抖阴社区

part 02 ??

56 4 16
                                    

"අපි මේ බලන් හිටියේ අයියා එනකන්" සාලයේ අඩ අඳුරේ බලා සිටි අමරගේ කටහඬ මම හැදුනුවෙමි. විසි හැවිරිදි අමර ලාලනී මැණිකේගේ පුතා වන අතර ඔහු ළඟම බලා සිටියේ ඔහුගේ නැගණිය වන දොළොස්වන වියෙහි පසු වන නදුනියි.

"අනේ ධනුක අයිය එනකම් අපි බයෙන් හිටියේ." ඈ කීවාය.
ඔන්න අම්මා බත් පංගුවත් බෙදලා වහල තිබ්බා අමර හිඳ හිටි බිත්තියෙන් ඉවතට විත් මාගේ මල්ල උදුරා ගත්තේය .
"මොකක්ද අයියේ මේ ගඳ"
අමර ඇසුවේය.

ඔව් මල්ලි මාර වැඩක්නේ වුනේ මගදී එද්දි මගේ අතේ තිබ්බ ටෝච් එක වැටුනා. මම ඒක අහුලන්න බෑවුමේ තණගොල්ල අත ගෑවා. අතගාද්දී මට ජරාවක් අතේ ගෑවුනා. දැන් ගඳයි. ඔක්කොටම කලින් මේ අත හෝදගෙන ඉන්න ඕන.

"ඉතින් ටෝච් එක හම්බවුණාද අයියේ"
"ඔව් ඒක හම්බ වුණා. ඒත් දැන් ඒක පත්තුවෙන්නේ නෑ"

"කෝ දෙන්න බලන්න" අමර විදුලි පන්දම ගනිද්දී අපේ කතාබහ අසා ලාලනී මැණිකේත් ඇගේ ලොකු දුව
වර්නාත් සාලයට ආවේය.

විසි හතර හැවිරිදි වර්නා පසුගිය සතිය තුළ මා දුටු එතරම් කතා නොකරන ලැජ්ජාවෙන් පිරි තරුණියකි.එහෙත් අද රාත්‍රී මා මුහුණ පෑ අත්දැකීම් ගැන ඈ පෙර කිසි දිනක නොවූ ලෙස දොඩමළු උනාය . "ධනුකට තියෙන්නෙ කොළඹ යනකොට හන්දියට බයිසිකලයකින් යන්න .එතකොට රෑ ආපහු එනකොට ආයෙ ඒකෙම එන්න පුළුවන් "ඇය කීවාය.

"කොයි හරියෙදි ධනුක පුතේ ඕක වුනේ"

"වංගුව පහු කලාට පස්සේ දකුණු අත පැත්තෙ කන්දක් තියෙන්නේ අන්න එතනදි තමයි මං වැටුනේ.මට කවුද පැල් කවියක් කියනවත් ඇහුනා"මා කීපසු හැමෝගෙම වූයේ නිහැඬියාවකි.

"ඔය කියන තැන කොයින්ද පැලක්" ලාලනි මැණිකේ හඬ බර කොට කීවාය. "ඉස්සර නම් ඔතන පැලක් තිබ්බා අවුරුදු ගානකට කලින්. ඒ පැළ ඒ කාලෙම ගිනිබත්වුනානේ."

"එහෙනම් ඒ අයියගේ සිතලුවක් වෙන්න ඇති." අමරකීවේය.

"ඔතන එක එක කතා ගැන ගම්මු කියලා තියෙනවානේ අවතාරයක් තියෙනවා කියලා.කවුද බැසිලිස් කියලා "වර්නා අත්ල පිරිමැද ගත්තාය .මගේ ඇගේ හිරිගඩු පිපුණා.

?????? ( ??? ?????) Where stories live. Discover now