抖阴社区

??14?? ?.?.? ?? ??

Start from the beginning
                                    

ආමි හව්ස් එකට ඉස්සරහ තිබුන තට්ටු දෙකේ නිවස යූන්ගි තමන්ගෙ මුදලින් ඉදිකරවපු එකක්.. එයාල දැන් වෙනම පව්ලක්නෙ. යූන්ගි කා එක ගේට්ටුවෙන් ඇතුල් කරනකොටම වෙනද වගේ පැටිය දුවං ආවෙ නෑ...
මොකද උදේ රූහිට ටිකක් උන ගතියක් තිබුන කියල සුගා දැනන් උන්නනෙ..

එයා කාමරේට යද්දි රූහි බබාවත් තුරුල් කරං නිදි... පැටියනම් ඇහැරල අත් දෙකෙන් කකුල් දෙක අල්ලං පැද්දෙනවා....

පා... පා... ☺️

" ශ්ශ්... ඔම්මි ඇහැරෙයි මැනික... කෝ එන්න.. "

අවුරුදු දෙකක් විතර උන සුගාගෙ චූටි කුමාරයව අතට ගත්ත එයා පැටියව වඩාගන රූහිගෙ නලලට අත තියල බැලුවා...

රස්නෙයි... 😕

" පපා... චූචූ.... " 🥺

මගෙ මැනිකට කුක්කු ඕනිද ?? ඉන්න අප්ප හදල දෙන්නම්... ඔම්මිට උණනෙ....

සුගා කිචන් එකට ගිහිල්ල පැටියව එයාගෙ පුටුවට බස්සවල සුගා වතුර එකක් උනු කරල පැටියගෙ සූප්පුවට කිරි එකක් හැදුවා...
ඒක නිවෙන්න කූල් වතුර එකකින් තියල සුගා ආයම කාමරේට ඇවිල්ල රෙදි කෑල්ලකට ඕඩිකොලොන් දාල රූහිගෙ නලලින් තියල කිචන් එකට ආවා....

පැටියව හරහට අරගන පුටුවකින් වාඩි උන සුගා එයාට කිරි එක පොවන්න ගත්තෙ එහාට මෙහාට පද්ද පද්ද .....

ම්හ්... ම්ම්... යූන්ගි 🙄....

ගැස්සිලා වගේ ඇහැරුන රූහි නලලෙ තිබුන තෙත රෙදි කඩින් දැනගත්ත යූන්ගි ඇවිල්ල තමයි කියල...
එයා අමාරුවෙන් උනත් නැගිටල කිචන් එක දිහාට යද්දි යූන්ගි බත් එකක් ගහල පැටියට කිරි පොවනවා...

යූන්ගි 😊

රූහි යූන්ගි ලඟින්ම වාඩි වෙලා එයාගෙ උරහිසින් ඔලුව තියාගත්තම කොල්ලත් රූහිගෙ ඔලුව උඩට එයාගෙ ඔලුව තියාගත්තෙ හරිම සෙනෙහසින්....

" ගිහින් නිදාගන්න බබා මං බත් එකක් හදන්නම්... " 😊

" මං කරන්නම් යූන්ගි.. චූටි නිදිද ?? "

" ම්හ්.. කිරි බිව්ව විතරයි...
ඔයා ඉන්න මැනික. මං කරන්ම්... "

කෙල්ලව එතනම තියල පැටියව තොටිල්ලෙන් තියල සුගා එලවලු ටික කපල කොටල අරං කෑම ටිකක් හදල ගත්තා...

?.?.?  / ?? ??    ( ????????)Where stories live. Discover now