抖阴社区

part 18??

37 4 12
                                    


මේ සති අන්තයේ මට ගෙදරට යන්නට තරම් වත් ඇඟට ශක්තියක් නොතිබිණි. සිකුරාදා හවස් වන විට උණ බැස ගියද මාගේ ඇඟේ යම්කිසි තෙහෙට්ටු ගතියක් එකතු කර ගනිමින් බස්රියක නැගී කොළඹ නොයා යුතු බව ලාලනි මැණිකේ කීවාය. ඇත්තෙන්ම ගෙදර දී ලැබෙන තරමට සත්කාර මට නවාතැන්පලේදි ද ලැබිණ.....

බ්‍රහස්පතින්දාත්, සිකුරාදාත් දින දෙකේම අසලි මා බලන්නට ආවාය. ඒත් එදිනම ඇය පෙරළා ගියේ අමර සමඟිනි. ඇයට තනිවට කියමින් ගිය මේ ගමන්වලට ඔහු මගේ බයිසිකලේ ද රැගෙන ගියේය. සෙනසුරාදා උදේ වන විට මට උණ පහව ගොස් සුවය ලැබිණ. දවල් වරුවේ මට නාගන්නට කියා වර්ණා වතුර රත්කළ දුන්නේය .ඇය ද සුවයෙන් සිටිනු දැකීම මාගේ සිතට සතුටක් විය. පහුගිය දවස්වල සිදුවූ සිදුවීම්වලින් ඇයත් බොහෝ සේ පීඩා වින්දාය.

මටම කියා බන්ඩක්කා තෙම්පරාදුවකුත් හදා තිබුනද මම අනික් වෑංජනත් රස කරමින් කෑවෙමි. මගේ කෑම පිරිය ආදිය ද පෙර පරිදිම ඇති විය .

"අයියට උණ ගත්තෙ මොකකට හරි බය වෙලා නම් තමා" නදුනි විහිළුවටමින් කීවාය.

" නෑ නෑ ඕක කරගත්තෙ අපෙන් සාත්කාර ලබන්නට" වර්ණා කීවේ තමා ගෙලපැලැදි සුරය අතගාමිණි. ඇගේ ආරක්ෂාවට කියා ඇයට මේ අලුත් සුරේද ලැබී තිබිණ. ලෙඩ දුකින් තොර වූ ඇගේ මුහුණද නැවුම් බවකින් යුක්ත විය. මේ ගෙදර හැම දෙනාම දැන් සතුටකින් හැසිරෙන කතා කරන ආකාරය පැහැදිලිව දැක ගත හැකි විය.

උණ පහව ගිය මගේ සිරුරටද සැහැල්ලු දනවන සන්සුන් බවක් දැනුණි. මෙදින සවස් වරුවේ මගේ දුක සැප බලන්නට පැමිණියේ සේනකත්, බණ්ඩාරත්ය............... මා සති අන්තයේ මෙහිම රැඳෙන බව ඔවුන් දැනගෙන ඇත්තේ අසලිගෙනි. ඉස්තෝප්පුවෙන් පිටත කෙටි තාප්පයට බයිසිකල් හේත්තු කොට ආ ඔවුන් මා වෙනුවෙන් විස්කෝතු පැකට්ටුවක්ද ගෙනවිත් තිබිණ .

"මහත්තයා ලෙඩ වුණේ තොවිලේ නැටුවට පස්සේ. එහෙම හොඳද?" බණ්ඩාර ඇසුවේය. අපි තිදෙනා ඉස්තෝප්පුවට විත් කතාවට වැටුනෙමු.

"අසලි නෝනා මහත්තයා ගැන හරි කනස්සල්ලෙන් හැමතිස්සෙම කතා කලේ."බණ්ඩාර හෙළි කළේය. "සේනකට මං කිව්වා අපි ගිහින් බලලා එමු කියලා."

?????? ( ??? ?????) Where stories live. Discover now