抖阴社区

??08?? ?.?.? ?? ??

Start from the beginning
                                    

යූන්ගියා... 🥺

කෙල්ල දූවගන යූන්ගි ගාවට ගිහිල්ල හිට ගත්තා... පාන්දර කරුවලේ කෙල්ල මොකද කරන්නෙ කියල බලන්න යූන්ගිත් එයා ගාවට ආවා...

Suga : රූහී... ? ඔයා මොකද මේ පාන්දර තනියම එලියෙ... 🤨

Ruhi : ඔ.. ඔයාට නැගිටින්න හොඳ නෑ නේද දැන්ම 🥺

Suga :මට එක තැනක ඉන්න පුලුවන් වෙන්න නෙවේනෙ ඔයා වැඩ කරන්නෙ...
දැනුත් එලියෙනෙ.... 🤨

🥺....

Suga : අඬන්න එපා යන්න කාමරේට.. 

යූන්ගි ම.. මට මැසේජ් එකක් ආවා... 🥺
ඔ.. ඔයාටයි... ම.. මල්ලිටයි..... ආහ්ම්...

කෙල්ලගෙන් පෝන් එක ඇදල ගත්ත යූන්ගි ඒකෙ මැසේජ් චෙක් කරද්දි අර ආව මැසේජ් දෙක දැක්ක.. ඉබේටම දත් මිටි කැවුන සුගා ක්ශනික ක්‍රියාත්මක වෙන විදිහට කෙල්ලව කාමරේට දාල එලියට ආවා...

Soya " සුගා හදිස්සියක්ද මට කතා කලේ " 🤨

" ඔව් සෝයා....
රූහිව බ්ලැක්මේල් කරනව කව්රුහරි..
එයාව එලියට ගන්න හදන්නෙ...
ඔයා මං කියද්දි පස්සෙ ගේට් එක ගාවට යන්න "

Soya " ඊට පස්සෙ " 🤨

" අපේ ටීම් දෙකක් මම පාර හරස් කරල දම්මල තියෙන්නෙ... ඔයාට සීරීමක්වත් වෙන්න දෙන්නෑ... " 🤨

Soya " ඒක මම දන්නවා.. ඕකේ මම Redy වෙලා එන්නම්... "

" ඕකේ " 🤨

ගාර්ඩ්ල කාටත් රහසේම එහා මෙහා වෙලා ඉන්න අතරෙ සෝයා කාෆ් එකකුත් දාගන ඔලුව වහගන පස්සෙ ගේට් එක ගාවට ගියා..
සුගා ගේට් එක ගාව බැම්මට මුවා වෙලා බලන් උන්නෙ වෝකි ටෝකි එකත් කට ලඟ තියාගන...

සෝයා හිටගන ගේට් එක ගාව ඉන්නව දැක්ක ගමන් එහායින් නතර කරල තිබුන කැබ් එකක් එතනට ආවේ ඒ රූහි කියල හිතල...
කැබ් එක ආව ගමන්ම සෝයා සුගාට සිග්නල් එකක් දෙනවත් එක්කම සෝයා කා එකට නගින්න වගේ දොර ඇරියා...

ඒ අරිනකොටම ගේට් එක වට කරල ෆ්ලෑශර් වදිනවත් එක්කම ගාර්ඩ්ල එතනට දුවගන ආවේ සපත්තු වල අඩි ශබ්දය ශෝශාවක් වගේ වෙන තරමට හයියෙන්....

" අත් උස්සං බිමට බැහැපං... " 🤬

කාර් එකේ උන්නෙ කලු ඇඳගත්ත දෙන්නෙක්. ඒ දෙන්න හරිම අසරන විදිහට අත් උස්සගන එලියට බහිනවත් එක්ක ගාර්ඩ්ල අස්සෙන් ෆ්ලෑශර් අස්සෙ යූන්ගි එයාගෙ ඇස් දෙකත් හීනි කරගන එතනට ආවේ ඔක්කොම ලීඩ් කරගන.. පොලිස් කාර් වල නලා හඬත් රතු නිල් මාරු වෙන විදුලි ආලෝකයත් යූන්ගිගෙ ගමන තව ශක්තිමත් කලා....

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now