抖阴社区

part 03??

62 5 19
                                    

වර්ණා සාදා දුන් තේ කෝප්පය බොමින් මා සාලයේ හිඳිද්දී අමර කොහෙදෝ ගමනක් ගොසින් විත් ගෙට ගොඩ වූයේය.ඔහු මගේ මුහුණේ වෙනස එක්වරම දුටුවේය.

"මේ මොකද අයියේ මූන හූරගෙන?"

"නෑ මොකුත් නෑ"

"මොකුත් නැතිවෙන්න බෑනේ මේ තියෙන්නේ"

"මුකුත් නෑ මල්ලි" කතාව වෙනතකට හරවන්නට මම සිතුවෙමි. "මල්ලි අර කියන්න ගියපු කතාව මොකක්ද?"

"මම කියන්න ගියේ බැසිලිස්ගේ ගෑණි සේමිනී ගැන කතාව.
මං එතකොට ගොඩක් පොඩී අයියේ. ඔන්න කසාද බැඳලා බැසිලිස් සෙමිනීව ගමට කැන්දගෙන ඇවිල්ලා .ලස්සන ගෑණු කෙනෙක්ලු.! මට යන්තම් වගේ මතක ඔන්න එක ළමයෙක් හම්බවෙලා තියෙනවාලු. ඊට පස්සේ ළමයා වදන්න ගිහින් තමයිලු ඒ අහිංසක ගෑණි මැරිලා තියෙන්නේ. මට මතකයි අපිත් ඒ මළ ගෙදරට ගිහින් හිටියා. ගමේ ගෑණු කිව්වේ පුතා ඔයා පරිස්සම් වෙලා ඉන්න දරුවො ලැබෙන්න ගිහින් මැරුණ ගෑනු බෝදිලිමා වෙලා එනවා කියලා"

"බෝදිලිමෙක් "මට ඉබේම කියවිනි.
ජයකොඩි කිව්වෙත් ඌ ගැන නෙමෙයිද?

"බෝදිලිමා? මල්ලි මොනවද ඌ ගැන දන්නේ?"

"ඔය ටික තමා .මං තව අහලා තියෙනවා උගේ බඩ ලොකුයිලු. බඩ දරු ගෑනියෙක් වගේලු. ඇස් දෙක ලොකුවට කඳුළු පිරිලාලු. උනහපුලුළුවෙක්ගේ වගේ රෑට දරු දුකට අඬනවලු. ළමයි ලැබෙන්නේ ගිහිල්ලා මැරුණු ගෑනුළු බෝදිලිමා වෙන්නේ"

එවිටම මට මතක් වුනේ කන්ද පාමුල පසුගිය රෑ මා දැක්ක දිලිසෙන දෑස......................

එවිටම මට මතක් වුනේ කන්ද පාමුල පසුගිය රෑ මා  දැක්ක දිලිසෙන දෑස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එවිටම ලාලනී මැණිකේ ගෙට ඇතුළු විය .අනේ බලන්නකෝ මේ පුතාගේ මූණ පහුරු ගාලානේ?කෝ බලන්න.
"මේකනම් හොඳ ලකුණක් නෙවෙයි"

?????? ( ??? ?????) Where stories live. Discover now