day , she has to liv...